සුකොයි-24 යානයේ 50 වන සංවත්සරය
මීට වසර 50කට පෙර සුකොයි-24 ගුවන් යානය පලමුවරට අහසට නැගිනි.දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ නිෂ්පාදනය කල,මෙම සුපර්සොනික් ඕනෑම කාළගුණ තත්ත්වයක් යටතේ මෙහෙයුම් සිදුකල හැකි ගුවන් යානය සෝවියට් සහ පසුව රුසියානු ගුවන් හමුදාවල සුවිශේෂී කාර්යයභාර්යයක් සිදුකරන ලදි.සුකොයි-24 සහ එහි නවීකරණය කල සංස්කරණ තවමත් රුසියාවේ සහ ඒවා අපනයනය කල රටවල සේවයේ යොදවා තිබේ.
ආසන දෙකේ,ඕනෑම කාළගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම් කල හැකි උපායමාර්ගික බෝම්බ හෙළීමේ යානයක් වන සුකොයි-24 යානය පැය 24 පුරාවට සේවයෙ යෙදවිය හැකිය.එය බිහිවන්නෙ එක්සත් ජනපද ගුවන් හමුදාවේ එෆ්-111 බහුකාර්යය උපායමාර්ගික ප්‍රහාරක යානයට පිළිතුරක් ලෙසයි.සුකොයි-24 යානයේ සංවර්ධන කටයුතු 1961 වර්ෂයේදී ඇරඹෙන්නේ ටී-6 නම් කේත නාමයෙනි.පළමු මූලාකෘතිය වන ටී-6-1 සම්පුර්ණ කරන්නේ 1967 මැයි මාසයේදීය.එහි පළමු නියමුවා වන්නේ අත්හදා බැලීමේ නියමුවෙක් ලෙස කටයුතු කල විලැඩ්මීර් ඉලියුෂින්ය.පළමු මූලාකෘතිය එම වසරේ ජූලි 2දා ගුවනට නංවන ලදි.ඩිජිටල් මාර්ගෝපදේශන සහ ප්‍රහාරක පද්ධතියක් සහිත පළමු සෝවියට් උපයාමාර්ගික ප්‍රහාරක යානය වූයේ සුකොයි-24 යානයයි.1975 පෙබරවාරි 4දා සුකොයි-24 යානය නිල වශයෙන් සෝවියට් දේශයේ ගුවන් හමුදාවට එක් කරගන්නා ලදි.
සුකොයි-24 ෆෙන්සර් උපායමාර්ගික බෝම්බ හෙළීමේ යානයක් සිරියාවේ ලැටාකියා හි මෙයිමිම් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත කිරීමට සූදානම් කරවන අයුරු.අලුතින් ගුවන් යානයක් නිපදවීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුවක් වන්නේ නියමුවාට හැකිතරම් ස්වයංක්‍රීය පාලනයක් ලබාදීමට අවශ්‍ය ඉලක්ක කිරීමේ සහ මාර්ගෝපදේශන පද්ධතියක් සැලසුම් කිරීමයි.
රුසියාවේ වොල්ගෝග්රෑඩ් කලාපයේ පැවති තරඟාවලිය අතරතුර යුද ටැංකියකට ඉහළින් පියාසර කරන සුකොයි-24 යානයක්.දිවා රාත්‍රී සහ ඕනෑම කාළගුණික තත්ත්වයකදී මෙහෙයුම් කිරීමේ හැකියාව ලැබී තිබෙන්නේ පූමා නම් ඉලක්ක කිරීම් සහ මාර්ගෝපදේශන පද්ධතියට ස්තුතිවන්නටය.ඉලක්ක කිරීමට සහ මාර්ගෝපදේශනයට අවශ්‍ය ඔරියන්-ඒ රේඩාර් පරිලෝකන යන්ත්‍ර සහ පොළොවට ඉතා ආසන්නයෙන් පියාසර කිරීමේදී ස්වයංක්‍රීය පාලනය සපයන්නට අවශ්‍ය රේඩාර් මෙන්ම ඔර්බිටා-10-58 පරිගණකයක්ද එය සතුය.
රුසියානු නාවික හමුදා දිනය සැමරීම නිමිත්තෙන් සෙවස්ටොපොල් නගරයට ඉහළින් පියාසර කරන සුකොයි-24 යානයක්. මෙම ගුවන් යානය නේටෝ සංවිධානය හඳුන්වන්නේ ෆෙනර් යන නමින්ය.ඒ එහි දිගු නාසය කඩුවකට සමාන නිසාය.
රුසියාවේ කලිනින්ග්‍රාඩ් හි චක්ලොව්ස්ක් හමුදා කඳවුරේ යුද ගුවන් යානා ප්‍රදර්ශනයකදී සංචාරකයෙක් ගුවන් නියමුවෙක්ගේ හෙල්මටයක් පැළඳ සිටින අයුරු. මීටර් 24 දිග මෙම යානයට පැයට කි.මී. 1700ක උපරිම වේගයකින් පියාසර කල හැකිය.දුසිම් ගණනක් බෝම්බ් ,මිසයිල එහි රැගෙන යා හැකිය.
සුකොයි සැලසුම් කාර්යාංශ භූමියේ තැන්පත් කර තිබෙන සුකොයි-24 ෆෙන්සර් යානයක්.සුකොයි-24 යානයේ නවීකරණ කටයුතු 70 දශකයේදී ඇරඹේ.1971 වර්ෂයේදී ඊට ගුවනේදී ඉන්ධන ලබාගැනීමට හැකියාව ලබාදෙයි.වැඩිදියුණු කල සුකොයි-24එම් යානය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම 1979 වර්ෂයේදී ආරම්භ කෙරේ.
රුසියාවේ ප්රිමොරි හි අංක 322 දරන ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ කර්මාන්තශාලාවේ තිබෙන සුකොයි-24 යානයක්.මෙම යානයේ පියාසර පරාසය(කි.මී.600-1200) තීරණය වන්නේ මෙහෙයුම,වේගය සහ ගෙන යන අවිවල බර මතයි.සුකොයි-24එම් යානයේ සංග්‍රාමික කාර්යසාධකතාවය එහි පූර්වජයා වන සුකොයි-24 වඩා 1.5-2 ගුණයකින් වැඩි බව විශේෂඥ මතයයි.
රුසියාවේ සෙවස්ටොපෝල් හිදී නාවික හමුදා දිනය සමරන අවස්ථාවේ සිය හැකියාවන් පෙන්වූ සුකොයි-24 යානයක්.අවසන් සුකොයි-24 යානය නිපදවන්නේ 1993 වර්ෂයේදීය.2016 වර්ෂයේදී සුකොයි-24 හි මූලාකෘතිය සේවයෙන් ඉවත් කිරීමට රුසියාව තීරණය කරයි.නමුත් එහි අනෙකුත් සංස්කරණ(සිකොයි-24 එම්/එම්2 යානා 100ක් සහ සුකොයි-24එම් ආර් යානා 79ක්)තවමත් රුසියානු ගුවන් හමුදාව විසින් පාවිච්චි කරයි.
සුකොයි-24 සහ එහි සංස්කරණ තවමත් ඇල්ජීරියාව,අසර්බයිජානය,ඉරානය,සුඩානය,සිරියාව සහ යුක්රේනය මෙන්ම ඇන්ගෝලාව,බෙලරුසියාව,ඉරාකය,කසක්ස්ථානය,ලිබියාව සහ උස්බෙකිස්ථානය යන රටවල ගුවන් හමුදාවන් භාවිතා කරයි.
සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ තිබෙන රුසියානු ගුවන් හමුදාවේ සුකොයි-24එම් වර්ගයේ යානා එකතුව. සිරියාවේ සිටින රුසියානු හමුදා කණ්ඩායම්වල ප්‍රධාන ප්‍රහාරක යානයක් වන්නේ සුකොයි-24 එම් යානයයි.දැනට සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ සුකොයි-24එම්/එම්2 යානා 11 ක් පමණ තිබේ.
රුසියානු සුකොයි-24 එම් යානයක් සිරියාවේ ලැටාකියා ගුවන් තොටුපොලට ඉහළින් පියාසර කරමින්.සුකොයි-24 සහ එහි අනෙකුත් මොඩල ඇෆ්ගන් යුද්ධය,පර්සියන් ගල්ෆ් යුද්ධය,චෙච්නියානු අර්බුදය සහ සිරියානු ගුවන් හමුදා මෙහෙයුම්වලදී භාවිතා කර තිබේ.
Source:sputniknews.com
-HarshaLulzSec-