සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...



    සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයාගෙ නවකතා ලංකාව ඇතුළෙ අති ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වයට ඔහු භාවිතා කරන භාෂාව වගේම ඔහුගේ හදට කතා කරන ආදර අන්දරයනුත් ප්‍රයෝජනවත් වෙන්නට ඇති. ආදරයේදි අපි හැමෝම බොළඳයි කියන එක හොඳටම දැනෙන්න සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයාගෙ පොතක් කියවන්නම ඕන. හැබැයි ඉතිං ගොඩක් අය සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයගෙ නිර්මාණවලට පරිභව කරනවා. හැබැයි ඔහු ඒකෙන් සැලෙන්නෙ නැහැ. මේ ලඟකදි කෝමල් කියල ඇප් එකකුත් නිකුත් කරන්නෙ ඒ ගැම්මෙන්මයි. කට්ටිය ඔහුගේ නිර්මාණවලට පරිභව කරන හේතු බොහෝමයක් තියෙනවා. අපිනම් ඒ හේතු දකින්නෙ ආතල් විදියට. මේ ලියන්නෙ ආතල් ටික ගැන. බත් කටක් කනකොට පපඩමක් හැපෙන ආතල් එක වගේම ආතල් එකක් ප්‍රසන්න ආරච්චි මහත්තයාගෙ මේ ආතල් ඇතුළෙත් අනිවා තියෙනවා කියලා ඔයාලට මේක කියෙවුවම හිතේවි.



    1. හොඳ කොල්ලා


    ප්‍රසන්න ආරච්චි මහත්තයාගෙ පොත්වල තියෙන ප්‍රධාන දෙයක් තමයි හොඳ කොල්ලා කියන එක. අනිවා ඉතිං ඒ පොත්වල ආදර කතාවකුත් ගැබ් වෙලා තියෙනවානෙ. ඉතිං මේ හොඳ කොල්ලා තමුන්ගෙ හිතේ ඉන්න ආදරවන්තියට විතරක් නෙමෙයි ඒ අයගෙ පවුලේ අයටත් හොඳ පුතා වගේ තමයි ඉන්නෙ. ඒ විතරකුත් නම් මදැයි. ගෙවල් ගාව එවුන්ට, පාරෙ එවුන්ට, ඔෆිස් එකේ එවුන්ට ආදී හැමෝටම කරුණාවන්ත සුපිරි බුවෙක්. ඔයිට හපං පොරගෙ අනිත් කොලිටීස්. පොර උගත්. උගත් කියන්නෙ ඉතිං හෙණ උගත්. හැබැයි කරන්නෙ චාටර් ජොබ්. ඒ වගේමයි පොර ලස්සනයි. කොණ්ඩෙ උඩට පීරුවම අවංක පාටයි, පැත්තෙන් බෙදුවම කඩවසම් වගේ සීන් එකෙන් තමයි පොර ඉන්නෙ. ඒවගේමයි කෙල්ලෙක් නෑ. රස්සාවකට ඩිරෙක්ටර් විදියට ගියත් තේ හදලා අල්ලන සීන් එකෙන් තමයි පොර ඉන්නෙ‍. එහෙම කොල්ලෙක් ඉතින් පවතින්න බෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.



    2. බොරුව


    සුජීව මහත්තයාගෙ පොත්වල තියෙනව බොරුව. ඒක තමුන් ලියාගෙන යන කතාවෙන් තමුන්ම වශී වෙලා තැන් තැන්වලට රයිම් වෙන්න ලියාගෙන යන නිසායි සිද්ධ වෙන්නෙ. ඔන්න ඉතිං අපි කියන්නං එයාගෙ බොරු ටිකක්. දියට අඳින්නෙ තන පටලු. ගෑණු දියට අඳින්නෙ දිය රෙද්ද විත්තිය අපි හැමෝම දන්නවනෙ. හැබැයි එයා කියන්නෙ තන පට කියලයි. ඒකත් ඉතිං ආතල් එකක්. තවත් දවසක් මේ කතාවෙ හොඳ බුවෙක් තමුන් ආදරය කරන කෙල්ලගේ අම්මගේ සෙම අසනීපයට හොඳ පෙත්තක් විදියට යෝජනා කරන්ටනෙ ඩයිජීන්. එයාලා ගෑස් ආවම පිරිටන් බොනවද දන්නෑ.ඔන්න දවසක් හෝටල් කතාවක කොල්ලා හෙවත් මැනේජර් කවදාවත් නැතුව හෝටලේට අඳිනව ලා නිල් පාට සැහැල්ලු ටීෂර්ට් එකක්. සුජීවමහත්තයා කියන විදියට එදා ඒ කොල්ල රැවුල කපලා මූණත් නිල්පාටයිලු. මූණු නිල් පාට වෙන්නනං ඉතිං තඩිස්සි වෙන්න ඕන. සුජීව මහත්තයා ලියපු තවත් බොරුවක් විදියට මැද මහනුවර බොරුව ලියන්න පුළුවන්. ඒ අනුරාධපුරයේ ඉඳලා කාර් එකක් ගන්න නුවර එනකොට මැද මහනුවර පහුවුනා කියන කතාව. මැද මහනුවර තියෙන්නෙ මහියංගනේ පැත්තට කිට්ටු වෙන්න. හදිස්සියෙන් හෝටලේට වාහනයක් ගන්න එද්දි එච්චර දුර පාරකින් යන්න ඕන නෑනෙ මහත්තයො.



    3. කෑම රෙසිපි


    මේ තමයි ප්‍රසන්න ආරච්චි මහත්තයාගෙ ප්‍රධානම ආතල් එක. කෑම. ප්‍රසන්න ආරච්චි මහත්තයා මේ වැඩේ නං කටට කෙල උනන්න කරනවා. බත් කන වෙලාවකට කියවන්න සුපිරිම ඒ ආතල් එක තමයි. ඔය අවුඅස්සෙ වයිට් වයිනුයි හැඳැල්ලො බයිට් එකයි වගේ නොගැලපෙන දේවලුත් තියෙනවා තමයි. හැබැයි ඉතිං සිංහල කෑම කම්බිනේෂන් විදියට ගත්තාම සූජීව ලොකු අයියගේ කෑම කම්බිනේෂන් නියම දැවිල්ලට මික්ස් වෙන කිරි රසෙනුත් හපන හපන කටට වෙනස් සංවේදනයක් දෙන මැල්ලුම් වර්ගවලිනුත් සුවිශේෂයි. ඕව ඉතින් අවුල් යන්න සමහර වෙලාවට මැල්ලුම් වර්ගම තුනක් විතර බත් එකේ තියෙන වෙලාවලුත් තියෙනවා. ඒක වෙන්නෙ මෙහෙමයි. සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයාට තියෙන කෑම කම්බිනේෂන් ප්‍රමාණය වැඩියි. පොතේ කන තැන් අඩුයි. ඉතින් කෑමක් ගැන දාන්න තියෙන තැනට අර ඔක්කොම එක පාර ඔබ්බවන්න එයා ට්‍රයි කරනවා.


    4. ආදරේ කරන සොඳුරුම විධි


    ආදරේ කරන සොඳුරුම විදිය නොදන්නවනං මේ තමයි ඒක ඉගෙනගන්න හොඳම පොත් සෙට් එක. බය සහ ගෞරව සම්ප්‍රයුක්තය තියෙන මෙහෙවු කොල්ලෙක් කෙල්ලෙකුට මේ ආත්මෙට ලැබෙන්නෙ නැහැ. ඇයි යකෝ ඔන්න කෙල්ලට අවන් එකක් ගන්න ඕන උනාම කොල්ලා කඩේට ගිහින් අවන් එක අරන් කෙල්ල ඉන්න වාහනේ ගාවට එනවා. ඒ ගැන ලියන්නෙ බුද්ධ පූජාව අරගෙන ඉන්නව තරම් ගෞරවයකින් ඒක කරන විදිහටයි. අනික තනිකරම ඕෂෝ කියෝපු කොල්ලො තමයි ඉන්නෙ. කෙල්ලව අයිති කරගන්න හදන්නෙ නෑ. යන්න දිදී ආදරේ කර කර අඬනවා. මේ තරම් පිවිතුරු ආදරයක් මෙයින් පොතක් නොකියවපු කොල්ලෙක්ගෙන් නං ලබන්න බෑ.



    5. නොතේරුම්කම


    මේ කතාවල ඉන්න බබ්බුන්ගෙනුත් සුපිරි ආතල් එකක් ගන්න පුළුවන්. ඇයි ඉතිං මේ අයට මොකුත් තේරෙන්නෙ නෑ. කෙල්ල මහ රෑට කෝල් දෙද්දි, කොල්ලගෙ කෑම එකෙන් කද්දි, කොල්ලට මහත්තයෝ කිය කිය කතා කරද්දි, මං ඔයාට හරීම … කියල නවත්ත ගනිද්දි, දුර ගිහින් අඬ අඬ කෝල් දෙද්දි, කොල්ල නොකෑවම නොකා ඉද්දිත් කොල්ලට කෙල්ල තමුන්ට ආදරෙයි කියා නොදැනීම ෆුල්ම ආතල් එකක්.



    6. පළවෙනි පොතයි දෙවනි පොතයි


    සුජීව ලොකු අයියත් පොත් ගහද්දි හෙන ගහන්න ගඟ දෝරෙ ගලන්න පොත් ගහනවනෙ. ඉතිං පළවෙනි පොතේ එවුව දෙවනි පොතේදි අමතක වෙනවා. නිලම්බරේ පලවෙනි පොතේදි කෙල්ල තමුන්ගෙ අම්මට කියනවා අම්මලට මට කලින් පුතෙක් හම්බෙන්න ඉඳල නැති වුනා නේද කියල. දෙවනි පොතේදි කියනව අම්මයි තාත්තයි බැන්දෙ කෙල්ලව කසාදෙට කලින් බඩට ආපු නිසා කියලා. එතකොට අයියෙක් ගැන මතකත් නැහැ. පළවෙනි පොතයි දෙවනි පොතයි අතරෙ කතාව අමතක කරන්න පුළුවන්නෙ. පොතේ මුලයි පොතේ අගයිත් ඔය විදියම ආතල් එකක් තියෙනවා. පොතේ මුල ඒ තාත්තා තරම් හොඳ තාත්තෙක් ලොවෙත් නෑ. එයාට පාළුයි. එයා අවංකයි. අග්ගිස්සට එන්න එන්න එයා කොළඹ වෙනිං ජීවිතයක් ගත කරන නිසායි බිරින්දෑවයි දුවවයි තනිකළේ වගේ දෙබසුත් යන අවස්ථා තියෙනවා. ඕවට ඉතිං කේන්ති ගන්න ඕන නෑ. ඕවා තනිකරම ආතල්.



    7. කෑම ප්ලෑනින්


    දැන් සාමාන්‍යයෙන් අපි ගමනක් යන්න ප්ලෑන් කරන්නෙ කොහොමද?

    “උදේට කොට්ටාවෙන් පිටත් වෙලා. දවල් වෙද්දි නුවර ගිහින් මාලිගාව වැඳල, හොඳ හෝටලේක නැවතිලා එහෙම එමු”

    මේ වගේනෙ. ඒත් සුජීවගේ ඔය දේවල් ප්ලෑන් වෙන්නෙ මෙහෙමයි.

    “උදේ පාන්දර කොට්ටාවෙන් බස් එකට නගින්න කලින් වීරසිරියෙන් උණු උණු උළුඳු වඩේ එකකුයි හොට් මයිලෝ එකකුයි බොමු සුදූ. නුවර අහවල් හෝටලේ දානව නියම ශ්‍රී ලංකන් රසට බුෆේ එකක්. දවල්ට ඒකෙන් කාල වැව රවුමේ ඇවිදිමු. ඊට පස්සෙ මාළිගාවට වෙලා ටිකක් නිස්කලංකේ ඉන්න පුලුවන්නෙ. එමින් ගමන් මග තියනවා ආච්චි කෙනෙක් කරන පුංචි ආප්ප කඩයක්, මම ඔයාව එක්ක යන්නම්කො එතනට හවසට. එතෙන්ට ගිහින්, උණු උණුවෙන් දාන කිරි සුදු ආප්පයක් කාල ඉඟුරු කහට එකක් බොමු ම්… යන ගමන් නුවර බේකර්ස් එකෙන් රසම රස බටර් කේක් එකකුත් ගමු. හෝටලේදි රෑට ආයෙමත් ශ්‍රී ලංකන් මෙනු එකක් අරන් හරි නෑනෙ බබා අපි ගමු චයිනීස්. එතන දානව නියම ෆ්‍රයිඩ් නූඩ්ල්ස් එකක්. ළූනුකොල කපලා, කැරට් හොඳට හීනියට කපලායි ඒක හදන්නෙ. කට්ල් ෆිෂ් ඩෙවල් එකක් එක්ක මරු. ඊට පස්සෙ රෑ වෙලා වේටර් මල්ලිට කියල උණු උණු කිරි කෝපි පෝච්චියකුත් හදාගෙන නුවර බේකර්ස් එකෙන් ගත්ත බටර් කේක් කන ගමන් බොමු. බිබී රෑ වෙනකම් කතා කර කර ඉමු. ඔයා ආසයි නේද සුදූ ම්…”



    8. ගෑස්ට්‍රයිටිස් සහ ලවු


    ගැස්ට්‍රයිටීස් කියන්නෙ ලෙඩක්. ලවු කියන්නෙ හැඟීමක්නෙ. සුජීවට ඔය දේවල් දෙක පැටලෙනවා. ඒක තමයි හොඳම ආතල් එක. ඒ විදියට ෆීලින්ග්ස් පටලගත්ත අවස්ථා එමටයි. උදාහරණෙකට මෙහෙම දේවල් හුඟක් සිද්ධ වෙනවා. අපි මේවා ලියන්නෙ කියෝපු මතකේ ආතල් එකෙන් ඕන්.
    උදේ පටන් හරි හමන් කෑමක් නැත… ඇත්තටම කිවුවොත් කෑමට පිරියක් හිතුනේ නැත… ගෙදරින් පිට වුණේ තාත්තාගෙ මුහුණවත් නොබලාය… කාර් එක හයිලෙවල් පාරට හරවා මහරගම දෙසට ඇදුනේ පුරුද්දටය… අනේ… අර අහිංසක කෙල්ල තට්ට තනියම මේ දේවල් කොහොම දරාගන්නව ඇද්ද? ආයෙත් පපුව රිදුම් දෙන්නට පටන් ගෙන ඇත. මේ අද දවසට පපුව පිච්චුණ විසි නම වැනි වතාවය
    ඔන්න ඔය වගේ සීන්. ඒවා ගැස්ට්‍රයිටීස් ලක්ෂණ නමුත් ආදරය ලෙස වරදවා වටහාගත් ඒවා වෙයි.

    උපුටාගැනීම අනිවා.lk

    ප.ලි:-

    මාත් ඕලෙවල් ලියලා ඉවර වෙලා ගෙදර ඉන්න කාලෙ එකපාරක් මට හම්බුනා සුජීවයගෙ පොතක් කැම්පස් ඉන්න අක්කා කෙනෙක්ගෙන් නිකමට කියවලා බැලුවා... ටහිකේ කියවන්න පටන්ගත්තා විතරයි මතක එක හුස්මට පොතම කියවල දැම්මා......දැන් උගෙ පොත් මෙහෙම පට්ට මල විකාර බොලද මල් කතා වගේ පෙනුනට ඒ වයසට ඒ පොත කියවල ආපු හැගීම කියාගන්න බෑ යකෝ වෙවුලලා ගියා!!! පස්සෙ මගෙ ලග තිබ්බ සල්ලියි පොකට් මනී හම්බෙච්චයි ඔක්කොම දාලා ගෙනාව සුජීවයගෙ පොත්:P බොද මීදුම්1,2,3,නිලම්බරේ1,2,3,සපූ1,2,3,4,5,6, සින්දුර් 1,2,3 වර්ෂා1,2,3,4,5.....12.:P:P මම හරකෙක් වගේ හරකෙක් වගේ පොත් සීරිස් පිටින් ගත්තා උගේ(දැන් මතක් වෙද්දී #ක හපාගෙන මැරෙන්න හිතෙනවා:P)...... ඕවා කියවලා ඒලෙවල් ක්ලාස් යන්න පටන් ගත්ත ගමන් පිසික්ස් ක්ලාස් කෙමෙස්ට්‍රී ක්ලාස් පීර පීර හොයන්න ගත්තා අරූගෙ පොත් වල හිටියා වගේ පූජනීය කෙල්ලෙක්:P (මැත්ස් ක්ලාස් වල හිටිය කෙල්ලො මෙලෝ රහක් නැති හින්දා :D)

    මම වගේම එකාලෙ #ක ඉරාගෙන හොරෙන් හොරෙන් සුජීවයගෙ පොත් කියවපු තව උන් ඇතිනෙ එලකිරියෙ....වරෙල්ලා මේ ත්‍රෙඩ් එකට සුජීවයගෙ පොත් වල ආතල් ඒ පොත් හින්දා වෙච්ච ආතල් ඒ පොත් වල තිබ්බුවා අතහදාබලන්න ගිහිං හම්බ කුජීත වෙලා නස්තාර් උන අවස්ථා.... ඔය වගේ රසබර සිදුවීම්/මතක බෙදාගන්න...
     
    Last edited:

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    Math kiyawala thiyenawa uge poth. mage adahasa lankawe generation ekakma gobba wuna oya poth hinda. dan internet hinda poddak commen sense tikak withara aye hadila. nathnam patta bolada mal adahas thiyena un bo una
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    හැබැයි පොර පුදුම ලියමනාවක් ලියන්නනේ. මම හිතන්නේ මිනිහා ඉපදුනේ වැරදි කාලෙදි. මිනිහා ඉපදෙන්න තිබුනේ ඔයිට අව්රුදු 30 කට විතර කලින්. එහෙනං පොර ජෝතිපාලට, විජය කුමාරතුංගට වැඩිය ජනප්‍රිය වෙනවා. මොනවා උනත් අපේ රටේ මිනිස්සු ලේඛකයින්ට තැන දෙනවා මදි බං. වෙන රටවල ලේඛකයෝ කිව්වම කොච්චර ඇගයීමක් තියනවද. ඒත් මේ රටේ සුජීවලට කිසිම ඇගයීමක් නැති කොට මල් ටෙලිනාට්‍ය වලටයි මල් මෙලෝ රහක් නැති ෆිල්ම් වලටයි ඒවගේ රගපාන උන්ටයි ෆුල් ඇගයීම් කරනවා.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සුජිවයගේ පොතක් තිය අඩුම තරමේ මඩොල් දුව වත් මම කියවල න....:D

    මගේ සාහිත්‍ය හැගීම NIL .:P:P
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පට්ට කතා තමයි තියෙන්නෙ මචං..
    මං නං කියවන්නෙ නැත්තෙ එකකින් ඉවර නොවී සුජීවට මතක් වෙන මතක් වෙන වෙලාවට තව කොටසක් ලියනවා..
    අන්තිමට පොරටත් මතක නැතුව ඇති කතාවෙ මුල :P;):D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Math kiyawala thiyenawa uge poth. mage adahasa lankawe generation ekakma gobba wuna oya poth hinda. dan internet hinda poddak commen sense tikak withara aye hadila. nathnam patta bolada mal adahas thiyena un bo una

    ඔව් උබේ කතාව ඇත්ත ඒත් ඒ පොත් කියවපු උන් තේරෙන වයසට එද්දී ඕවා තනිකර ගොන් බොලද කතා කියලා තේරෙනවා
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    555sbc.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    හැබැයි පොර පුදුම ලියමනාවක් ලියන්නනේ. මම හිතන්නේ මිනිහා ඉපදුනේ වැරදි කාලෙදි. මිනිහා ඉපදෙන්න තිබුනේ ඔයිට අව්රුදු 30 කට විතර කලින්. එහෙනං පොර ජෝතිපාලට, විජය කුමාරතුංගට වැඩිය ජනප්‍රිය වෙනවා. මොනවා උනත් අපේ රටේ මිනිස්සු ලේඛකයින්ට තැන දෙනවා මදි බං. වෙන රටවල ලේඛකයෝ කිව්වම කොච්චර ඇගයීමක් තියනවද. ඒත් මේ රටේ සුජීවලට කිසිම ඇගයීමක් නැති කොට මල් ටෙලිනාට්‍ය වලටයි මල් මෙලෝ රහක් නැති ෆිල්ම් වලටයි ඒවගේ රගපාන උන්ටයි ෆුල් ඇගයීම් කරනවා.


    පට්ට බොලද උනාට උගෙ කතාවලත් අස්සෙ ගන්න දෙයක් නැතුවමත් නෙවෙයි :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සුජිවයගේ පොතක් තිය අඩුම තරමේ මඩොල් දුව වත් මම කියවල න....:D

    මගේ සාහිත්‍ය හැගීම NIL .:P:P

    WTF???:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කටුසු පුතත් කියෙව්වද මේවා:rofl:
    කොහෙන්ද හම්බෙලා එකක් කියෙව්වා :P හම්මෝ මම හිතුවේ බැන්දම හැම කෙල්ලම කොල්ලට "මගේ බුදු මහත්තයො" කියලයි කොල්ලෝ කෙල්ලට "මගේ සුදු මැණික" කියලයි කතා කරනව ඇත්තෙ කියල :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    kiywala naha ban malata

    ekpaarak uthum pathum ekeda koheda kellkge sayak irena kathaawak ahamben dakkaa
    eka kiyewwa echchramayi

    නදකිං අසහනයා ඒක කියවල තියෙනෙත් කෙල්ලෙක්ගෙ සාය ඉරෙන සීන් එක හින්දා:P උබලට සදා සිංහල වැල කතා තමා:rofl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    පට්ට කතා තමයි තියෙන්නෙ මචං..
    මං නං කියවන්නෙ නැත්තෙ එකකින් ඉවර නොවී සුජීවට මතක් වෙන මතක් වෙන වෙලාවට තව කොටසක් ලියනවා..
    අන්තිමට පොරටත් මතක නැතුව ඇති කතාවෙ මුල :P;):D

    ඔව් ඔව් අග මුල මැච් වෙන්නැති සීන් සෑහෙන්න තියනවා