සී.අයි.ඩී. මෙහෙයුමෙන් දෙමටගොඩ කුඩු රාජධානිය කැලැඹෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දෙමටගොඩ පාතාලයේ කුඩු රාජධානිය යළිත් දෙදරා ගියේ මෙම සතියේය.
    පාතාලයේ මැර බලයෙන්, මුදල් බලයෙන් කොළඹ කුඩු රාජධානියේ අණසක පතුරන දෙමටගොඩ චමින්ද හා දෙමටගොඩ රුවන් අයිය මලෝ දෙදෙනාට රිදෙන්නට පහර වැදුණේ මේ සතියේය. මේ කුඩු රාජධානිය දේශපාලන හා ඉහළම පොලිස් බලතලවලින් සන්නද්ධ වෙද්දී ඔවුන්ට අත තබන්නට පොලිස් නිලධාරියෝ පවා බිය වූහ. කළුගලේ හිස ගසා ගන්නට කිසිවෙක් ඉදිරිපත් නොවූහ.


    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට අනුව මෙම ජාවාරමුන් හෙරොයින් පමණක් ටොන් එකකට වඩා මෙරට තරුණ පරම්පරාවට විකුණා අවසන්ය. එම ජාවාරම මේ වනතුරුත් ක්‍රියාත්මක වුවත් දෙමටගොඩ රුවන් සන්තකයේ තිබී නියපොත්තක තරම්වත් හෙරොයින් ප්‍රමාණයක් සොයා ගන්නට නම් නොහැකි විය. ඔවුන් සිය ජාවාරම ගෙන ගියේ ඒ තරමටම සූක්ෂමවය.

    පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රබල අපේක්ෂකයකුට පක්ෂ කාර්යාලයක් පවා දෙමටගොඩදී ඇරඹුණේ රුවන්ලාගේ මාර්ගයෙනි. අද පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනඥයන්ද, මැතිවරණ සමයේ කාර්යාල පවා ඉදිකර අතදිග හැර වියදම් කර තිබුණේ ද දෙමටගොඩ පාතාලයෙනි. පාතාල මර්දන ඒකක හා බුද්ධි අංශ පවා මේ බව ඉහළටම වාර්තා කළේ ය. දේශපාලන හා පොලිස් බලයෙන් මුසපත් වූ කුඩු රාජධානිය හෙල්ලී ගියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කළ මෙහෙයුමකිනි.



    කුඩු ජාවාරමේ ඉතිහාසයෙහි මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දීම යටතේ කොටුකරගත හැකි වූ ප්‍රථම ජාවාරම්කරුවන් වූයේ දෙමටගොඩ රුවන්ගේ පවුලේ සාමාජිකයන්ය.

    තරිඳු මදුසංක (27) පෙරේදා (31 වැනිදා) කුරුඳුවත්තේ කායවර්ධන මධ්‍යස්ථානයකදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත්තේය. ඔහු දෙමටගොඩ රුවන්ගේ පුතාය. මොහු එක්සත් ජාතික පක්ෂයේ තරුණ බලකායේ සභාපති හා එක්සත් ජාතික පක්ෂයේ නැගෙනහිර කුප්පියාවත්ත ආසන සංවිධායකද වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබිණි.

    මේ සමග ඔහුගේ මව ශානිකා ලක්මිණි හෙවත් දෙමටගොඩ රුවන්ගේ බිරිඳ, රුවන්ගේ සොහොයුරිය වූ සමන්ති නිර්මලාද අත්අඩංගුවට ගැනිණි. තරිඳු මධුසංක හා ඔහුගේ බිරිඳ ද මීට පෙර අවස්ථා කීපයකදීම ගෙන්වා ප්‍රකාශ ගත් අතර ඔවුන් පැවසුවේ මේ සියලු දේපොළ ඔවුනට අයත් රාත්‍රි සමාජ ශාලාවෙන් හා ලග්ගල මැණික් කර්මාන්තයෙන් උපයාගත් ධනය බවය.

    කොළඹ 09 ඩැනිස්ටර් ද සිල්වා මාවතේ පිහිටි යුනිකෝන් බොලිවුඩ් ලොජ් නමින් වූ රාත්‍රි සමාජ ශාලාව හා දෙමටගොඩ ගිම්හාන රෙස්ටුරන්ට් ආයතන ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ග බවද ඔවුහු පුන පුනා පැවසූහ. ලග්ගල, දාස්ගිරියේ සමෘද්ධි හීන් බංඩා යන අයට අයත් ඉඩමක සේවකයන් 85 දෙනකු යොදවා රුවන් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ මැණික් ව්‍යාපාර පවත්වාගෙන ගිය බවත් ඔවුහු පෙන්වා දුන්හ.

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් කළු සල්ලි සුදු සල්ලි බවට පත් කිරීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් මැණික් ව්‍යාපාරයට අතගසා තිබිණි. කෙසේ වුවද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඇලහැර ලග්ගලට ගොස් හීන් බංඩාගේ ඉඩමේ පතල ගැන විමර්ශන ඇරඹුවේ ඒ අතරය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙතින් කැඳවූ වාර්තා අනුව මොවුන් මැණික් ගැරීම සඳහා කැණීම් බලපත්‍රයක් ගෙන තිබුණ ද කිසිදු මැණික් ගලක් හමු නොවුණු බවත් ඔවුන් මැණික් ව්‍යාපාරයේ නිරත වී නොමැති බවත් අනාවරණ කෙරිණි.

    දෙමටගොඩ රුවන්ගේ පුතා, බිරිඳ හා සොයුරියගේ මුල් ප්‍රකාශ ඔස්සේ විමර්ශන කළ ද සියලු දේපොළ මිලදී ගැනීමට මුදල් දී ඇත්තේ දෙමටගොඩ රුවන් බව තහවුරු කරගන්නට විමර්ශකයන්ට හැකියාව ලැබිණ.



    තොඩුවාව, කුඩාමඩුවැල්ලේ පදිංචි සුසිල් නිශාන්ත ප්‍රනාන්දු නමැත්තා දෙමටගොඩ රුවන්ට මුහුදු මගින් මත්ද්‍රව්‍ය රැගෙන ආ අන්දම නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ වමාරන්නට වූයේ කිසිදු පැකිළීමකින් තොරවය.

    ඔහු 2011 දී හලාවතින් මුහුදු ගොස් ඉන්දියාවේ සිට කේරළ ගංජා කිලෝ 70 ක් රැගෙන විත් තිබුණේ නොණ්ඩි ක්‍රිස්ටි යන අයගෙන් ගත් බෝට්ටුවකින්ය. රුවන්ගේ යෝජනාවට ඉන්දියා යන ගමනට බංගදෙනිය පල්ලම පදිංචි කිංස්ලි ද එක් විය. වරෙක දෙමටගොඩ රුවන්ගේ කීමට පාකිස්තානයේ සිට හෙරොයින් රැගෙන ඒමට සුසිල් නිශාන්ත එක්විය. කුඩු තොගය රැගෙන ඒම වෙනුවෙන් දෙමටගොඩ රුවන් රුපියල් කෝටි හතරක් ගෙවන බවට එකඟ වුවද ලබාදී තිබුණේ රුපියල් කෝටියකි. එම මුහුදු ගමනේදී පොහොර උර 04 ක තිබූ හෙරොයින් කිලෝ 125 ත්, 130 ත් අතර ප්‍රමාණයක් බෝලවත්ත ප්‍රදේශයේදී රුවන්ට ලබා දී තිබුණේ ය.

    පැණිදෙණිය හන්දෙස්ස පදිංචි අසංක සුමින්ද හෙළිකර ඇති ආකාරයට 2017 සිට 2021 දක්වා අවස්ථා හතරකදී හෙරොයින් සහ අයිස් කිලෝ 945 ක් මුහුදු මගින් රැගෙන විත් ඇත. පාකිස්තානයේ කාන් සමග අරුණ රංග කුමාර හලාවත, තොඩුවාවෙන් මුහුදු ගොස් රැගෙන ආ මත්ද්‍රව්‍ය මට්ටක්කුලිය හා දෙමාටගොඩ ප්‍රදේශයන් වෙත රැගෙන විත් විකුණා ඇතැයි ඔවුන් හෙළිකර ඇති තොරතුරුය.

    හෙරොයින් සහ අයිස් කිලෝ 280ක්, හෙරොයින් කිලෝ 240ක්, හෙරොයින් සහ අයිස් කිලෝ 225ක්, හෙරොයින් සහ අයිස් කිලෝ 200ක්, මෙම අවස්ථා හතරේදී රැගෙන විත් ඇත.

    මෙම කණ්ඩායමේ අරුණ රංගට භාෂා කිහිපයක් හැසිරවීමට හැකි නිසා ඔහුව ඩුබායි වෙත යවා ඇත්තේද රුවන්ගේ කීමටය.

    රංගගේ මෙහෙයවීමෙන් ‘ශෂිකලා දුව’ නමැති ට්‍රෝලරය මුහුදු ගොස් අයිස් හා හෙරොයින් කිලෝ 340ක් සමග ඉන්දිය ආරක්ෂක අංශවලට කොටු වන්නෙත් දෙමටගොඩ රුවන්ලා දුන් ඇණවුමකට අනුවය. එම තොගය ඉන්දියාවේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව නැවත රුවන්ලාගේ මෙහෙයැවීමෙන් තවත් අයිස් හා හෙරොයින් කිලෝ 225ක් නිශාන්ත ප්‍රනාන්දු නමැති අයකුගේ බෝලවත්ත ඉඩම කිට්ටුවට රැගෙන ආ බවද හෙළිකරන්නේ මෙම ජාවාරමුන්ය.



    ඉන්පසුවද රැගෙන ආ හෙරොයින් කිලෝ දෙසියයක් නිශාන්තගේ බෝලවත්ත නිවස ආසන්නටය රැගෙන ආ බවත්, දෙමටගොඩ රුවන් එම හෙරොයින් රැගෙන යාමට පුද්ගලයකු බෝලවත්තට එවූ බවත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන්නේය.

    මේ අනුව නිශාන්ත ප්‍රනාන්දු යන අයගෙන්ද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ අග මුල සොයන්නටය.

    දෙමටගොඩ රුවන්ගේ නිවසේදී රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබාගෙන 2017 දී දික්ඕවිට වරායෙන් පිටව ගොස් හෙරොයින් කිලෝ 160ක් රැගෙන විත් දුන් ආකාරයේ සිට සියලුම ජාවාරම් ඔහුද හෙළිකර තිබිණි.

    මේ අයුරින් උපයාගත් මුදල් අතරේ රුපියල් කෝටි 16කට අධික දේපොළ හා වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබුණේය. රුපියල් කෝටි නවයක බැංකු තැන්පත් රුපියල් කෝටි හතක රේන්ජ් රෝවර් රථය, රුපියල් ලක්ෂ 480ක බී.එම්.ඩබ්ලිව් අයි.එයිට් රථය, රුපියල් ලක්ෂ 330ක බී.එම්.ඩබ්ලිව්. රථය. ඇතුළු වාහන පෙළක් රත්‍රන් කිලෝ ගණනක්, ඉඩම්, ගොඩනැගිලි මේ අතර වන්නේය.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කරන ලද විමර්ශන හමුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ගේ දක්ෂතාවය මත මෙම විමර්ශනය සිදු කෙරිණි.

    මෙරට පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතියේ රැහැනට කොටු වී ඇති එකම පිරිස දෙමටගොඩ රුවන්ලා පමණය.

    වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, සහකාර පොලිස් අධිකාරි රුවන් කාන්ත යන නිලධාරින්ගේ මෙහෙයැවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා යටතේ උප පොලිස් පරීක්ෂකවරුන් වන මිලාම්, ලක්මාල්, පොලිස් කොස්තාපල්වරුන් වන ලක්මාල් (91409), දිල්ශාන් (24328) යන නිලධාරින් සමස්ත මෙහෙයුමට දායක වී ඇත.

    දෙමටගොඩ රේල්පාරේ කසිප්පු ජාවාරම් කර දෙමාටගොඩ පොලේ කරපිංචා විකුණූ අයියා මලෝ දෙදෙනා අද කොළඹ බලය අල්ලන ජාවරමුන් ලෙසින් කරළියට පැමිණ ඇත්තේ කිරුළපන සිට මීගමුව දක්වා ව්‍යාප්ත කළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් බවද විමර්ශකයන් පෙන්වා දෙයි.

    කුඩු තොග පිටින් ගෙනාහැටි බෝට්ටුකරුවෝ වමාරති
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Lets Go Wow GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    • Like
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,521
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කරන ලද විමර්ශන හමුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ගේ දක්ෂතාවය මත මෙම විමර්ශනය සිදු කෙරිණි.

    මෙරට පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතියේ රැහැනට කොටු වී ඇති එකම පිරිස දෙමටගොඩ රුවන්ලා පමණය.
    පොඩ්ඩක් ගැලපෙන්නෙ නැති කතා දෙකක්. මේ කතා ලියපු එකා ගැන විසේස විමර්සනයක් කරන්න ඕන :poop:
     
    • Like
    Reactions: SLK_sri

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    බලමු නේ..රනිල් රැවුලත් බේරන් කැදත් බොයිද කියල...එක්සත් ජාතික පක්ශ තරුණ බලකා සභාපතිව නේ අත් අඩංගුවට අරන් තියෙන්නේ
    1000018264.jpg
    1000018265.jpg