මම නම් හිතෙන්නෙ ඔය ගල ඇතුලෙන් මොන ලබ්බක්වත් නෑ. උඩ නම් මාළිගාවක් තියෙන්න ඇති. කොහොමත් මුගලන් ඉන්දියාවට ගිහින් සෙට් එක අරන් ඇවිත් ගහයි කියන බයට කාශ්‍යප ලොක්කා ඕකට වෙලා ඉන්න ඇති. සමහරවිට පොර බිමට බහින්නත් නැතුව ඇති. නැත්නම් දෝළාවකින් එන්න ඇති. උඩ උනත් සෑහෙන ලොකු ඒරියා එකක් තියෙනවානෙ. අනික බිමට බැස්සා කියලත් මොකෝ රට රටවල සවාරි යන්න එක එක තැන්වල ගිහින් විනෝද වෙන්න තිබ්බෙ නෑනෙ ඒ කාලෙ. රජාගෙ ආතල් ඔක්කොම තිබ්බෙ මාළිගාවෙ.
රජ කාලෙට කලින් මෑත ඉතිහාසෙ බැලුවත් ගොඩක් මිනිස්සු තමුන්ගෙ ගම් පළාත්වලින් පිට වැඩිය ඇවිදලා නෑ. ඇවිදින්න උවමනාවක් තිබිලත් නෑ.
ඔය මහා ගල් පර්වතයක් අවුරුදු කීපෙකින් විදින්න තරම් තාක්ෂණයක් තිබ්බා කියලා හිතන්න අමාරුයි.