නිසි ලියාපදිංචියකින් තොරව ගබඩා තුළ සඟවා ගෙනසිටි බව කියා පසුගිය දිනවලදී සීනි තොග අත්අඩංගුවට ගත් බව පැවසුවා. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා කියා සිටියේ වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව ඒ බව අනාවරණය වී තිබූ බව සඳහන් කළා. කෘතිම සීනි හිඟයක් රට තුළ ඇති කර, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහළ මිලකට සීනි අළෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකිව තිබුණා.
මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි 2021-08-30 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කළේ මෙම තත්වය මතයි.
ඒ යතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා බලතල ඔහු වෙත ලබාදීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තා.
පත්කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වර විසින්, එතෙක් සඟවා තිබූ බව කියන සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදු කර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බවද පවසා තිබුණා. පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් විසින් ලබාදුන් තොරතුරු අනුව දෛනිකව කළ මෙම වැටලීම් සීනි සඟවා ගෙන සිටි බව ව්‍යාපාරිකයන් අධිකරණය ඉදිරියට ගෙන එන බවයි වාර්තා වුනේ.
එහෙත් මේ වන විට අනාවරණය වන්නේ එම සීනි තොග නීති විරෝධිව ගබඩා කළ හෝ සඟවා ගැන තිබූ සීනි තොග නොවන බවයි. ඒ අනුව කිසිඳු බාධාවකින් තොරව එම සමාගම් වෙත එම සීනි ගබඩා පවත්වාගෙන යාමට අවසර දීම අද සවස් වන විට සිදු කරන බවයි වාර්තා වන්නේ. මෙතෙක් එම ගබඩා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිඳු චෝදනාවක් එල්ල කිරීමට නීතිමය පදනමක් නොමැති බවයි කියන්නේ.
මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විමසූ විට පවසා සිටියේ “දැනට අපිට කිසිවක් කියන්න බැහැ. දැනටමත් මේ ගැන සාකච්ඡාවක් පැවැත්වෙනවා. අද හවස අපේ රාජ්‍ය ඇමතිතුමා මේ ගැන ප්‍රකාශයක් කරයි” යනුවෙන්. එම විෂයබාර රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ලසන්ත අලගියවන්න මහතායි.

alluwata passe aru call karanna athi , macahan mage seeni tamai allala tiyenne kiyala