ඇයි මේ ඉන්නේ කොන්දක් තියෙන නායකයෙක්... අත්මේස් ගලවලා අතට අත දුන්න ෆොටෝ එක , රාමු කරලම පොරට දීලා... උදේ හවස මල් තියලා වදියි දැන්... රැජිනගේ වහල්ලු.... තුහ්..
![]()
වසර හැට තුනක් හෙවත් මහා බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් කිරුල දැරූ දෙවන එලිසෙබත් රැජනගේ ඔටුනු පැළැඳවීමේ සංවත්සර සමරුවක් පසුගිය බ්‍රහස්‌පතින්දා සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණ. එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඡේම්ස් ඩෝරිස් මහතා විසින් සමරු පලකයක් පිරිනැමීය. ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී එලිසෙබත් රැජන සමග අතට අත දෙන දර්ශනය ඇතුළත් ඡායාරුපය එම සමරුව තුළ අන්තර්ගත විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්‌ථාවට සහභාගි විය.














