2021 ජුනි 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට සීනි ආනයනය කිරීම අත්හිටුවන බව ආනයනය අපනයන පාලක දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව දැනට ඇනවුම් කර ඇති, එහෙත් මෙතෙක් නැව්ගත කර නොමැති සියලුම සීනි තොග මෙරටට රැගෙන ඒම තහනම් වී ඇත. මේ වනවිට එසේ බලපත්‍රලාභී ආනයනකරුවන් 40 දෙනෙකු විසින් ඇනවුම් කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 200,000ක් පමණ වන බවත් සඳහන්.
සීනි ආනයනය කිරීම අත්හිටුවීමට මූලික හේතුව වී ඇත්තේ ඩොලර් සංචිත හිඟය බව ආරංචිමාර්ග සඳහන් කරන අතර දැනටමත් රට තුළ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සීනි තොග ඇතැයි ආනයන අපනයන බලධාරීන් රජයට දැනුම් දී ඇති බවත් වාර්තා විය.
කෙසේවෙතත් සීනි ආනයනය අත්හිටුවීමේ තීරණය ප්‍රසිද්ධියට පත්වීමත් සමගම පිටකොටුවේ ඇතැම් තොග වෙළඳුන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 6.00 කිනුත් රතු සීනි කිලෝවක තොග මිල රුපියල් 10.00 කිනුත් ඉහළ නංවා තිබිණි.