තමන්ගෙ හිතේ ප්‍රීතියට මිනී මරන එක ප්‍රායෝගික මෝටිව් එකක් වෙන්න බැරිද?ලංකාවෙ සීරියල් කිලින් තියෙනව කිව්වට ඒ නිර්වචනය වරදවා වටහා ගැනීම නිසා ඇතිවෙන දෙයක්. දාම ඝාතන කියන්නෙ හදිසි කෝපය, පළිගැනීම ආර්ථික වාසි වගේ ප්‍රායෝගික මෝටිව් එකක් හොයාගන්න බැරි මිනීමැරුම් වලට. කොටකෙතන විතරයි මගේ දැනුමෙ හැටියට ලංකාවෙ ඒවයින් ෆිට් වෙන්නෙ.
ඔය සීරියල් කිලින්ග් තව පීඩොෆීලියා වගේ ප්‍රපංච යුරෝපයට ආවේනික ක්ලැසික් තත්ත්ව. ඒව ඒ විදිහටම අපේ රටවල් වල දකින්න ලැබෙන්නෙ නෑ. හේතුවක් වෙනුවෙන් මිනී මැරීම, ලිංගික දරිද්‍රතාව නිසා ළමා අපචාර කියන එකයි සවිඳ්ඳාණික චෛතසිකයන්ගෙ තෝරාගැනීමක් විදිහට ඒවයෙ නියැලීමයි වෙනස් ඩයිනැමික් දෙකක්.