සීවලී මහ රහතන් වහන්සේ

dammamuditha

Member
Sep 8, 2008
206
26
0
සීවලී මහ රහතන් වහන්සේ

attachment.php

ඔයගොල්ලෝ දන්නවනේ ආසනයක හිඳ පාත්ත්‍රරයක දන් වළදන ස්වාමීන් වහන්සේ නමකගේ පින්තූර ගෙවල් වල හා වෙළදසල් වල එල්ලා ති‍යෙනවා. ඒ සීවලී මහ රහතන් වහන්සේගේ පින්තූරයයි. උන්හන්සේගේට වැඳම් පිදුම් කිරීමෙන් ආහාර පානාදියෙන් අගහිඟයක් ඇති නොවන බවට බෞද්ධයන්ගේ විශ්වාසයක් තියෙනවා.
සීවලී මහ රහතන් වහන්සේගේ කථාව පටන් ගන්නේ මෙහෙමයි. අප ගෞතම බුදුරදුන් දවස උන්වහන්සේගේ ඥාතීන් වූ කෝලිය වංශයෙහි මහා ලිච්ඡවී රජුට දාව සුප්පාවාසා නම් බිසවගේ කුස තුල පුත් රුවණක් පිළිසිඳ ගත්තා. සත් හවුරුදු සත් මසක් යනතුරු දරුවා මෙලොවට බිහි වුනේ නෑ. එහෙයින් මව පමණක් නොව දරුවාත් එපමණ කලක්ම මහත් දුක් වින්දා.අන්තිම සතිය වනවිට බිසව වඩාත් දුකට පැමිණ සිටියා.ඒ සෑම මොහොතකම ඇය බුදු රදුන් සිහි කරමින් උන් වහන්සේගේ ගුණ සිතමින් තමයි දවස් ගෙවුවේ.

එම වේදනාවෙන් තමා මියයතැ’යි සිතූ ඇය මියයාමට පෙර බුදුරජාණන් වහන්සේ වැඩමවා දනක් පිරිනැමීමට කල්පනා කොට විහාරයට ගොස් බුදුරදුන්ට දානයට ආරාධනා කරන්නැ’යි ඇය ඇගේ ස්වාමියා ගෙන් ඉල්වා සිටියා. තමන් ප්‍රසූතිය නිසා අපහසුවෙන් මහත් වේදනාවෙන් පසුවන බව බුදුරදුන්ට පවසා ආශිර්වාද ලබාගෙන එනමෙන්ද ඇය කියා සිටියා. ඇගේ ස්වාමියා විහාරයට ගො‍ස් සුප්පාවාසා පිළිබඳ විස්තරය බුදුරජාණන් වහන්සේට කියා සිටියා. මහමෙරක් මෙන් කුළුණු ගුණයෙන් පිරි බුදුරජාණන් වහන්සේ ඇයට ද දරුවාටද ආශිර්වාද කලා. මහා පුදුමයකි, ඒ ආශිර්වාදයත් සමගම සුප්පවාසාව නිවසේදී නිදුකින් පිරි පින්බර පුතෙකු බිහි කිරීමට හැකි උනා
. සියල්ලන්ගේ සිත් සතන් සිසිල් කරමින් උපත ලැබූ හෙයින් කුමරැට "සීවලී" යන නම තැබුනා.ආශිර්වාදයයෙන් ලත් මේ අසිරිමත් සිදුවීම නිසා සුප්පවාසාවගේ සිත දැඩියෙන් බැඳී ගියා.එහෙයින් ඇය සත්දිනක් බුදුපාමොක් මහ සඟරුවනට දන් දුන්නා.


සියලු කටයුතු ඉතා දක්ෂව කරමින් වැඩුණු කුමරු තමන් කුස තුල සිටියදී මවත් තමනුත් ඉතා දුක් ගැහැට විඳි බව නොයෙක් දෙනාගෙන් අසා දැනගත්තා.එම දුක නැවත විඳිය යුතු නැතැයි ඔහු සිතුවා. ඔහු කුඩා කලම දෙමාපියන්ගේ කැමැත්ත ගෙන සැරියුත් තෙරුන් සමීපයෙහි පැවිදි වුනා. පැවිද්ද ලබා ටික කලකින්ම විදසුන් වඩා රහත්ඵලයට පත් උනා.

පුණ්‍ය බලයෙන් සීවලී මහ රහතන් වහන්සේට කිසි දිනෙක දානයෙන් නම් හිඟයක් නොවීය. මේ එයට කදිම නිදසුනක්
. සැරියුත් තෙරුන්ගේ බාලම සොහොයුරු තමාගේ විවාහ මංගල උත්සවය අවසන්වී ආපසු යමින් සිටිය දී පැවිදි වන්නට කල්පනා කර අතරමග වනන්තරයේදී සිරුරු කිස සඳහා යාමට උවමනා බව කියා රථයෙන් බැස පලාගොස් වන වාසි භික්ෂුන් සිටින ආරාමයකට ගොස් තමන් සැරියුත් තෙරුන්ගේ බාලම සොහොයුරා බව පවසා ‘කිහිරි වනය’ නම් ස්ථානයට ගොස් එහි වස් වසා ධෛර්ය උපදවාගෙන වස් අවසන්වත්ම රහත් බවට පත්වුනා.

