සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    ජැක් භෝජනාගාරෙ ඉදන් පිම්මට දුවගෙන ගියෙ රෝස් උදේම නැව් තට්ටුවට නගිනව කියල දන්න නිසා .රෝස් කොච්චර වැඩ තිබුණත් නැව් තට්ටුව උඩ හිටවල තිබුණ සමන්පිච්ච පදුරට වතුර දාන්න කවදාවත් අමතක කරේ නෑ.කෙල්ල සිරියාවන්තයි.පැළවලට වතුර දාල ඉවර වෙලා පෝර බෑග් වල යාන්තමට ඉන්දගෙන තිබුණ තම්පලා පැල වලටත් පෝර දැම්ම.නැවේ කෑම ගණන් නිසා රෝස් දන්නව පිරිමහගන්න.

    ජැක් දුවගෙන එනකොටම දැක්ක උඩ ඉදන් රෝස් එනව..ජැක් තමන්ගෙ බාට දෙක ගලවල ආපු එක ගැන සතුටු හිතුණ..පටියක් කැඩිල නිසා ඒකට හැට්ට කට්ටකුත් ගහල තිබ්බෙ..කෙල්ල දැක්ක නම් පිච්චෙයි…
    ජැක් තමන්ගෙ අතේ තිබුණ කෙසෙල් කොලේ ඔතපු පාර්සලේ අත පිටිපස්සෙ හංගගෙන කෙල්ලට සුභ උදෑසනක් කිව්ව..

    රෝස් ජැක්ගෙ පිරිමි අතින් අල්ලන් “මහත්තයො,අපි යන් කන්න” කියල ජැක්ව එක්කන් ගියා තමන්ගෙ කාමරේට…

    ජැක්ගෙ අඟල් 28 පපුවට දැනුන රෝස්ගෙ කාමරෙ තිබුණ ආත්මීය ඕඩිකොලොන් සුවඳ..කාමරේ දෙන්නටම ඉන්න පුටු දෙකක් නැති නිසා ජැක් බීර පීප්පෙක තමා ඉඳගත්තෙ..රෝස් ලස්සනට කෑම ටික ලෑස්ති කරල තිබුණ…ලාම්පුතෙල් ලිපේ ඉව්වා උනත් කෙල්ල උයන කෑම රසයි…
    ම්ම්ම් ගහල කොළ මැල්ලුම..මං ආස දේවල් රෝස් නෝන දන්නව නේද .රෝස් ඒක අහල එයාගෙ පුරශ්චාර්වක දත් වලින් හිනා වුණා හීනියට….

    එතකොටත් මතක් වුණේ පාර්සලේ..මං ඒක රෝස්ට දික් කරේ මුලු පුප්ඵුශීය ශිරාවම දෝරෙ ගලා යන ආදරේකින්…
    ජැක් අයියේ..කකුළුවො නේද මං ආසම..කෙල්ල කකුළු අඬුවක් ආසාවෙන් සූප්පු කර කරමයි ඇහුවෙ…කොහෙන්ද අයියෙ මේ…
    රෝස් නෝන මං ඊයෙ මගෙ මදුරු දැල දාල අල්ල ගත්තෙ..රසයි ද…
    රසයි මහත්තයො..රෝස් කිව්වෙ මගෙ පිඟානට දෙල් මාලුව ටිකක් බෙදන ගමන්…. ජැක් අයියේ ඒ වුණාට මුරුංග කොළ ටිකකුත් ආව නම් ශෝයි…

    ඒත් අත්ලන්තික් සාගරය පිස එන සුළඟකවත් මුරුංගා සුවදක් එන්නෑ කියල අපි දෙන්නම දැනන් හිටිය …..
    දෙන්නම කාල ඉවර වෙලා එකතුවෙලා පිඟන් හේදුව… ජැක් විවේක වෙලාවට රෝස් ට පොල් ගාල දෙනව.හාල් ගරල දෙනව .හරිම සහයෝගයෙන් හිටියෙ…
    ඊට පස්සෙ රෝස් එයාගෙ කබඩ් එක ඇදල මොනාදෝ හොය හොය ඉන්නව ජැක් දැක්ක…කපුරු බෝල සුවඳ මං හිතන්නෙ මුළු ටයිටැනික් නැවටම දැනෙන්න ඇති ..

