සීනි කන්න කලින් මේ ගැනත් හිතන්න…

May 2, 2012
20
2
3
සීනි කන්න කලින් මේ ගැනත් හිතන්න…

ඔන්න මාස ගානකට පස්සේ තමයි සිංහල බ්ලොග් එකට post එකක් add කරන්නේ… ඒ මොකද කියල කිව්වොත් මේ දවස් වල මම වැඩිපුර බරක් දීල කරන්නේ මගේ English බ්ලොග් එක. ඒ මොකද කියලත් කිව්වොත් කට්ට කාගෙන කඩ්ඩෙන් බ්ලොග් එක කරගෙන යන්නේ adsense ගන්න බලාපොරොත්තුවෙන් තමයි ඉතින්. වෙන මොකටද නේ English වලින් බ්ලොග් එක කරන්නේ!!! ඔන්න අපි අද මාතෘකාවට එමු!!! හැබැයි අද නම් කියන්න යන්නේ wordpress ගැනවත් blogger ගැනවත් නෙවෙයි!!! අද කියන්න යන්නේ තමන්ගේ ජීවිතයට යමක්… මෙකියන්න යන දේ මම දැනගත්තෙත් මේ ලඟදි!!! ඉතින් මම දැනගත්ත දේ ඔයාලටත් කියල ඔයාලත් දැනුවත් කරන එක තමාම මගේ යුතුකම!!!
2014-1008-ej-white-sugar-620x400.jpg


එහෙනම් අපි topic එකට බහිමුකො!!! සුදු සීනි!!! අපි කවුරුත් පාවිච්චි කරන්නේ සුදු සීනි තමයි… මම හරි නෙහ්!!! මොකද අපි දුඹුරු සීනි පාවිච්චි කරනවා ගොඩාක් අඩුයි!!! මොකද, දුඹුරු සීනි වල පාට අපිට එච්චර අල්ලන්නේ නැහැ!!! අනිත් එක තමයි දුඹුරු සීනි සුදු සීනි වල වැඩ පොඩ්ඩක් ගානින් වැඩියි!!! ඔන්න ඔය හේතු නිසා අපි දුඹුරු සීනි කන්නේ නැහැ. නමුත් අපෙන් බහුතරයක් ය දන්නේ නැහැ සුදු සීනි කියන්නේ රසායනික ක්‍රියාවලියකට භාජනය වෙච්ච දෙයක් කියන එක… සුදු සීනි කියන්නේ, sulphur dioxide කියන chemical එක පාවිච්චි කරලා දුඹුරු සීනි සුදු කලාට පස්සේ ලැබෙන දෙයයි.
අපි ඉස්සෙල්ලාම බලමු Sulphur dioxide තියෙන කෑම කෑවාම අපේ ඇඟට තියෙන අනිසි ප්‍රතිපල මොනාද කියල!!!
Sulphur dioxide ආශ්‍රිත කෑම ආහාරයට ගැනීම තුලින් අපේ පෙනහැල්ලේ තියෙන වාමඟ (airways) පටු වීමක් සිදු වෙනවා… ස්වසන මාර්ගයේ, නහස් කුහරයේ සිට අනුක්ලෝම (bronchioles) දක්වා තෙත් ආකාරයෙන් තබා ගනු ලබන්නේ මතුපිට ආලේප වී ඇති සොටු( mucus) තට්ටුවකිනි… සොටු, පෙනහැල්ලේ සිට ප්‍රවාහනය වීමේ කියාවලිය හම්දුන්වනු ලබන්නේ “mucociliary transport” යන නමිනි. විවිද ස්වාසනාල පිලිබඳ රෝග වන ස්වාසනාල ආශ්‍රිත ඇදුම රෝගය, cystic fibrosis වැනි රෝග ඇතිවීමට ප්‍රධාන හේතු වන්නේ මෙම සොටු දියරය ඉවත් වීම හා sulphur dioxide ගැබ් වී ඇති ආහාර, අහාරයට ගැනීමයි!!!
Sulphur dioxide නිසා බිහිවන acid නිසා කැස්සේ ඇලෙන ගතියක්ද ඇතිවීම හේතු වේ!!! මේ හේතුවෙන්, ඇදුම සහිත රෝගීන්ට ඔවුන්ගේ වාත මාර්ගයේ ඇතිවන කැස්ස පිට කිරීමට ඉතා අපහසු වනු ඇත!!! Sulphur dioxide, ආසාත්මිකකාරකයක් ලෙස නම් කර ඇති අතර ඒ මගින් සමහර පුද්ගලයින්ගේ ශරීරයේ යම් යම් ප්‍රතික්‍රියා ඇති වීමටද ඉඩ කඩ ඇත…
sulphur, සීනි වල ගැබ් වී ඇත්තේ sulphur dioxide ආකාරයෙනි!!! සුදු සීනි හා සීනි ආශ්‍රිත ආහාර වල suphur dioxide ගැබ් වී ඇත…
1362279755_brown-sugar.jpg



අපි භාවිතයට ගන්න කිසිම සීනි packet එකක ගහල තියෙනවද sulphur free කියල… නැහැනේ!!! ඒ කියන්නේ ඒවගේ sulphur තියෙනවා… ඉතින් හොදම දේ තමයි වස විස නැති ස්වභාවික දුඹුරු සීනි භාවිතයට ගන්න එක… එහෙනම් අද ඉඳන්වත් කට්ටිය සුදු සීනි භාවිතයට ගන්න එක අතැරලා දුඹුරු සීනි භාවිතයට ගනියි කියල මම හිතනවා… එහෙනම් මම ගියා… එහෙනම් කට්ටියට නීරෝගී අනාගතයක්…

Source – http://si.trickslk.com/%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84/
Read more – http://goo.gl/6IdvmG
 
  • Like
Reactions: Silly point

Similar threads