සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොමයක් එවුන් වගේ ප්‍රස්නයක් ඇහුවම, කෙලින්ම උත්තරේ නොදී වටේ යවා (මේ thread එකෙත් සමහර අය ඒක කරලා තිබේ ) ගොන් පොරවල් වෙන්නේ නැතිව හොඳ පැහැදිලි කිරීමක් කල ඔබට ස්තුතියි.:)

    සමා වෙන්න ඕන මම දැක්කේ නැ බින්ගෝගේ එකත් එක්ක මගේ එකත් කෝට් කරලා තියනවා.. මම සාමාන්‍යයෙන් වටේ යන්නේ නම් නෑ. කොහොම වෙතත් බින්ගෝ මම දෙනවටත් වඩා පැහැදිලිව උත්තරේ දීලා තියනවා.

    මට ඕකට එකතු කරන්න තියන්නේ මෙච්චරයි. අන්ගුලිමාල මහරහතන් වහන්සේ දේෂනා කලා කියලා සටහන් වෙන අන්ගුලි මාල පිරිත පිලිගැනීමටත් බුදුන් වහන්සේ දේෂනා කලා කියන ජලනන්දන පිරිත පිලි නොගැනීමටත් ඔය ලිපියේ කිසිම සාධකයක් පෙන්වන්නේ නෑ.. ඔතන තියන්නේ උප කල්පනයක්.
    ලිපිය ලියපු හාමුදුරුවෝ ගොඩක් ප්‍රසිද්ධ හා දැනුවත් කෙනෙක් නිසා පිලිගන්න වෙනවා කියන මතයක් තියනවනම් ඊට හොඳම පිලිතුර අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් හා අති පූජ්‍ය රේරුකානේ චන්දි විමල මහ නායක හාමුදුරුවෝ කියන දේ ඊට වඩා ඉහලින් පිලිගන්න වෙනවා කියන එක. ඉතින් උන්වහන්සේලා කවදාවත් ඔහොම මතයක් ප්‍රකාෂකරලා නෑ.. කොටින්ම උන්වහන්සේලා දෙන්නාම පිලිගන්නවා හදි හූනියම් ගැන. ( මෙතන තරන්ග81 ට අවෂ්‍ය වුනේ ඔය පිරිත් ගැන කියන්න නෙමෙයි බින්ගෝ සහෝට පහර ගහන්නනේ)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;16768329 said:
    සහෝ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කථානෙ කියන්නෙ.. දැන් කවුරු හරි ඔයාට ජ්‍යොතිෂ විෂ්වාස කරන්න කිව්වද..?? මම කිව්වේ ඔයා ප්‍රානඝාතයක් වුනත් නැතත් පවු පිරෙනවා කිව්ව කථාව වැරදියි කියලා.. ඇයි කොහේවත් නැති ජ්‍යොතිෂයක් මෙතනට ගාවගන්නේ? :no::no:

    හැබැයි මෙතනත් ඔයාගේ දෙවෙනි මතයට මම එකඟයි. මොලේ නැති මිනිස්සු බුද්ධාගමේ එහෙන් මෙහෙන් අල්ලගෙන තර්කයට එනවා. නමුත් එයාලට බුද්ධාගම ගැනවත් ජ්‍යොතිෂය ගැනවත් දැනුමක් නැති නිසා අන්තිමට තර්ක කිරිල්ල අවසන් වෙන්නේ බුදු දහම ගැන විචිකිච්චාවක් ඉතුරු කරලා(එහෙම වෙන්නේ තර්ක කරන මනුස්සය බුද්ධාගම නොදන්න නිසා මිස දහමේ වරදක් නිසා නෙමෙයි.)