තම සොහොයුරා පැවිදි වු බව අසා දැනගත් සැරියුත් තෙරුන් ඔහු දැක ගැනීමට යාමට සූදානම් වුනා. ඒ බව ඇසු බුදුන් වහන්සේ ද එහි වැඩමවීමට සතුටුව භික්ෂු සංඝයාද පිරිවරාගෙන ගමනට එක්වුනා.එහි යාමට තිස් යොදුනක් පමන මග ගෙවා වනාන්තරයක් මැදින් ඉතා කටුක වූ ගමනක් යාමට ඇතිනිසා භික්ෂුන් වහන්සේලාට සිවුපසය පිළිබඳ ප්‍රශ්නයක් මතු උනා.

මෙහිදී බුදුරජාණන් වහන්සේ “සීවලීත් අපසමග ආයේදැ’යි විමසුවා. සීවලී මහරහතන් වහන්සේත් ඒ සමග වඩි
න බව දැන' එසේ නම් දන් නොවරදින්නේයැ’යි වද්‍රරා එම වනය මැදින් වැඩම කලා. මුළු තිස් යොදුන් ගමන පුරාම බුදුරදුන් ප්‍රමුඛ සංඝ්‍යාට සීවලී තෙරුන්ට ලැබුන නොයෙක් දානමාන ගෞරවයෙන් වැළඳු බව සඳහන් වෙනවා.


බුදුසසුනෙහි ලාභින් අතර අග්‍ර ස්ථානය ලද්දේ සීවලි මහරහතන් වහන්සේය. එය විදර්ශී බුදුරදුන් කල ලද ප්‍රාර්ථනයක් සමෘද්ධිවීමක් ලෙසයි විස්තර වෙන්නේ.අතීතයේ විදර්ශී බුදුන් ලොව පහළ වු සමයේ දඹදිව බන්ධුමති නුවර වැසියෝ රජු හා තරඟයට නොයෙක් ආහාර රැස්කොට බුදු පාමෙ‍ාක් මහසඟනට මහ දන් පවත්වන්නට වුනා.ඔවුනට එක් දිනෙක කිරි හා මී පැණි සොයා ගැනීම මහත් අසීරු උනා.

එදින එක් ගම්වැසියෙක් මුදවන ලද දී කිරි පැසක් ගෙන 'විකුණාගෙන එන්නෙමි
' යි නගරයට යන අතරමඟ දඬුවල් බෑ මීයක පැණිද රැගෙන යන්නට විය. වාසනාවකට මෙන් මගදී මී හා දී සොයමින් යන පිරිසට ඔහු හමුවුනා. ඔවුන්ට අවශ්‍ය දේ මගදීම ලැබීම නිසා මහත් සතුටට පත් ඔවුන් කහවනුවක් දී මී පැනි විකුනන ලෙස මගියාගෙන් ඉල්ලා සිටියා. තමා අතවු මී පැනි එතරම් නොවටනා බව දත් ඔහු වැඩි මුදලකට මෙය ඉල්ලන්නේ යම්කිසි වැදගත් වැදකට යයි සිතා ඒවා දිය නොහැකි බව කිව්වා. ක්‍රමයෙන් මිල වැඩි කොට අවසානයේ කහවනු දහසකව ද ඉල්ලු පසු මෙතරම් වැඩි මුදලකට මෙය ඔබ ගන්නේ කුමකටදැයි විමසුවා. එය බුදුරදුන්ට පුදන්නට යැ’යි ඔවුන් කී විට ඉතා සතුටට පත් ඔහු තමන්ම ගොස් සැදැහැ සිතින් බුදුනට මී හා දී සියතින්ම පිදුවා. බුදුන් වහන්සේ බොහෝ භික්ෂුණ් වහන්සේ සමග එක්ව එම දන වළඳනු දැක බොහෝ සතුටට පත්ව “මේ කුසලයෙන් මට යසසින් අගතැන් ලබන්නට හැකි වේවා”යි ප්‍රාර්ථනා කලා. ඒ පින් බලෙන් බුදුසසුනෙහි ලාභින් අතර අග්‍ර ස්ථානය සීවලි මහරහතන් වහන්සේ හට හිමිඋනා.

මගෙ බ්ලොග් එකටත් ඇවිත් යන්න
http://daham-sithum.blogspot.com/
 

Attachments

  • SeevaliHamuduruwo.jpg
    SeevaliHamuduruwo.jpg
    36.7 KB · Views: 51
Last edited:

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    එල හොද පොස්ට් එකක්
    රේප් නම් පස්සේ දෙන්නම් කොල්ලෝ