මතකද ඒ කාලේ ටොයියෝ ට්‍රයි කලා මහ බෑන්කුවේ හොරකමක් වුනේ නෑ කියන්න. අර බනානා සුජියා පොතකුත් ලිව්වේ. ඒ වගේම සීන් එකක් තමා මේක. මේක තමාලු දකුණු ආසියාවේ ලොකුම බදු වන්චාව. ඊට කලින් කප් එක ගහලා තිබ්බේ වෑට් බදු වන්චාව..
සරලව කිව්වොත් මෙහෙමයි. ඔයා සීනී පට්ට තොගයක් ගෙනල්ලා වරායේ ගුදම් වල ගොඩ ගහනවා. ඔයා මොකුත් නොදන්න බබෙක්. ඒත් ඔයා ගෙනල්ලා තියෙන්නෙ ඊට කලින් කවදාවත් ගෙනාපු නෑති තරම් සීනී තොගයක්. ඉතින් ඔයාගේ වාසනාවට ඒ වෙලාවෙම රටේ ආන්ඩුව සීනී වලට ගහපු බද්ද සත විසිපහට අඩු කරනවා. ඉතින් ඔයා බබා නේ. මගේ වාසනාව කියලා සොච්චම් බද්දක් ගෙවලා සීනී ටික නිදහස් කරනවා. අනේ දෙන දෙයියෝ අතටම දෙනවා කියලා මෙන්න ආන්ඩුවෙන් ආයේ සීනි වල බද්ද රුපියල් පනහා කරනවා. ඉතින් ඒ අහින්සකයා මොනවා කරන්නද එක කිලෝ එකකට රුපියල් 49.75 ක ලාභයක එක පාරටම ඔඩොක්කුවට වෑටෙනවා. දෑන් එතකොට මේ වෑඩි වුන මුදල ගෙවන්නේ ලන්කාවේ මහජනතාව.. කාටද ගෙවන්නේ? අර මොකුත් නොදන්න අහින්සක වාසනාවන්ත තොත්ත බබාට..ආච්චිගේ රෙද්ද