සීනි තොග නීති විරෝධිව ගබඩා කළ හෝ සඟවා ගැන තිබූ සීනි තොග නොවේ ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිසි ලියාපදිංචියකින් තොරව ගබඩා තුළ සඟවා ගෙනසිටි බව කියා පසුගිය දිනවලදී සීනි තොග අත්අඩංගුවට ගත් බව පැවසුවා. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා කියා සිටියේ වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව ඒ බව අනාවරණය වී තිබූ බව සඳහන් කළා. කෘතිම සීනි හිඟයක් රට තුළ ඇති කර, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහළ මිලකට සීනි අළෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකිව තිබුණා.

    මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි 2021-08-30 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කළේ මෙම තත්වය මතයි.

    ඒ යතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා බලතල ඔහු වෙත ලබාදීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තා.

    පත්කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වර විසින්, එතෙක් සඟවා තිබූ බව කියන සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදු කර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බවද පවසා තිබුණා. පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් විසින් ලබාදුන් තොරතුරු අනුව දෛනිකව කළ මෙම වැටලීම් සීනි සඟවා ගෙන සිටි බව ව්‍යාපාරිකයන් අධිකරණය ඉදිරියට ගෙන එන බවයි වාර්තා වුනේ.

    එහෙත් මේ වන විට අනාවරණය වන්නේ එම සීනි තොග නීති විරෝධිව ගබඩා කළ හෝ සඟවා ගැන තිබූ සීනි තොග නොවන බවයි. ඒ අනුව කිසිඳු බාධාවකින් තොරව එම සමාගම් වෙත එම සීනි ගබඩා පවත්වාගෙන යාමට අවසර දීම අද සවස් වන විට සිදු කරන බවයි වාර්තා වන්නේ. මෙතෙක් එම ගබඩා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිඳු චෝදනාවක් එල්ල කිරීමට නීතිමය පදනමක් නොමැති බවයි කියන්නේ.

    මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විමසූ විට පවසා සිටියේ “දැනට අපිට කිසිවක් කියන්න බැහැ. දැනටමත් මේ ගැන සාකච්ඡාවක් පැවැත්වෙනවා. අද හවස අපේ රාජ්‍ය ඇමතිතුමා මේ ගැන ප්‍රකාශයක් කරයි” යනුවෙන්. එම විෂයබාර රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ලසන්ත අලගියවන්න මහතායි.

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    සීනි කිලෝ එකකට අය කරන බද්ද රැපියල් 50යි. හැබැයි ඔක්තෝබර් 14 වෙනිදා ඒ බද්ද රැපියල් 50හේ ඉඳන් සත 25ක් දක්වා අඩු කරනවා,

    එහෙම කරේ පාරිභෝගිකයන්ට සහනයක් දෙන්න කියලා තමයි රජයෙන් කිව්වේ. ඒ වෙනකොටත් ගබඩා වල සීනී මෙට්‍රික් ටොන් 88,000කට ආසන්න ගාණක් තියෙනවා, බදු අඩු කරාට පස්සේ මෙට්‍රික් ටොන් 584,000ක් ආනයනය කරනවා.

    ☑️ ලංකාවට මාසෙකට අවශ්‍ය සීනී ප්‍රමාණය = මෙට්‍රික් ටොන් 35,000 යි.

    ☑️ බද්ද අඩු කරාට පස්සේ ගෙනාව සීනි ප්‍රමාණය = මෙට්‍රික් ටොන් 584,000

    ☑️ බදු නැතුව ගෙනාව සීනි වලින් රටේ පාරිභෝජනට සපුරන්න පුළුවන් කාළය = මාස 16යි.

    * වරායට ගොඩබාන සීනි කිලෝ එකකට ගහන බද්ද සත විසි පහයි, කඩේට ගිහින් සීනි කිලෝ එකක් ගන්නකොට රැපියල් 200ත් පැනලා. එහෙම කොහොමද වෙන්නේ ?

    * සීනී හිඟයක් ඇති කරන්න ආනයනකාරයෝ සීනී හංගන් ඉන්නවා හොයාගන්නේ එක මාධ්‍ය ආයතනයක්. සීනි ගොඩබාන්නේ වරායටනම්, ගේන ප්‍රමාණ, කවුද ගෙනාවේ, කොහෙටද ගෙනිච්චේ කියලා තොරතුරැත් දන්නවනම් ඇයි මාධ්‍ය සංදර්ශන තියන්නේ ?? පොලීසියේ සාජන් මහත්තයෙක්ටත් හොයන්න පුලුවන් Details ඇයි වටේ යවන්නේ ?

    අනික වැටලුවට පස්සෙත් සීනි දෙන්නේ 130ටනම්, ඒත් ගෙනාපු උන්ට කොයිතරම් ලාභයිද ? බද්ද තියෙන්නෙත් සත විසි පහයි 😂

    මට හිතෙන්නෙම මේක සංදර්ශනයක් කියලමයි.

    අපි බදු අඩු කරලා දෙන්නම් උඹ ගෙනෙන්, හෙනල්ලා Shortage එකක් හදලා සීනි නග්ගමු 200යට, පස්සේ දන්න චැනල් එකකට කියලා වටලවමු ( රජයට ලකුණු ) පස්සේ 130ට දෙමු ( ඒත් පට්ට ලාභයිනේ )..

    ආණ්ඩුවත් ගොඩ, මිනිස්සුත් සිඟිති ආතල් එකක් ගත්තා, ගෙන්නපු එකාටත් පට්ට ලාභයි..

    #යතාර්ථය ඕක වෙන්න ඕන #Reality
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    237288796_3292552707536333_2968067204148663973_n.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Pretty soon the ration books will be back. There will be 500g of Sugar per member the household per month. Later on, Rice, Dhal and up to 2m of trouser material per six months will follow. Grow Cowpea, Sorghum, Manioc, Yams etc if you want to survive. :P
    When you have a "Price Contol" the end result is ONLY signboard with the prices written across it but NO product available to purchase.:(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,224
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුං මහ තිරිසන්නු. උක හෝදන සෙට් එකට ත්‍රෙඩ් එකක් දාල වරු බාගයක් සතුටේ ඉන්න දෙන්නේ නෑ ලැජ්ජ කොරෝනෝ🤣🤣🤣
    ආයේ සතියකින් විතර මතූවෙයි🤣
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නීතිවිරෝදීව හන්ගල තිබ්බ සීනි මෙට්‍රික් ටොන් කීයක් අල්ලල රාජසන්තක කරලද?

    කීදෙනෙක්ට නඩුදාලද?

    රාජසන්තක කල සීනි රු 30ක් වගෙ මුදලකට අපිට ගන්න පුලුවන්ද

    මේක යාලුවො යාලුවන්ගෙ ස්ක්‍රිප්ට් එකක් නෙවෙ නේද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,953
    113
    එකමත් එක රටක
    ඕකනේ ඉතින් කිව්වේ කලින්.

    ලංකාවේ උන්ට තේරෙන්නේ නෑ ඕවා අසාමාන්‍ය ලෙස ගොඩ ගහන්න නම් මොකටද ඔච්චර ලොකු ගබඩා කියලා.
    ඔහොම තමයි ඉතින් වෙන්ඩත් ගබඩා කරන්නේ. සිනී කිලෝ එකක් ගන්න සාමාන්‍ය මනුස්සයට ආනයන කරන එකා ලග තියන සිනි ගබඩාව පෙන්නලා උකුස්සා CIA වගේ ටෝක් දුන්නම හිතන්නේ උන් හන්ගන් ඉන්නව කියලා. 🥱
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,953
    113
    එකමත් එක රටක
    ඕක තනිකර මිත්‍ර සිනි ආනයන කරුවෝ එක්ක කතා වෙලා සතියකට දෙකකට බොරු රු 50 - 100 ක මිල වැඩි කිරීමක් ඇති කරලා ජනතාවගෙන් ඉක්මනට එකතු කරගත්ත බදු මුදලක්. 🥱 අපේ උන් හිතන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා සිනි පාලනය කරා කියලා.
    උන්ම තමයි වැඩි කරෙත් මම නම් කියන්නේ.
    රාජ්‍ය සේවකයෝ ටිකට පඩි ගෙවන්නත් ඕන නේ..