සීගිරියේ_වගතුග
ඔන්න අද මම සිගිරිය ගැන විස්තර ටිකක් කියන්න කියලා හිතුවා..ඔන්න ඉතින් සිගිරි ගිහින් නැති අය එහෙම ඉන්නවා නම් මෙතනටවත් ඇවිත් බලා ගන්න සිගිරිය මොනවගේද කියලා..කාටවත් අපහාසයට එහෙම නෙමේ මම එහෙම කිව්වේ හරිද..විස්තර කියවල හොඳයි ද බලලා කමෙන්ට් එකක් එහෙම දාල යන්න....එහෙනම් දැන් කතා ඇති..අපි යමුකෝ කතාවට...

ශ්‍රිලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ තමා සිගිරිය පිහිටලා තියෙන්නේ..ක්‍රි.පූ.477-495 කාලයේ කාශ්‍යප රජතුමා විසින් තමා මේ සිගිරිය කියන ගල රාජධානියක් විදිහට දියුණු කරලා තියෙන්නේ..ඇයි කාශ්‍යප රජතුමා සිගිරිය රාජධානියක් විදිහට දියුණු කලේ..ඒක වුනේ මෙහෙමයි..කාශ්‍යප රජතුමාගේ පියා වුනේ ධාතුසේන රජතුමා..ධාතුසේන රජතුමාගේ පුතුන් දෙපල තමා කාශ්‍යප හා මුගලන්..ඉතින් වයසින් වැඩි වෙද්දි කාශ්‍යප තම පියාට තමාගේ දේපල ලියල දෙන ලෙස නිතරම ඇවිටිලි කරන්න ගත්තා..නමුත් ධාතුසේන රජතුමා එහෙම කලේ නෑ..ඉතින් ධාතුසේන රජතුමා මේ කරදරයෙන් බේරෙන්න බැරිම තැන දවසක් තමන්ගේ වස්තුව පෙන්නන්න කාශ්‍යප කැටුව එතුමා කරවූ කලා වැව ලඟට එක්කන් ගියා..එයින් දිය දෝතක් ගත් ධාතුසේන රජතුමා "මෙන්න මගේ වස්තුව " කියලා කාශ්‍යප හට පැවසුවා..මින් කෝපයට පත වන කාශ්‍යප තම පියා මේ කරන්නේ බොරුවක් කියා සිතනවා..පියාගේ සියලු වස්තුව තම මල්ලිට දෙයි යන හැගීම පහල වෙනවා..ඉතින් කාශ්‍යප තමන්ගේ වස්තුව හොඳින් හෝ නරකින් ගැනීමට සිතා ගන්නවා..එහිදී තම පියාගේ සෙනෙවියකු වූ මිගාර හා හොර රහසේ එක්වී තමා පියා සිර කර බලය ලබා ගන්නවා..එසේ බලය ලබා ගන්නා කාශ්‍යප රජතුමා පසුව පියාව මරා දමනවා..මෙම සිදුවීම් වලට බය වන මුගලන් තමාටත් මෙම ඉරණම අත්වේ යයි යන සැකෙන් දකුණු ඉන්දියාවට පලා යනවා..මෙසේ පලා යන මුගලන් ගැන කාශ්‍යප බය වෙනවා..ඒ කොයි මොහොතේ හෝ තම සහෝදරයා පියා මැරූ පලිය තමාගෙන් ගන්නවා කියලා..ඉතින් එම නිසා මුගලන්ගෙන් බේරීමට කාශ්‍යප සියලු ආරක්ෂක විදිවිදාන සමග සියලු සැප පහසුකම් සහිතව සිගිරිය රාජධානියක් ලෙසට නිර්මාණය කරනවා..සිතු පරිදිම ක්‍රි.පූ 495 දී උගලන් තමා සේනාව සමග පැමිණ කාශ්‍යප හා සටන් කරනවා..එම සටනේ පරාජය තමන්ට උරුම වන බව දැන ගන්නා කාශ්‍යප සිගිරි ගලෙන් පහලට පැන සියදිවි හානි කර ගත් බව තමා පැවසෙන්නේ..ඔහොම තමා සීගිරියේ කතාව සිදු වුනේ..බලන්නකෝ එහෙනම් මේ ෆොටෝ ටිකත්....

සිගිරිය ගුවනට දිස් වන ආකාරය.
සිගිරිය බලන්න යන විට පෙන්නේ මෙහෙමයි..මෙහිදී ආරක්ෂාවට ඉදි කරපු දිය අගල්,පොකුණු එහෙම අපිට බලා ගන්න පුළුවන්.
මුලින්ම හමුවෙන්නේ අපිට කැටපත් පවුර..ඔයා රවුමට පඩිපෙලක් තියෙන්නේ..එතනින් තමා සිගිරි චිත්‍ර බලන්න යන්නේ..
මේ තියෙන්නේ සිංහ පාදය..මෙතනින් තමා අපි හරියටම සිගිරිය නගින්න පටන් ගන්නේ...
මේ තියෙන්නේ අපි යන පඩිපෙළවල් තමා..

සිගිරිය උඩට ගියාම මෙහෙමයි..දැනට පවතින නටබුන් පෙනෙන්නේ..
ගල් ආසනයක්
සිගිරිය උඩට ගියාම අපි ආපු පාර පෙන්නේ මෙහෙමයි..
නයි පෙන හැඩය ගත් ගල.
ලෝක ප්‍රසිද්ද සිගිරි චිත්‍ර...
දිය අගල් සහ නාන පොකුණු..
ඔන්න ඔහොම තමා සිගිරිය කියන ලෝකයා පුදුමයට පත් කරපු ලෝකයේ අට වන පුදුමය ලෙස හැදින්වුණු සිගිරිය බිහි වුනේ..මේ සේරම කරුණු මම හොයා ගත්තේ නෙට් එකෙන්..ඔයාලත් බලලා අඩු පාඩු තියෙනවනම් කියන්න..තව එකතු වෙන්න දේවල් එහෙම..පෝස්ට් එක හොඳයි නම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා....

Last edited: