හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

PASAN147

Well-known member
  • Oct 19, 2006
    789
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය | 2025-05-21 බදාදා
    අද ඔෆිස් නිවාඩුවක් අරන් තිබ්බා පොඩි වැඩ කීපයකට.. කොළඹ කොටුවේ ගිහින් හිටියෙ.. ඉතින් ඊට පස්සේ කොහෙ හරි යන්න හිතුනා. කලින් සැලසුම කරලා තිබුනෙත් නෑ.. හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පැත්තේ යන්න හිතුවා. කොටුව රේල්වේ ස්ටේශමට ගිහින් ගම්පහට රු.80 ක ටිකට් ගත්තා. එවෙලේ යන්න තිබ්බ කුරුනෑගල යන මන්දගාමි කෝච්චියට නැග්ගා. පැයකින් පස්සේ ගම්පහ ස්ටේශමෙන් බැහැලා. එතන කඩේකින් කෙටි කෑමකුත් කාලා, ගූගල් මැප් බැලුවා. එතන ඉදලා ගාඩන් එකට කි.මි 1.2 ක් විතර පෙනුන නිසා බස් එකක නොයා වටපිට බල බල පයින්ම මල්වත්තට ගියා. මීට අවුරුදු 10 කටත් කලින් මම මෙහෙට ඇවිත් තියනවා.... ටිකට් කවුන්ටරෙන් රු.236 ක ටිකට් එකක් අරන් උයන ඇතුලට ගිහින් ඇවිදින්න පටන් ගත්තා. මුලින්ම ලංකාවේ මුල්ම රබර් ගස තිබ්බ තැන බලා ගන්න පුලුවන්.. දැන් නම් ගහ නෑ.. 1988 දි විනාශ වෙලා. මුල් කොටසක් පේන්න තියනවා. ගස් , පැලෑටි, මල් පැල වලින් පිරුනු උයන පුරාම මම ඇවිද්දා.. ළමයින්ට සෙල්ලම් කරන්න ඔන්චිලි ආදී දේවල් තියන කොටසකුත් තියනවා... වාඩි වෙලා ඉන්න තැන් ගොඩක් තියනවා.. හංස බෝට්ටු පදින්න, ලස්සන පොඩි වැවකුත් මෙහි තියනවා. ගෘහස්ථ මල් පැල ඇති ස්ථාන ඇතුලු ලස්සන දේවල් ගොඩක් තියනවා. ගොඩක් කපල් තමයි එන්නෙ... එත් පවුලේ සැමට බලන්න පුලුවන් දවස ගත කරන්න හොද තැනක්...පැය 2 ක් විතර ඇවිදලා මම පාරට ඇවිත් මිගමුවේ ඉදලා එන බස් එකක ඇවිත් ගම්පහ ටවුමට ආවා. ගම්පහ-මිනුවන්ගොඩ පාරේ යන ඕන බස් එකක, ගම්පහ ඉදලා (රු.30) මෙතනට එන්න පුලුවන්...ඉතින් මම ටවුමෙන් දවල්ට කෑම කාලා. කොළඹ යන 200 බස් එකේ ඇවිත් කිරිබත්ගොඩට ඇවිත් ගෙදර අවා.

    .
    මේ උද්‍යානයේ සුන්දරත්වය බලන්න.. මේ කෙටි වීඩීයෝව බලන්න..



    * පසුගිය සියලුම සංචාරයන් බලන්න Index >>>

    .
    1876 වසරේ දී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මෙම උද්‍යානය, රබර් වගා කිරීම සඳහා හදලා තියෙන්නෙ.. 19 වැනි සියවසේ හිටවපු ගස් කිහිපයකුත් තාම මෙහි තියනවලු. අක්කර 43 ක් විතර විශාල උද්‍යානයක්.. විශේෂ වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිම රබර් ගස රෝපණය කළේ මෙම උද්‍යානයේ..
     

    nidarsha91

    Well-known member
  • BGM පාවිච්චි කරද්දි තව ටිකක් හිතනවද මචන්? මොකද එහෙම වුණා නං ඇත්තටම වීඩියෝ එකේ වටිනාකම වැඩි කරගන්න පුළුවන්. මොකද මම අවුරුදු 13ක් විතර අතීතෙට ගියා උඹේ වීඩියෝ එකෙන්. දවස් කීපයක් ඒලෙවල් ක්ලාස් තිත්ත වෙලා උන්න කාලෙ දුෂ්‍යන්ත සර්ගෙ මොන්ටානා හරි ඔරියෙන්ටල් හරි ඉන්ටවල් එකේ මම ගිහිල්ලා පාක් එකේ ඇවිදිනවා තනියම මනෝ පාරක් ගහගෙන. ඒ වයිබ් එක උඹේ වීඩියෝ එකේ මුල් හරියෙ හොඳටම දැණුනා. තාම බයිසිකලෙ යන සික්කා අන්කල් එනවද මචන්? ලේක් එකක් තියෙන්නෙ කොයි හරියෙද?
     
    Last edited:

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    789
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    පාවිච්චි කරද්දි තව ටිකක් හිතනවද මචන්? මොකද එහෙම වුණා නං ඇත්තටම වීඩියෝ එකේ වටිනාකම වැඩි කරගන්න පුළුවන්. මොකද මම අවුරුදු 13ක් විතර අතීතෙට ගියා උඹේ වීඩියෝ එකෙන්. දවස් කීපයක් ඒලෙවල් ක්ලාස් තිත්ත වෙලා උන්න කාලෙ දුෂ්‍යන්ත සර්ගෙ මොන්ටානා හරි ඔරියෙන්ටල් හරි ඉන්ටවල් එකේ මම ගිහිල්ලා පාක් එකේ ඇවිදිනවා තනියම මනෝ පාරක් ගහගෙන. ඒ වයිබ් එක උඹේ වීඩියෝ එකේ මුල් හරියෙ හොඳටම දැණුනා. තාම බයිසිකලෙ යන සික්කා අන්කල් එනවද මචන්? ලේක් එකක් තියෙන්නෙ කොයි හරියෙද?
    මමත් ගම්පහ ක්ලාස් යද්දි ගිහින් තිබ්බා. ගොඩක් කාලෙකින් මීට මාස කීපයකට කලින් තනියම ගියෙ. ලේක් එක පාක් එකේ පිටුපස්සෙම තියෙන්නෙ. අත්තනගලු ඔයට මායිම්ව වගේ.. අන්කල් කෙනෙක් ගැනනම් දන්නෙ නෑ..
     

    nidarsha91

    Well-known member
  • මමත් ගම්පහ ක්ලාස් යද්දි ගිහින් තිබ්බා. ගොඩක් කාලෙකින් මීට මාස කීපයකට කලින් තනියම ගියෙ. ලේක් එක පාක් එකේ පිටුපස්සෙම තියෙන්නෙ. අත්තනගලු ඔයට මායිම්ව වගේ.. අන්කල් කෙනෙක් ගැනනම් දන්නෙ නෑ..
    බොහොම ස්තූතියි මචන්
     
    • Like
    Reactions: NRTG and PASAN147

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ඕවා බලන්න දැන් මිනිස්සු යන්නේ නැද්ද බන් ?? වීඩියෝ එකේ මිනිස්සු ඉන්නේ සෑහෙන්න අඩු වෙන්නෙ ?? ටිකට් අදායමින් ඕක පිහිදන්න කොහු / ඉදල් ටිකවත් ගන්න පුලුවන්ද මන්ද. :ROFLMAO:
     

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    789
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    ඕවා බලන්න දැන් මිනිස්සු යන්නේ නැද්ද බන් ?? වීඩියෝ එකේ මිනිස්සු ඉන්නේ සෑහෙන්න අඩු වෙන්නෙ ?? ටිකට් අදායමින් ඕක පිහිදන්න කොහු / ඉදල් ටිකවත් ගන්න පුලුවන්ද මන්ද. :ROFLMAO:
    මම මේ සතියේ දවසක උදේ ගියේ. සෙනග නෑ. කපල් නම් ගොඩක් හිටියා අස්සවල් වල. කපල් අහු නෙවෙන්න වීඩ්යෝ කලේ.. සති අන්තවල තමයි ෆැමිලි එන්නෙ
     
    • Like
    Reactions: NRTG