සිගිරිය බලන්න යන ඔයාලට local guest vehicle park එකේ ඉන්න පාදඩ වංචාකාරයන්ට අහු නොවී ඉන්න මේ කතාව උදව්වක් වේවි..
මම හස්බන්ඩ් එක්ක සීගිරිය බලන්න ගියා. මේ අපි දෙන්නගෙම පළවෙනි පාර. අපි ගියෙ අපේ වාහනෙන්. අපි local guest vehicle park එකෙන් වාහනේ දාන්න ගියාම එතන හිටපු පැතුම් කියන මනුස්සයා (මේ මනුස්සයා ගොඩක් ප්‍රසිද්ධයි වංචාකාරයෙක් විදිහට එතන) අපිට කිව්වා ගොඩක් දුර පයින් යන්න තියෙනවා, ඒත් වාහනෙන් යනවා නම් එතනට එක්ක ගිහින් අපි උඩට ගිහිං එනකන් වාහනේ බලාගෙන ඉඳලා ආයේ එන්න රු.2000ක් දෙන්න කියල. අපිත් මහන්සි නිසා ඒකට කැමති වෙලා මේ මනුස්සයා එක්ක ගියා.ඒත් මට ටිකක් අමාරු උන නිසා අපි සීගිරිය නැග්ගෙ නැහැ. පහළ ටිකක් ඉඳලා ආයෙම ආවා 30mnts වලින් වගේ. අපි වාහනේ දාලා ගියෙ ටිකක් සෙනග අඩුවෙන් ඉන්න තැනක. අපි එනකොට එතන කව්රුත්ම හිටියෙත් නෑ. පහළට ආවම පැතුම් කියන කෙනා 2000ක් බෑ 4000ක් ඕන කිව්වා එයා ගොඩක් වෙලා හිටියා කියලා. අපි දෙන්න බෑ කිව්වම ඒ මනුස්සයා අපිට තර්ජනය කරා මේක අපේ ගම මේකෙ හැමදේම වෙන්නෙ අපිට ඕන විදිහට වගේ දේවල් කියල. අනික ඒ මනුස්සයා ළඟ පිහියකුත් තිබුණා ඉනේ ගහලා. ඒකත් අපිට පේන්න වගේ එයා අත් දෙකත් උස්සලා තමයි ඒ දේවල් කිව්වේ. එතන කව්රුත් වැඩිය හිටියෙ නැති නිසා මාත් බය උනා හස්බන්ඩ්ට කරදරයක් වත් කරයි කියලා. ඒ නිසා 4000ම දෙන්න උනා. ඊට පස්සේ අපි එතන හිටපු security කෙනෙක්ට ඒක කිව්වම එයාලා කිව්වා entry එකක් දාන්න කියලා. ඒත් entry දාලා අපි ආයෙම එන්න ඕන ඔය මිනිස්සු ඉන්න ගමෙන් නිසා මම බයටම හස්බන්ඩ් එක්කන් ආවා. අනික එතකොට ටිකක් හවස් වෙලත් තිබුනෙ. ඒත් මම over the phone ඒ සිද්දිය complain කරා සීගිරිය පොලිස් පෝස්ට් එකට.ඒත් ඒකෙන් වැඩක් වෙයි කියල හිතෙන්නෙ නෑ එයාලා කතා කරපු විදිහෙන්.
මට කියන්න ඕන තනියම සීගිරිය යන අය මේ වගේ මිනිස්සු ගැන දැනුවත් වෙලා යන්න කියලා සහ මේ group එකේ මේ වෙනුවෙන් මොනවම හරි කරන්න පුළුවන් අයෙක් ඉන්නවා නම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. මේ වගේ මිනිස්සු ඔය වගේ තැන් වලින් අයින් කරලා දාන්න පුළුවන් නම් එහෙම දෙයක් කරන්න කියලයි මට ඉල්ලීමක් විදිහට කරන්න තියෙන්නෙ. ගොඩක් මහන්සි වෙලා අපි හම්බ කරන සල්ලි මේ වගේ පාදඩ වංචා කාරයන්ට දෙන්න උනාම ගොඩක් දුකයි.

Last edited: