පිට කැසීම
ඕක මූණටම බනිනවා නොවෙයි. පිට කහගන්නවා කියන්නේ ඕකට තමයි. මම ඔයාට බනිනවා තමයි. හැබැයි මම ඔයාට ආදරෙයි කියලානේ ඔය කියන්නේ.
දැන් ඒ කාලේ ලොකුබංඩාර, කරු එහෙම එකතුවෙලා රනිල්ට ගේම ඇද්දා. අන්තිමට අකුලගෙන පක්ෂෙනුත් ගියා. දැන් නන්නත්තාරයි. ගාමිණිට ජිවිතෙනුත් යන්න උනා.
මෙන්න මේ ඉතිහාසයට බය වෙච්ච රෝසි, තලතා, සූජීව දැන් ඇතුලේ ඉදගෙනම මේ පිට කහන න්‍යායෙන් වැඩ කරනවා. සුජීවට වඩා යූ. එන්. පී. එකට සේවයක් දයාසිරි ශ්‍රීලනිප එකේ ඉදන් කරනවා. 2015 මෛත්‍රීට ආපු රැල්ල වගේ 3 ගුණයක රැල්ලක් ගොටාට හමන බව දන්න විද්වත් හසුරුවන්නන් දයාසිරි ලව්වා එතන ඉදගෙනම ගෝඨා ඉදිරිපත් වෙන එක වලක්වන්නට උපරිම උත්සාහ කරවනවා. එහෙම බැරි උනොත් මෛත්‍රී ජනාධිපති ධූරයේ තවදුරටත් රඳවා ගැනීමේ කැරට් අලය ඉදිරියෙන් අල්ලා ගෙන කටයුතු කරනවා.
බඩු කේස් වලට ඇති ඔරොප්පුවක් නිසා වෛර බැදං ගෝඨාට එරෙහිවෙනවා කියා කවුරුවත් සිතුවාට පස්සේ ඇති වෙච්ච නෑ කමක පරම්පරවේ යුතු කම් ඉෂ්ඨ කරන්න වෙල්ගම උවමනාවටත් වඩා සරම කැහැපට ගහයි. මේ මොන දේ කරන්නෙත් අර පෙර කිවු හසුරුවන්නන්ගේ අභිප්‍රාය වන චන්ද ලක්ෂ 10ක් කඩා ගැනීමේ උවමනාව ඉෂ්ට කරගැනීමමයි.