    ජෝතිෂ්‍ය කොහෙවත් නැති මාතෘකාවක් නෙවෙයි නේ මේ ත්‍රෙඩ් එකට මුලික උනේ ඔය කාරනාව නේ

    මං එහෙම කිව්වේ ඔබ කලින් බුදුදහමේ ජෝතිෂ්‍ය සත්‍යයි කියල කියල තියනවා වගේ මතයක් ඉදිරිපත් කරපු නිසා

    නැකැත් රාල;16767483 said:
    මචන් ප්‍රාන ඝාතය ගැන බුද්ධාගමේ උගන්නනකොට හදිහුනියම් වලින් පරපන නැසීම හා සෘද්ධි බලයෙන් (අමනුෂ්‍යයන්) පර පන නැසීම ගැන උගන්නනවා.. මූ ජීවිතේට අහලවත් නැතුව ඇති එවා..

    (ඒ මට තේරුණ හැටි ඒක එහෙම නෙවෙයි නම් ඔබ අදහස් කරේ මොකක්ද?)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජෝතිෂ්‍ය කොහෙවත් නැති මාතෘකාවක් නෙවෙයි නේ මේ ත්‍රෙඩ් එකට මුලික උනේ ඔය කාරනාව නේ

    මං එහෙම කිව්වේ ඔබ කලින් බුදුදහමේ ජෝතිෂ්‍ය සත්‍යයි කියල කියල තියනවා වගේ මතයක් ඉදිරිපත් කරපු නිසා

    (ඒ මට තේරුණ හැටි ඒක එහෙම නෙවෙයි නම් ඔබ අදහස් කරේ මොකක්ද?)

    ඔව් ඔතනදී මම කිව්වේ ඒක නමුත් ඔයා කෝට් කරලා තියන එක ජ්‍යොතිෂයට අදාල නෑ. මෙහෙමයි සහෝ බුදු හාමුදුරුවෝ ජ්‍යොතිෂ හරිද වැරදිද කියලා දේෂනා කරලා නෑ නමුත් සමහර තැන් වල කියලා තියන දේවල් වලින් ඒ ගැන අදහසක් ගන්න පුලුවන්.

    මම උදාහරන 2ක් කියන්නම්

    01. දැන් මේ ත්‍රෙඩ් එකේ ගැටලුවට මුල් වුන ජලනන්දන් පිරිත.
    මේක බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ව බන්ධනයකින් මුදාගන්නට සජ්ජායනා කල බවයි සඳ හන් වෙන්නේ.

    02. බුදුදහමේ ප්‍රානගාථ ප්‍රයෝගයන් 6ක් ගැන කියවෙනවා. මම ඒක විස්තර කලොත් පිලි නොගන්න නිසා මම පොතේ පින්තූරයක්ම දාන්නම්.

    erhq3d.jpg

    34fzk9x.jpg

    ඉතින් ඕකේ කිසිම සත්‍යතාවයක් නැත්තන් ඕක කරන්න එපා කියලා බුදු දහමේ කියන්න ඕන නෑනේ.

    කොහොම වෙතත් බුදුදහම හා ජ්‍යොතිෂ කියන්නේ වෙනස් විෂයන් දෙකක්. ලෝකෝත්තර සැපතක් බුදුදහමෙන් හොයන්නේ.. නමුත් ජ්‍යොතිෂය ලෞකික සැප ගැන හොයන්නේ. එතනින්ම මේ දෙක අතර ලොකු වෙනසක් තියනවනේ.. හොඳම දේ ඕක ගැන තර්ක නොකර දෙකෙන්ම ලබාගන්න පුලුවන් ප්‍රයෝජනේ ගන්න එක..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;16768921 said:

    ඔතනම තියනවා නේද සිදු කිරීමට දරන උත්සාහය කියල?
    ඇත්තටම උනත් නැතත් පාපී චේතනා ඇති කර ගැනීම සුදුසු නැහැ නේ නේද?

    කෙසේ වෙතත් මම විරුද්ධ උනේ බුදුදහම හරහා ජෝතිෂ්‍ය සත්‍යයි කියන්න දරණ උත්සාහයට...ඒක හරියට විද්‍යාවෙන් බුදුදහම විග්‍රහ කරනවා වගේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔතනම තියනවා නේද සිදු කිරීමට දරන උත්සාහය කියල?
    ඇත්තටම උනත් නැතත් පාපී චේතනා ඇති කර ගැනීම සුදුසු නැහැ නේ නේද?

    කෙසේ වෙතත් මම විරුද්ධ උනේ බුදුදහම හරහා ජෝතිෂ්‍ය සත්‍යයි කියන්න දරණ උත්සාහයට...ඒක හරියට විද්‍යාවෙන් බුදුදහම විග්‍රහ කරනවා වගේ

    පිලි නොගන්න මොකක් හරි හේතුවක් හොයන කෙනා ඉතින් කොහෙන් හරි වචනයක් අල්ල ගන්නවා.. චේතනාවෙන් විතරක් ප්‍රානඝාතයක් සම්පූර්න වෙන්නේ නෑ කියන එක මූලිකම දෙයක්නේ.. ඒකම ආයි ආයි කියන එක හිස් වැඩක් නේ..
    එහෙම කරන්න බැරිනම් ප්‍රයෝග 5ක් දේෂනා කරලා නිකන් ඉන්න තිබ්බනේ... :dull::dull:
    ඔයා මෙ කොටසෙන් මම දාපු මූලික විස්තරය අල්ලන් දැන් තර්ක කරන්නේ.. ඉස්සෙල්ලම පොත කියවන්න.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;16769023 said:
    පිලි නොගන්න මොකක් හරි හේතුවක් හොයන කෙනා ඉතින් කොහෙන් හරි වචනයක් අල්ල ගන්නවා.. එහෙම කරන්න බැරිනම් ප්‍රයෝග 5ක් දේෂනා කරලා නිකන් ඉන්න තිබ්බනේ... :dull::dull:
    ඔයා මෙ කොටසෙන් මම දාපු මූලික විස්තරය අල්ලන් දැන් තර්ක කරන්නේ.. ඉස්සෙල්ලම පොත කියවන්න.

    අයෙත් මුලට :dull:
    කරන්න පුළුවන් උනත් නැතත් ප්‍රාණඝාත චේතනාව අකුසලයක් බව නේ ඔය සදහන් වෙන්නේ

    සරලම කතාව මේකයි අයෙත් කියන්නම් ජෝතිෂ්‍ය ඇත්තද බොරුද කියල බුදුදහමෙන් හොයන්න බැහැ ඒක බුදුදහමට අදාළ කාරණයකුත් නෙවෙයි ඒක නිකන් අර කව්දෝ කලින් දයිනොසොරසලා ගැන අයි බුදුදහමේ නැත්තේ කියල ඇහුව වගේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අයෙත් මුලට :dull:
    කරන්න පුළුවන් උනත් නැතත් ප්‍රාණඝාත චේතනාව අකුසලයක් බව නේ ඔය සදහන් වෙන්නේ

    සරලම කතාව මේකයි අයෙත් කියන්නම් ජෝතිෂ්‍ය ඇත්තද බොරුද කියල බුදුදහමෙන් හොයන්න බැහැ ඒක බුදුදහමට අදාළ කාරණයකුත් නෙවෙයි ඒක නිකන් අර කව්දෝ කලින් දයිනොසොරසලා ගැන අයි බුදුදහමේ නැත්තේ කියල ඇහුව වගේ

    නෑ පොතේ ඔයිට වඩා විස්තර ඉස්සරහට තියනවා

    ඉතින් ඕක තමයි මාත් කියන්නේ.. මෙතන මෝඩයෝ ටිකක් ඔය ගැන ත්‍රෙඩ් දදා විවාද කරනවා. මම සරලව පෙන්නලා දෙන්නේ බුදුදහමේ ජ්‍යොතිෂ කියන්නෙ බොරුවක් කියලා කියල නෑ ඒ නිසා ඔය දෙක සම්බන්ධ කරගෙන දඟලන්න අවශ්‍ය නෑ කියලා.. එහෙම නම් බ්‍රහ්ම ජාල සූත්‍රයේ ජ්‍යොතිෂ සමගම ලාමක විද්‍යා ගොඩට වැටෙන වෛද්‍ය විද්‍යාව ගැනත් ත්‍රෙඩ් දාලා තර්ක කරන්න ඕන.. නමුත් ඒක සුද්දගෙන් ලැබුන නිසා ඒකට ගරු කරනවා මේක අපේ නිසා මේකට ගරහනවා.. සරලම ඇත්ත ඕකයි..
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අයෙත් මුලට :dull:
    කරන්න පුළුවන් උනත් නැතත් ප්‍රාණඝාත චේතනාව අකුසලයක් බව නේ ඔය සදහන් වෙන්නේ
    ජෝතිෂ්‍ය කතාව මෙතෙන්ට ගාව ගන්න ඕනේ නෑ මචං. ප්‍රාණඝාතය කිරීමේ චේතනාව ඇතිවූ පමණින් ප්‍රාණඝාත අකුසලය සම්පුර්ණ වෙන්නෙ නැහැ. අර කියපු උපක්‍රම වලින් එකකින් හෝ සතා මිය යනවානම් තමයි අකුසලය සිද්ධ වෙන්නෙ. බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවක දේශනා කළා එක් යෝගියෙක්ට ධ්‍යාන බලයෙන් මුළු නගරයක්ම ක්ෂණයකින් දවා අළු කරන්න හැකියාව තිබුන කියල.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජෝතිෂ්‍ය කතාව මෙතෙන්ට ගාව ගන්න ඕනේ නෑ මචං. ප්‍රාණඝාතය කිරීමේ චේතනාව ඇතිවූ පමණින් ප්‍රාණඝාත අකුසලය සම්පුර්ණ වෙන්නෙ නැහැ. අර කියපු උපක්‍රම වලින් එකකින් හෝ සතා මිය යනවානම් තමයි අකුසලය සිද්ධ වෙන්නෙ. බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවක දේශනා කළා එක් යෝගියෙක්ට ධ්‍යාන බලයෙන් මුළු නගරයක්ම ක්ෂණයකින් දවා අළු කරන්න හැකියාව තිබුන කියල.

    ගොඩ දෙනාට තියන්නේ තමන්ගේ මතය දිනවීමට අවෂ්‍යතාවය. එහෙම බැරි වෙනකොට පඨිඝ ඇති කරගන්නවා. නමුත් දැනුම සොයන අය නම් නිවැරදි දේ දැක්කම ඒක පිලිගන්නවා..උඹට මතකද මට දානය ගැන විචි කිච්චාවක් ආවා. උඹත් මට ඒකට පිලිතුරු හොයලා දුන්නා? අන්න එහෙමයි දැනුම හොයන්නේ.. තම මතය කියලා එකක් බදාගත්ත දවසට අනික් හෑම මතයක්ම අපිට පේන්නේ වැරදි දෙයක් ලෙස.
     
    Last edited:
    මේ හාමුදුරුවෝ අපිට වඩා දැනුම් තේරුම් ඇති හාමුදුරු නමක්. ඒකෙ විවාදයක් නැහැ. නමුත් මේ හාමුදුරුවන් වගේම දැනුම් තේරුම් ඇති තවත් ස්වාමින් වහන්සේලා මෙහි එන ජලනන්දන, සීවලි පිරිත් සුත්‍ර බුද්ධ භාෂිතය කියල පිලිගන්නවා. ගොඩක් ස්වාමීන්වහන්සේලා(මමත්) පිළිගන්නේ නැත්තේ මේ උපග්‍රන්ථය 3 කොටසේ තියන දැහැන් සහ යන්ත්‍ර කියන දේවල් සහ අභිසම්භිදාන පිරිත වැනි පිරිත්. මේ ලිපියේ හාමුදුරුවන් කරලා තියන උපකල්පනය අනුව අභිසම්භිදාන පිරිතේ තියෙන්නෙ ඇත්තටම සාමාන්‍යයෙන් අපි අහන පිරිත් සුත්‍ර වල තියන ස්වරය නෙමෙයි. තනිකරම මන්තරයක් වගේ. සීවලී පිරිතෙත් ඒ ලක්ෂණ තියනවා. නමුත් බුදුන් වහන්සේ අනුදැන වදාළ(බුද්ධ දේශනාවක් නොවේ) ආටානාටිය සුත්‍රයේ ස්වරයත් අපි සාමාන්‍යයෙන් අහන පිරිත් දේශනාවන්ට වඩා වෙනස්. ඒ නිසා පිරිතේ ස්වරයෙන් බුද්ධ භාෂිතයක් ද, බුදුන් අනුදැන වදාළ දෙයක්ද කියල තීරණය කරන්න අමාරුයි. පළමුවැනි, දෙවැනි, තෙවැනි, සිව්වැනි, අතිරේක බණවරවල් වලට පසුකාලීනව තමයි උපග්‍රන්ථ වල පිරිත් දේශනා එකතු වෙලා තිබෙන්නේ. මේ ස්වාමීන්වහන්සේ ලිපියේ තැන් දෙකක දී ම සීවලී පිරිත, ජලනන්දන පිරිත, රත්නමාලී බන්ධන පිරිත බුද්ධ දේශනාවක් නොවේ කියලයි සඳහන් කරන්නෙ. නමුත් ඒ පිරිත් බුද්ධ දේශනා නොවුනත් අටානාටිය පිරිත වගේ බුදුන් වහන්සේ අනුදැන වදාරපු ඒවාද කියන්න දන්නේ නෑ. පසුකාලීනව එකතු උන පිරිත් දේශනා අතුරින් අංගුලිමාල, බෝජ්ජංග වැනි පිරිත් දේශනා පිළිගැනීමටත් සීවලී , ජලනන්දන වැනි දේශනා ප්‍රතික්ෂේප කිරීමටත් පැහැදිලි හේතුවක් ස්වාමීන්වහන්සේ කිසිම තැනක සඳහන් කරලා නැහැ.

    අනිත් කාරණය තමයි කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ අපිට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති ස්වාමීන්වහන්සේ නමක් උනත් අභිධර්මපිටකය බුදුන්ගේ දේශනාවක් නොවෙයි කියල ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා හොඳම දේ තමයි වෙන කෙනෙක් කියන දේ අහනවට වැඩිය තමුන්ම කියවලා බලන එක.
    oya pevidi welada..????
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16769082 said:
    ගොඩ දෙනාට තියන්නේ තමන්ගේ මතය දිනවීමට අවෂ්‍යතාවය. එහෙම බැරි වෙනකොට පඨිඝ ඇති කරගන්නවා. නමුත් දැනුම සොයන අය නම් නිවැරදි දේ දැක්කම ඒක පිලිගන්නවා..උඹට මතකද මට දානය ගැන විචි කිච්චාවක් ආවා. උඹත් මට ඒකට පිලිතුරු හොයලා දුන්නා? අන්න එහෙමයි දැනුම හොයන්නේ.. තම මතය කියලා එකක් බදාගත්ත දවසට අනික් හෑම මතයක්ම අපිට පේන්නේ වැරදි දෙයක් ලෙස.
    ඔව් ඒක ඇත්ත :yes:
    සංසුන් පොඩ්ඩා;16769104 said:
    oya pevidi welada..????
    නැහැ :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;16769059 said:
    නෑ පොතේ ඔයිට වඩා විස්තර ඉස්සරහට තියනවා

    ඉතින් ඕක තමයි මාත් කියන්නේ.. මෙතන මෝඩයෝ ටිකක් ඔය ගැන ත්‍රෙඩ් දදා විවාද කරනවා. මම සරලව පෙන්නලා දෙන්නේ බුදුදහමේ ජ්‍යොතිෂ කියන්නෙ බොරුවක් කියලා කියල නෑ ඒ නිසා ඔය දෙක සම්බන්ධ කරගෙන දඟලන්න අවශ්‍ය නෑ කියලා.. එහෙම නම් බ්‍රහ්ම ජාල සූත්‍රයේ ජ්‍යොතිෂ සමගම ලාමක විද්‍යා ගොඩට වැටෙන වෛද්‍ය විද්‍යාව ගැනත් ත්‍රෙඩ් දාලා තර්ක කරන්න ඕන.. නමුත් ඒක සුද්දගෙන් ලැබුන නිසා ඒකට ගරු කරනවා මේක අපේ නිසා මේකට ගරහනවා.. සරලම ඇත්ත ඕකයි..

    එකගයි ජෝතිෂ්‍ය සහ බුදුදහම පටලව ගන්න එක වැරදියි එකයි මාත් කියන්නේ නවීන විද්‍යාවත් එච්චර තමයි
    මම ජෝතිෂ්‍ය විස්වාස කරන්නේ නැහැ නමුත් බොරුවක් කියල කියන්නෙත් නැහැ

    මං කියන්නේ මෙච්චරයි ජෝතිෂ්‍ය හරිද වැරදිද කියන තර්ක වලට බුදුදහම අදාළ කරගන්න එපා බුදුදහමේ ජෝතිෂ්‍ය ඇත්ත කියලත් නැහැ බොරු කියලත් නැහැ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මං කියන්නේ මෙච්චරයි ජෝතිෂ්‍ය හරිද වැරදිද කියන තර්ක වලට බුදුදහම අදාළ කරගන්න එපා බුදුදහමේ ජෝතිෂ්‍ය ඇත්ත කියලත් නැහැ බොරු කියලත් නැහැ
    මෙච්චර කල් එළකිරියේ මමත් වාද කරන්නෙ මෙන්න මේ ටික පෙන්වන්න තමයි :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එකගයි ජෝතිෂ්‍ය සහ බුදුදහම පටලව ගන්න එක වැරදියි එකයි මාත් කියන්නේ නවීන විද්‍යාවත් එච්චර තමයි
    මම ජෝතිෂ්‍ය විස්වාස කරන්නේ නැහැ නමුත් බොරුවක් කියල කියන්නෙත් නැහැ

    මං කියන්නේ මෙච්චරයි ජෝතිෂ්‍ය හරිද වැරදිද කියන තර්ක වලට බුදුදහම අදාළ කරගන්න එපා බුදුදහමේ ජෝතිෂ්‍ය ඇත්ත කියලත් නැහැ බොරු කියලත් නැහැ

    ඕකම තමයි මගේ මතය.:):). බුදු හාමුදුරුවොම කියලා තියනවා නිර්වානයට නම් ජ්‍යොතිෂයෙන් වැඩක් නෑ කියලා.. මමත් ඒක පිලිගන්නවා. ජ්‍යොතිෂය යනු හුදෙක් ලෞකික විද්‍යාවක් පමනයි.. ලොකෝත්තර සැප ලැබෙන්නේ නැත.:dull:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙච්චර කල් එළකිරියේ මමත් වාද කරන්නෙ මෙන්න මේ ටික පෙන්වන්න තමයි :)

    සිරාවට මේකේ ඉන්න සමහරු බුදුදහම ගැන හරියට දන්නෙත් නැතුව තර්ක කිරීමෙන් වෙන්නේ බුද්ධාගමට අපහාසයක්. මේක තර්කයට නොගත යුත්තක්. බුදුදහම වගේ අථක්කාවචර ධර්මයක් තර්කයෙන් ඔප්පු කරන්න හදන එක මෝඩ කමක්..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16769130 said:
    සිරාවට මේකේ ඉන්න සමහරු බුදුදහම ගැන හරියට දන්නෙත් නැතුව තර්ක කිරීමෙන් වෙන්නේ බුද්ධාගමට අපහාසයක්. මේක තර්කයට නොගත යුත්තක්. බුදුදහම වගේ අථක්කාවචර ධර්මයක් තර්කයෙන් ඔප්පු කරන්න හදන එක මෝඩ කමක්..
    ඒක ඇත්ත. අජිත කෙසකම්බිලගේ ධර්මය බුදුහාමුදුරුවෝ ප්‍රතිෂේප කළා කියල පැහැදිලිවම බුදුදහමේ තියනකොට ඒ දහම පිළිගන්න එකෙක් නෙ මේ ත්‍රෙඩ් එක දාල බොර දියේ මාළු බාන්න හදන්නෙ. :rolleyes:
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    නැකැත් රාල;16768735 said:
    සමා වෙන්න ඕන මම දැක්කේ නැ බින්ගෝගේ එකත් එක්ක මගේ එකත් කෝට් කරලා තියනවා.. මම සාමාන්‍යයෙන් වටේ යන්නේ නම් නෑ. කොහොම වෙතත් බින්ගෝ මම දෙනවටත් වඩා පැහැදිලිව උත්තරේ දීලා තියනවා.

    ලිපිය ලියපු හාමුදුරුවෝ ගොඩක් ප්‍රසිද්ධ හා දැනුවත් කෙනෙක් නිසා පිලිගන්න වෙනවා කියන මතයක් තියනවනම් ඊට හොඳම පිලිතුර අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් හා අති පූජ්‍ය රේරුකානේ චන්දි විමල මහ නායක හාමුදුරුවෝ කියන දේ ඊට වඩා ඉහලින් පිලිගන්න වෙනවා කියන එක. ඉතින් උන්වහන්සේලා කවදාවත් ඔහොම මතයක් ප්‍රකාෂකරලා නෑ.. කොටින්ම උන්වහන්සේලා දෙන්නාම පිලිගන්නවා හදි හූනියම් ගැන. ( මෙතන තරන්ග81 ට අවෂ්‍ය වුනේ ඔය පිරිත් ගැන කියන්න නෙමෙයි බින්ගෝ සහෝට පහර ගහන්නනේ)
    BINGO ගේ අදහස තවදුරටත් විස්තර කිරීම පිලිබදව ස්තුතියි ! අර පොත අරගෙන කියවන්න ඕන. (ඒගැන අදහස ආවෙත් ඔයා දාපු post එකෙන් ) තව දෙයක් මේ වගේ එක එක හාමුදුරුවරු එක එක දේවල් කියන්න ගියාම සමස්තය අවුල් වෙනවා නේද ? (දැන් මෙතනම පිළිගත් හාමුදුරුවරු කිහිප දෙනෙක් දරන විවිද මත දුටුවා ) අනික නුතනව ලියපු පොතක තියෙන්නෙත් ඒ හාමුදුරුවෝ දරන මතයනේ . මම මේවා හිතන එක විචිකිචාවට අහුවෙනවද කියලත් හිතෙනවා . කෙසේ වෙතත් නිවැරදි දැනුම සමාජ ගතකිරීමට දායක වූ සැමට ප්‍රණාමය .:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    BINGO ගේ අදහස තවදුරටත් විස්තර කිරීම පිලිබදව ස්තුතියි ! අර පොත අරගෙන කියවන්න ඕන. (ඒගැන අදහස ආවෙත් ඔයා දාපු post එකෙන් ) තව දෙයක් මේ වගේ එක එක හාමුදුරුවරු එක එක දේවල් කියන්න ගියාම සමස්තය අවුල් වෙනවා නේද ? (දැන් මෙතනම පිළිගත් හාමුදුරුවරු කිහිප දෙනෙක් දරන විවිද මත දුටුවා ) අනික නුතනව ලියපු පොතක තියෙන්නෙත් ඒ හාමුදුරුවෝ දරන මතයනේ . මම මේවා හිතන එක විචිකිචාවට අහුවෙනවද කියලත් හිතෙනවා . කෙසේ වෙතත් නිවැරදි දැනුම සමාජ ගතකිරීමට දායක වූ සැමට ප්‍රණාමය .:)

    ඔව් ඒක ඇත්ත නමුත් ඔය මම කියපු පොත ලිව්වේ නිකන්ම නිකන් හාමුදුරු කෙනෙක් නෙමෙයි. බොහොම වගකීමකින් දෙයක් කියන කරන හාමුදුරු කෙනෙක්. මම හිතන්නේ නැ උන් වහන්සේ හිතළු ලිව්වා කියලා. අනික් කෙනා තමයි ආනන්ද මෛත්‍රී හාමුදුවෝ. උන් වහන්සේ බුදුබව පතන කෙනෙක්. සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක්. බොහෝම සිත දියුනු කල කෙනෙක් ඉතින් උන්වහන්සේත් මේවා මිත්‍යාවක් නම් මේ ගැන පරීක්ෂන කරලා හොයලා බලල පොත පත ලියන්නේ නෑ.

    අපි දැන ගන්න ඕන මේකයි. මේ දේවල් බොරුයි කියලා බුද්ධ දේෂනාවේ නෑ. කියලා තියන්නේ මේවා අනුගමනයෙන් නිවන ලබන්න බෑ කියලා. ඒක ඇත්තනේ. බුදු දහම ලොකොත්තර සැප හොයන අතහැරීම පුරුදු කරන ධර්මයක්. ජ්‍යොතිෂ හා අනෙක් විෂයන් ලෞකික සැප හොයා යන අයට තියන විද්‍යාවක්. ඉතින් මේ දෙකේ අරමුන සම්පූර්නයෙන්ම වෙනස්. ඒකයි බ්‍රහ්ම ජාල සූත්‍රය දේෂනාකරන වෙලාවෙදි වෙදකම, කටු චිකිත්සාව වගේ එවා එක්ක ජ්‍යොතිෂයත් බුදුන් ප්‍රතික්ශේප කරන්නේ.

    ඕක තේරුම් ගත්තනම් බුදුදහම හා ජ්‍යොතිෂය පටලවාගෙන ත්‍රෙඩ් දාන්න අවෂ්‍යතාවක් නෑ..:)
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මේ හාමුදුරුවෝ අපිට වඩා දැනුම් තේරුම් ඇති හාමුදුරු නමක්. ඒකෙ විවාදයක් නැහැ. නමුත් මේ හාමුදුරුවන් වගේම දැනුම් තේරුම් ඇති තවත් ස්වාමින් වහන්සේලා මෙහි එන ජලනන්දන, සීවලි පිරිත් සුත්‍ර බුද්ධ භාෂිතය කියල පිලිගන්නවා.

    හා ඇවිල්ල තියෙන්නෙ. ඇයි මේ කලබල වෙලා....
    කොහොමත් එලකිරියෙ නැකත් විශාරද නම් උබට නියමෙට සෙට් වෙනව.
    බන්දුලයි, එස්. බී
    යි වගේ
    කොහොමටත් උබත් එක්ක වාද කරල තෙරුමක් නෑ. ( මේ වගේ ඒවා විතරයි උපකල්පන , උබට සෙට් උනොත් ප්‍රත්‍යක්ශය.) අන්න රාළ ඉන්නව ඌත් එක්ක සෙට් වෙලා දිගටම ඇදගෙන යන්න.
    මම ඒ ලිපිය දැම්මෙ උබ කලින් දෙතුන් සැරයක් අහල තිබුන ප්‍රශ්නෙට උත්තරේ ඒකෙ තිබුන නිසා. සහ මේ වගේ තර්කානුකූල ලිපි මිනිස්සු අතරට වැඩිය යන්නෙ නැති නිසා. කියවන අයට කියවන්න.