    ජැක්…මේක ඔයාට…..රෝස් මට දික් කරේ චයිනීස් පොලියෙස්ටර් රෙද්දක්..ලා සුදු පාට.. ඒක හරිම පිළිවෙලකට නවල තිවුණ.. පොලිතින් කවරෙ උඩ තිබුණ “අත්ලාන්තික් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙන් ඔබට නිදහස් අධ්‍යාපනය යටතේ ලැබෙන තිලිණයකි “කියල මුද්‍රිත කොළයක්..යටින් හීනියට ජනාධිපති තුමා අත්සන් කරලත් තිවුණ නිසා මං දැනගත්ත මේ රෝස් ගෙ යුනිෆෝම් රෙද්දක් කියල …..
    මගෙ පපුව ඉදිආප්ප තම්බන හුමාලෙට අහු වුණා වගෙ දාල ගියා..ලුණු රස කදුළු බිංදුවක් මගෙ දිව සිපගත්තෙ මහ මෙරක් විතර වේදනාවට

    මහත්තයෝ…ඔයා රෑට පෙරවන රෙද්ද හොදටම ගෙවිල නේද …මං දැක්ක ඊයෙ රෑ ඔයාලගෙ කාමර පැත්තෙ ඉන්න අර රෙදි හෝදන ෆාතිමා නව සද බලන්නත් ඔයාගෙන් ඒ රෙද්ද ඉල්ලනව..එච්චරකට ඒකෙ දැල්.ඕක තියාගන්න .රෝස් කිව්ව.
    ඒත් රෝස් නෝනා ඇයි මේ රෙද්දෙන් යුනිෆෝම් මැහුවෙ නැත්තෙ..කෙල්ල ශිෂ්‍යත්වෙ එහෙමත් පාස්..ඉගනගන්න දක්ෂයි .ඒ නිසා මං ඇහුවෙ…

    මහත්තයෝ…රෝස් ඉකිබිදින්න පටන් ගත්තෙ අත්ලාන්තික් සාගරයට මධයධරණී මූද එකතුවෙනකොට කවුරු හරි ගල් ගගන්න වගේ..
    ඕක මගෙ නෙවෙයි මහත්තයො..මගෙ හොඳම යාලුව..13 වසරෙදි පැනල ගියානෙ රත්තරන් ….එයාගෙ ඕක…මට ටීච දුන්න..කෙල්ලට හොදටම අවුල් ගිහින් ….
    ජැක් හිතාගත්ත තමන්ගෙ අහිංසක දුප්පත් කෙල්ලට මේ වෙනුවෙන් නැවෙන් බැහැපු ගමන් චීත්ත යාර 3 ක් අරන් දෙන්න …බෝරිච්චි අත් දාපු ගවුම් කෙල්ලට හරි හැඩයි…

    *******ආත්මීය නවකතාව ටයිටැනික් 2 සමගින් හමුවෙමු.******



    පසුගිය සතියේ කතාව එසේ අවසන් කල Ishu Windy නංගි අද(ජුනි29) උදෑසන ඈ පොරොන්දු වූ පරිදි Titanic දෙවන කොටස ගෙන එන්න අමතක කලේ නෑ, ඒකත් බලලා ඉමුකේ



    ජීවිතය බලාපොරොත්තුවක් නොමැතිව කුණු කාණු පිළිකන්නට වැටී තිබියදී දෛවෝපගත ලෙස හමුවී ජැක් සහ රෝස්ගේ ආදරය අත්ලාන්තික් සාගර පතුලේ නැංගුරම් දාල තිබුණෙ…දෙන්නටම අමාරු කාලයක්… ඒත් ඒ ලස්සන හදවත් ආදරය කියන කටු කම්බි වලින් හීනියට බැදිල තිවුන……
    අද නාට්‍ය ශාලාවෙ ලොකු සාදයක් තියනව ..රෝස් හිතන් ඉන්නෙ ජැක් එක්ක යන්න…මන්දාරම් වළාකුළු බටහිර දේශාංශ වලට වැටිල තිබුණ බොයිලේරු දුම් දාන හැන්දෑවක රෝස් ඇදගන්න පටන් ගත්ත…

    මුලින්ම කෙල්ල ඇඟ පුරාම පෙයාස් බේබි ක්‍රීම් ගා ගත්ත.ඊට පස්සෙ ඇදුම් ඇඳගත්ත.ඊළඟට කරේ කකුලෙ වළලුකර සපත්තුවට කැපෙනවට ඩෙටොල් ප්ලාස්ටරයක් ගහ ගන්න එක.ඊට පස්සෙ තාර බූට් දෙක දා ගත්ත.මේව රෝස්ගෙ තාත්ත වල් ගහනකොට දාපුව කියල යන්තන් මතකයි කෙල්ලට..
    එතකොටම තමයි නාවික සැතපුම් දහස් ගාණක් දුවගෙන ජැක් එතනට ආවෙ..ජැක් ගෙ අතේ වහ කුප්පියක් වගේ මොකක්ද දැකල රෝස්ගෙ පපුව සූත්‍රිකා බල්බ් එකක් වගෙ පත්තු වුණේ…
    ජැක්…මොක….ක්…ද…මේ??කෙල්ල ඇහුවෙ උගුරෙනුත් නෙවෙයි මහා ප්‍රාචීරයෙන්.

    “අනේ රෝස් නෝන.වහ කුප්පියක දාන් ආවට සමාවෙන්න.හොයා ගන්න වෙන හිස් බෝතලයක් තිබ්බෙ නෑ..මේ ඔයා ආසම ලැවැන්ඩරා ඔයිල්.මං සදර්ම්ටන් වලදි මැනිං මාකට් එකෙන් ගත්තෙ..
    රෝස් හරිම ආදරණීය විදියට ඒ කුප්පිය අරගෙන සුවඳ බැලුව..ඒ සුවඳ හරිම ආත්මීය විදියට මුලු බහිස්‍රාවී පද්ධතියටම කිදා බැස්සෙ කොමඩ් එකට හාපික් වැටෙනව වගේ…
    ඒත් එකපාරටම රෝස් ගැස්සිල “ඒත් ජැක් ඔයාට කොහෙන්ද හිස් වස බෝතලයක් …..”කියල අහල තමයි මේලෝකෙ සිහියට ආවෙ.

    ජැක් උත්තර දෙන්න ටිකක් මැලි වුණේ දෙක වසරෙ පොඩි එකෙක්ගෙන් ප්‍රජනනය පාඩම ගැන ඇහුව වගේ.
    “රෝස්…නෝ..නා…ඕක මං ඉල්ල ගත්තෙ ඡන්දෙ කාලෙ ඔට්ටුවක් දාපු නැවියෙක්ගෙන්…..”
    ආ එහෙනම් කමක් නෑ මහත්තයො..රෝස් දිග හුස්මක් හෙලනකොට කලින් හුස්ම ගත්ත ලැවැන්ඩරා සුවඳ ටයිටැනික් නැව පුරාම පැතිරුණා…
    ජැක් අයියේ..තේ චුට්ටක් බොමු ද……වැලිතලප වගේකුයි නාරං කැවුම් වගේකුයි තියනව …

    සාදෙකට යන්න කලින් වුණත් රෝස් තේ බොන්න කතා කරාම ජැක්ට බෑ කියල බෑ නෙ….
    BOPF තියන තේ කොළ චුට්ටක් අල්ලට අරගෙන කෙල්ල ලස්සනට තේ හැදුව..පැලවත්ත සීනි හැන්දක් පුරවල දැම්ම.තේ ලෑස්තී…
    රෝස් ඔයා සීනි අඩුවෙන් දැම්මෙ ඇයි …ජැක් ඇහුවෙ සීනි ඉවරවෙලාද කෙල්ල මෙහෙම කරේ කියල …
    නෑ අයියෙ මං අල්ලෙ කාල කහට බොන්න ආසයි ..කෙල්ල මිමිණුවා..
    රෝස් දැක්ක ජැක් කිලිටි වෙච්ච නාවික ඇදුමට උණත් හරිම ලස්සනයි..තැන තැන අණ්ඩ දාල තිබ්බත් කමිසෙට ඒකෙන් අමුතු රටාවක් ලැබිල තිබුණ..කොණ්ඩෙ තැඹිලි තෙල් ගාල හීනියට පීරලා..කමිසෙටම ගැලපෙන බතික් කලිසම….

    ඒත් එකපාරටම නොහිතපු මොහොතක එතනට ආවෙ රෝස්ගෙ ඉරණමේ ලියවිලා තිබුණ දුෂ්ඨයා…..අදුරු මතකයක සෙවණැල්ල…
    ජැක්ගේ ලෝකයේ හිරුද සඳුද රෝස් වූ කල විශ්වයක් ගැන කුමන කතාද…ජැක්ට රෝස්ගේ විවාහ යෝජිත මනමාලයා කාල් තවත් එක් උල්කාපාතයක් පමණි…..
    කොළ හැලෙන ජූනි මාසයේ අතුගගා කියවන්න..ටයිටැනික් 3 බලාපොරොත්තු වන්න…
    මං ඔබේ ඛේදනීය ලොකු අයියා..

    මේ හාස්‍යජනක කතා වස්තු දෙකම උපුටාගන්නේ –

    ---ISHU WINDY---


    Copy karaganda beri wechchi aya wenuwen..

    පව් උට්ටො සුජීවයා
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මන්නම් ඕකගේ ඒවා කියවන්නෙම නැ . යෞවන සමින්ද ගේ පොතක් කියුව නෝටි කියල එච්චරයි . එකටනම් පට්ට හිනා යනව බන් . එකේ දෙවැනි කොටසනම් එපාම කරපු එකක් .
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන්නම් ඕකගේ ඒවා කියවන්නෙම නැ . යෞවන සමින්ද ගේ පොතක් කියුව නෝටි කියල එච්චරයි . එකටනම් පට්ට හිනා යනව බන් . එකේ දෙවැනි කොටසනම් එපාම කරපු එකක් .
    meyage poth walatanam patta asai.tamath poth okkoma tiyanawa.liyapu hama potakma kiyewwa:cool:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩෝ හොද පොත් ටිකක් හොයන් කියවපන් බං (හොද පොත් කියන්නෙ සුජීවයගෙ මල් කතානං නෙවෙයි ඈ:P)

    කතා පොත් කියවන්න හිත දෙන්නෙම න බන්....

    මම පොත් 2ක් කියවල තියෙනවා....

    එකක් ටින් ටින් ගේ වීර ක්‍රියා.. අනිත් එක දොස්තර හොද හිත....(අවරුදු 16 කාට කලින්...)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අනිත් එක තමයි විශේෂයෙන්ම කෙල්ලන්ගේ brain wash වෙන එක....අර indian කතා බලන්න ගත්ත වගේ තමයි...
    අයෙත් වෙනම ලෝකයක ජිවත් වෙන්නේ...​

    සිරා .. දැන් මහරාජ කාරය ඉන්දියන් නාට්ටි ටික ගෙනල්ල අපේ ගෑනු ටිකව ටීවී එකට කොටු කරා .. ඊට පස්සේ උන්ට කලාවක් සාහිත්‍යයක් තේරෙන්නේ නෑ මැෂින් වගේ , උදේට නැගිටිනවා ගෙදර වැඩ ටික කරනවා ටීවී එක බලනවා බුදියගන්නවා .. හෝල් එකකට ගිහිල්ල ෆිල්ම් එකක් බලන්න , රෑට පොඩ්ඩක් ඇවිදින්න යන්න උවමනාවක් නෑ අර චූන් එක හම්බෙන නිසා .. අන්තිමට ඒක පවුලේ අනික් උන්ටත් බලපානවා .. ඊට පස්සේ පවුල විකෘති වෙනවා , පවුල් විකෘති උනාට පස්සේ ගම විකෘති වෙනවා ගම විකෘති උනාට පස්සේ මුළු රටම විකෘති වෙනවා :baffled:

    මේ පොත් කියෝන එකෙන් කෙල්ලෝ හීන ලෝක වලට යනවා විතරක් නෙවෙයි අර මල් සින්දුත් එකතු උනාට පස්සේ චූන් එක උපරිම වෙලා තමා කොච්චි වලට එහෙම පනින්නේ ඔය :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :cool: ela sadaranayi tharakaya namuth minissunwa manasikawa hoda wenawa bolada katha walinuth mama ehema hithanawa waradida danne naha

    පිස්සුද සහෝ "ගුරු ගීතය" කියෝලා ලැබෙන මානසික සහනය මේ වගේ පොන්න නවකතා කියෝලා ලැබෙන්නේ නෑ , ඒවත් ආදර කතා තමයි .. මුගේ කතා කියෝලා සහනෙට වඩා අසහනේ තමා ඉතුරු වෙන්නේ :rofl::baffled:
     
    • Like
    Reactions: Arrow11

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සිරා .. දැන් මහරාජ කාරය ඉන්දියන් නාට්ටි ටික ගෙනල්ල අපේ ගෑනු ටිකව ටීවී එකට කොටු කරා .. ඊට පස්සේ උන්ට කලාවක් සාහිත්‍යයක් තේරෙන්නේ නෑ මැෂින් වගේ , උදේට නැගිටිනවා ගෙදර වැඩ ටික කරනවා ටීවී එක බලනවා බුදියගන්නවා .. හෝල් එකකට ගිහිල්ල ෆිල්ම් එකක් බලන්න , රෑට පොඩ්ඩක් ඇවිදින්න යන්න උවමනාවක් නෑ අර චූන් එක හම්බෙන නිසා .. අන්තිමට ඒක පවුලේ අනික් උන්ටත් බලපානවා .. ඊට පස්සේ පවුල විකෘති වෙනවා , පවුල් විකෘති උනාට පස්සේ ගම විකෘති වෙනවා ගම විකෘති උනාට පස්සේ මුළු රටම විකෘති වෙනවා :baffled:
    මේ පොත් කියෝන එකෙන් කෙල්ලෝ හීන ලෝක වලට යනවා විතරක් නෙවෙයි අර මල් සින්දුත් එකතු උනාට පස්සේ චූන් එක උපරිම වෙලා තමා කොච්චි වලට එහෙම පනින්නේ ඔය :rofl:

    හරියට හරි...හරියට හරි.....මට ලියන්න අමතක උනා පේලිය උබ ලියල...

    මල් සින්දු ටිකත් එකතු උනාම...ගංජා ගහල ඉන්න එකට කුඩු දුන්න වගේ තමයි....සදා සොත්ති වෙලා..පොඩ්ඩක් එහා මෙහා උනා ගමන් බෙල්ල පිල්ලේ...
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උට ත්රෙඅඩ් එක mail කරපන්....උගේ පපු කහුත්ත පලාගෙන මැරෙයි...:rofl::rofl:
    :lol::lol::lol:අය පොතක් ලියන එක අර ජැක්ගේ කතාව ලිව එකටම ලියන්න දෙයි:Dඋගේ කතා එපාම වෙන්නේ පොඩි දෙයක් හරි පිටු 100ක් විතර අදින නිසා :confused:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක තමයි අදකාලේ හොදට ඉන්න යමක් කමක් හිතන්න නව නිර්මාණයක් කරන්න පුළුවන් කෙල්ලෝ කොල්ලන්ගේ ඔලු කන්නා ..:angry::dull:

