සීයා මිය යන විට තාත්තා ...

sk7cey

Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    සීයා මිය යන විට තාත්තා ...

    සීයා මිය යන විට තාත්තා සිටියේ ගමෙන් දුර බැහැර රැකියාවකට ගොස්ය...
    සීයා මියගිය පුවත කන වැකීමත් සමගම තාත්තා ඉතා ඉක්මනින් සැතැක්ම
    සිය ගනනක් ගෙවාගෙන ගෙදරට එන විට සවස තුන පසු වී තිබුනි..
    සීයාගේ ඉල්ලීම අනුව පැය විසි හතරක් යන්නට පෙර බූමදානය කරන්නට
    සියලු කටයුතු බාප්පා විසින් සැලසුම් කර තිබුන අතර පාංසකූලයට පෙට්ටිය
    එලියට ගන්නට පැය කාලක් පමන තියෙද්දී තාත්තා ගුරුපාර දිගේ දුවගෙන
    එනවා දුටු ගෙදර පිරිස සීයාගේ මිනිය අසලින් එහාට මෙහාට වී සිටියහ..

    ගෙට ගොඩ වූ ගමන් පෙට්ටියට බරවූ තාත්තා සීයාගේ මිනිය බදාගෙන
    අනේ මගේ තාත්තේ කියාගෙනම සිහිසන් නොමැතිව මුලින් කපා හෙලන ලද
    නාඹ තල් කඳක් ලෙසින් ඇත් දලයක්ද පෙරලාගෙන බිමට වැටුන පසු කට්ටිය
    එකතු වී තාත්තා ඔසවාගෙන වහනයකට දමා ලඟම ඇති හංදියේ ක්ලිනික්
    එකට ගෙන යන ලදී..

    තාත්තාට සිහි නැති වීම ගැන ආච්චී කීවේ පොඩි කාලේ ඉඳන්ම හුරතලේට
    හැදී සීයාගේ පොඩි පුතා ලෙස සිටි නිසා සීයාගේ මරනය දුටු තාත්තාට සිහි
    නැති වූ බවයි.. ඉස්කෝලෙ මහත්තයා කීවේ තාත්තාට සිහි නැති වූයේ
    අවසන් වරට තාත්තා ගමෙන් ගොස් අවුරුද්දක් පමන කාලයක් සීයා
    බලන්නට නොපැමිනි නිසාත් අවුරුද්දකට පසුව ගෙදර ආ ඔහුට දකින්නට
    ලැබුනේ සිය පියාගේ මෘත කලේබරය වීම නිසා ඇති වූ මානසික කම්පනය
    නිසා බවයි.. පාංසකූලය දී සිය කතාවේදී පංසලේ ලොකු හාමුදුරුවෝ පැවසුවේ
    තාත්තාට සිහි නැති වූයේ සසර පුරා බවයෙන් බවය මෙලෙස පතාගෙන ආ
    පිය පුතු සෙනෙහස දරාගන්නට නොහැකිව පියෝහි විප්පයෝගෝ නැමති දුක
    තාත්තාට දැනීම නිසා බවයි...

    එහෙත් තාත්තාට සිහිය ආපසු තාත්තා සමග කතා කර විස්තර අසාගෙන
    තාත්තා සමග මලගෙදරට පැමිනි දොස්තර මහතා පැවසුවේ තාත්තාට සිහි
    නැති වීමට හේතුව වූයේ සීයාගේ මිනිය වටේ පත්තු කර තිබු නිවෙන
    පත්තු වෙන දෙහි ගෙඩි වගේ බල්බ් වැලේ මීයෝ කාල තිබුන වයර්
    එකකින්, මිනිය බදාගන්නට ගිය තාත්තාට කරන්ට් එක වැදීම බවයි...

    ධනුෂ්ක කාංචන ජයවීර

    උපුටාගැනීමකි
    https://www.facebook.com/dhanushkakanchana.jayaweera?__tn__=%2CdCH-R-R&eid=ARBHjTjHR0ljg7hhInzOkO0i5oiy0aAqodYDibHugmgh9NQwUVIhHtfGpC4ycsvkZHi5jj5Fz_wiDVDk&hc_ref=ARRgruv2qM7CvHUt36SLivTPIghN5pZ-0R6Q4vkQ_QdggoFdv6I3pFHbuzHOoafyH-0&fref=nf