ගොං බයියො නොවී දැන්වත් ජේ.වී.පී වුනනං මේ කිසි කරදරයක් නෑ.
දැන් බලන්න අපි, හාල් නැති වුනාම ගමේ කුඹුරු තියෙන සහෝදරයාගෙ ගේ ඉස්සරහට ගිහිල්ල " සහෝ, හාල් හාල් හාල්" කිව්වම නොමිලේ හාල් කිලෝ පහක් දෙනව.
ඇඳුම් ඕන වෙලාවට හංදියෙ ශොප් එකේ සහෝ ලගට ගිහිල්ල "සහෝ, රෙදි රෙදි රෙදි" කිව්වම නොමිලේ ඔක්කොම ඇදුම් ටික දෙනව.
බිත්තර ඕන වෙලාවට කිකිළි ලඟට ගිහිල්ල "කිකිළි, බිජු බිජු බිජු" කිව්වම සුදු බිත්තර පහකුයි රතු බිත්තරේකුත් උණු උණුවෙන් දාල දෙනව.
පොඩ්ඩක් කල්පනා කරල බලන්න තවදුරටත් පොහොට්ටුව බදාගෙන විදෝනවද, නැත්නම් මාලිමාව වැලඳගෙන සත පහක් වියදම් නොකර බඩ පිරෙන්න කාල බීල ඇදල සැපෙන් ඉන්නවද, නැද්ද හා?