    බොලද ලව් කතා දුක් අදෝනා වලින් උන්ගේ මනස පුරෝනවා .අන්තිමට උන් ලව් කොරල කෙලවුනාම කොච්චියට බෙල්ල තියනවා:angry:

    ලෝකේ අලුත් හොයාගනීමක් ගැන ලියන්න අලුත් විදිහට බලන්න පුරුදු කරන්න පොත් ලියන උන් නැති තරම් ලංකාවේ .අඩුම ගානේ විද්‍යා ප්‍රබන්දයක්වත් පරිවර්තනේ කරන්නේ කීයෙන් කීදෙනාද ?:dull:

    පුස්තක්කලෙකට ගියාම ඔකවගේ කිසිම වැඩක් නැති හරයක් නැති හරියටම ටීවී එකේ යන හින්දි මෙගා වගේ පොත් පුරෝලා රක්කවල :angry:
    ගෙදර ගෑනු ටීවී වල යන මෙආදරෙයි අහවල් දඩයමයි බලල අඩනවා වගේ මුගේ මේ පොත් කියවල මොලේ කොලොප්පන් කරගන්නවා :dull:

    බලනවානම් බලපන් අලුත් යමක් හිතන්න තියෙන ෆිල්ම් එකක් (ඉංග්‍රීසි තමයි ඉතින් වෙන මොනවද )
    කියවනවානම් හොද පරිවර්තනයක් ..

    ඔය දෙකම නැත්නම් වැලක් බලල ** නිදාගනින් :P:rofl:
     
    • Like
    Reactions: Arrow11

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :lol::lol::lol:අය පොතක් ලියන එක අර ජැක්ගේ කතාව ලිව එකටම ලියන්න දෙයි:Dඋගේ කතා එපාම වෙන්නේ පොඩි දෙයක් හරි පිටු 100ක් විතර අදින නිසා :confused:

    :yes::yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනිත් එක තමයි විශේෂයෙන්ම කෙල්ලන්ගේ brain wash වෙන එක....අර indian කතා බලන්න ගත්ත වගේ තමයි...
    අයෙත් වෙනම ලෝකයක ජිවත් වෙන්නේ...​

    හැබැයි බන් දැන් ඔය මල ජරා ඉන්දියන් මෙගා නාට්‍ය බලන රැල්ල නැති වේගන යන්නෙ. බලන්නෙ එහෙමත් මොලේ නැති එලදෙන්නු ටිකක් විතරයි. පොඩ්ඩක් හිතල බලපන් උඹ දන්න කියන කෙල්ලො කී දෙනෙක් ඕව බලනවද කියල. දැන් මිනිස්සු බුද්ධිමත් වේගන එන්නෙ.
    සුජීව ගැනනම් කතා කරන්න දෙයක් නෑ. මිනිස්සු බොළඳ නවකතා වලට ඇදල අරගන මොට කරපු පාපෙ එයාට ගෙවන්න ආත්ම කීයක් ඕන වෙයිද දන්නෙ නෑ.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හැබැයි බන් දැන් ඔය මල ජරා ඉන්දියන් මෙගා නාට්‍ය බලන රැල්ල නැති වේගන යන්නෙ. බලන්නෙ එහෙමත් මොලේ නැති එලදෙන්නු ටිකක් විතරයි. පොඩ්ඩක් හිතල බලපන් උඹ දන්න කියන කෙල්ලො කී දෙනෙක් ඕව බලනවද කියල. දැන් මිනිස්සු බුද්ධිමත් වේගන එන්නෙ.
    සුජීව ගැනනම් කතා කරන්න දෙයක් නෑ. මිනිස්සු බොළඳ නවකතා වලට ඇදල අරගන මොට කරපු පාපෙ එයාට ගෙවන්න ආත්ම කීයක් ඕන වෙයිද දන්නෙ නෑ.

    අයෙත් අහල...

    :yes::yes::yes: