සුජීව සේනසිංහ තොප්පිය දාගනී

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සුජීව සේනසිංහ තොප්පිය දාගනී

    සුජීව සේනසිංහ තොප්පිය දාගනී


    මහමැතිවරණයේදී තම ප්‍රචාරණ කටයුතුවලට මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලැබී ඇති බව ප්‍රතික්ෂේප නොකරන නමුත් එම මුදල් මෙන්ඩිස් සමාගමට අයිති බව දැන සිටියා නම් කිසිසේත් බාරගැනීමට තම ප්‍රවර්ධන කණ්ඩායමට ඉඩ නොදෙන්නේ යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ‘ලංකාදීප’යට පැවැසීය.

    අර්ජුන් ඇලෝසියස්ට මෙන්ඩිස් සමාගම අයිති බවක් තම ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි කණ්ඩායම් කිසිවක් දැන සිටියේ නැතැයි ද මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට ලද මුදල් සම්බන්ධයෙන් සැක සිතීමට තරම් හේතුවක් එකල නොවී යැයි ද ඇමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කීය.

    අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයට පත්කිරීම අභිලාශ අතර ගැටුමකට තුඩු දෙන බව තමා මුල සිටම අවධාරණය කළේ යැයි කී හෙතෙම තමා හා අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සිටියේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කළ යුතුය යන මතයේ යැයි ද කීවේය.

    ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීය.

    2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී චෙක්පත් මුදල් කටයුතු සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණේ නෑ. මේ බව අසා මමත් පුදුමයට පත්වුණා. හොයලා බලනකොට මගේ එම්.එස්.ඩී එකේ කෙනෙක් තමයි මාරු කරලා තියෙන්නේ. 2015 මේ කාලය වනවිට සැකයක් හිතන්න කිසිම හේතුවක් තිබුණේ නෑ. ඇලෝසියස්ට මෙන්ඩිස් එක සම්බන්ධ බව වුණත් දන්නේ අන්තිම කාලේ. ඇලෝසියස්ලාට මෙන්ඩිස් එක අයිති බව පළමු වැනි කෝප් සභාවේවත් පත්තරයකවත් කිසිම තැනක සඳහනක් තිබුණෙත් නෑ. කෙසේ වෙතත් මාසයක් වහන්න නියෝග කරලා දැන් නැවතත් මෙන්ඩිස් සමාගම විවෘත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීලා තියෙනවා. ඒක එදත් අදත් නීත්‍යනුකූල සමාගමක්. මෙන්ඩිස් හා ඇලෝසියස් අතර සම්බන්ධය දන්නවා නම් මේ සල්ලි ගන්නේ නෑ. මොකද අනිවාර්යෙන්ම මඩ පාරක් වදින බව මම දන්නවා.

    කැම්පේන් එකට මේ මුදල් ලැබුණු බවට වූ වගකීමෙන් මම මිදෙන්නේ නෑ. කෝප් කමිටු වාර්තාවේ පාද සටහන් සියල්ල අංගසම්පූර්ණයි නීත්‍යනුකූල බව ජනාධිපති කොමිසමෙන් තීන්දු කරල තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්කිරීම අභිලාශ අතර ගැටුමක් බව මා මුල සිටම කිව්වා. වෙන්දේසි හා සෘජු ක්‍රමය 2008 සිට සිදු වූ ක්‍රමවේදයක්. ෆුට් නෝට් කල්ලිය කියලා මඩ ගැහුව නිසයි ඒක ගැන කතා කළේ. කෝප් කමිටුවේ පාද සටහන් කල්ලිය කියලා මඩ ගහන පිරිස අතරේ මාත් අජිත් පෙරේරාත් සිටියේ මේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතුය යන මතයේයි යැයි ද ඔහු කීය. :lol::lol::lol::lol::lol:



    Lankadeepa
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    අනේ මේ පො**යා, ඇට නැති දිවෙන් නෙ කතාකරන්නෙ,,ඇත්තටම මුන් හරක්ද? නැත්නම් මේවා අහන අපි හරක් කියලා හිතන් ඉන්නවද????
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    අනේ මේ පො**යා, ඇට නැති දිවෙන් නෙ කතාකරන්නෙ,,ඇත්තටම මුන් හරක්ද? නැත්නම් මේවා අහන අපි හරක් කියලා හිතන් ඉන්නවද????

    :yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූට මොකටද බන් මේ ඇලොසියස්ගේ බැංකු සල්ලි...
    මූ හොද පාරම්පරික සල්ලිකාරයෝ..
    :lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒකනේ අපේ ඇමතිතුමා සල්ලි අරන් නෑ, එතුමා දන්නෙවත් නෑ :no: ප්‍රවර්ධන කණ්ඩායම නේ අරං තියෙන්නෙ :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒකනේ අපේ ඇමතිතුමා සල්ලි අරන් නෑ, එතුමා දන්නෙවත් නෑ :no: ප්‍රවර්ධන කණ්ඩායම නේ අරං තියෙන්නෙ :lol:

    අනේද කියන්නේ.....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඔව් ඔව් මේක බැදුම්කර සීන් එක ගැන තමා.:confused:
    අඩේ ටොයියෝ බයියෝ මරාගන්න දෙයක් නෑ හරිය. :sorry:
    කිරියේ බැදුම්කර ගැන දන්න අය ඉන්නවනේ. :yes:
    මේ ලගදි සුජීව සේනසිංහ විවාද කිහිපයක මේකේ කිසි වංචාවක් නෑ කියලා කියනවා.
    (හොරකමක් වෙලා නං මේන් කියල කියයි ඔව් හොරකමක් වෙලා කියලා :growl:)

    හැබැයි පට්ටම සීන් එක සුජීව අභියෝග කරනවා හැකි නං විවාදෙකට එන්නලු UPFA / ජ.වි.ප අයට එයා එක්ක. එයා සූදානම් ලු විවාද කරලා ඔප්පු කරන්න කිසි අවුලක් වෙලා නෑ කියලා.

    මේ තියෙන්නේ ඊයේ (අගෝ. 10) ITN නිස්කලංක වැඩසටහනේ පලමු කොටස. මෙකේ සුජීව වෙලා තියන දේ ගැන කියනවා.

    https://www.facebook.com/SujeewaSenasingheOfficial/videos/466454333532664/


    (අගෝ. 10) නිස්කලංක වැඩසටහනේ දෙවන කොටස. මෙකේදි එයා ආරාධනා කරනව මේක වංචාවක් කියලා ඔප්පු කරන්න කියලා.

    https://www.facebook.com/SujeewaSenasingheOfficial/videos/466464020198362/?permPage=1



    බැඳුම්කර සිද්ධිය පිළිබඳව සුජීව කරන ලද විශේෂ පැහැදිලි කිරීම





    'මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත' පොත දොරට වැඩීමේ උත්සවයේදී පවත්වන ලද සම්පූර්ණ කතාව.




    මේ තියෙන්නේ 2015.6.30 ගම්මන්පිල එක්ක සුජීව කරපු විවාදේ. මේකෙදිත් සුජීව ගම්මන්පිලගේ ප්‍රස්න වලට අවුලක් නැතුව උත්තර දෙනවා.:nerd:





    මේ මට හම්බුන බ්ලොග් පිටුවක්. මේකේ තියන හැටියට අවුල තියෙන්නේ බැඳුම්කර මිළ දී ගත්දි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම ගනුදෙනුව හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු ලැබුණා කියන එකයි.:frown: ඒක සුජීවත් කියන දෙයක්


    http://www.w3lanka.com/2015/08/blog-post_2.html


    ඉතින් ඇයි ජ.වී.පේ හරි UPFA හරි මේක මගඩියක් කියලා කියන බන්දුල / විමල් / ගම්මන්පිල / නලින් ද සිල්වා මෙයත් එක්ක විවාද කරලා මේක ඔප්පු කරන් නැත්තේ.:yes:

    මේ ගැන දැනුම් තේරුම් තියන අය මේ ගැන මොකො කියන්නේ?

    Updates ++

    මේ ඊයේ(11 Aug) විජේදාසගේ අභියොගය පිලි අරන් බන්දුල බැදුම්කර සිද්ධිය ගැන විශේෂ විවාදයකට ආපු එක. එහිදී වංචාවක් සිදුව ඇති බව ඔප්පු කීරීමට බන්දුල විවිද තර්ක ගෙන උත්සාහ කලත් විජේදාස එසේ වංචාවක් සිදුවී නොමැති බවත් ඒ සියලු තර්කයන් වලට පැහැදිලිව උත්තර දුන්නා :rolleyes: (කොටස් 5ක් ඇත)



    සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට ස්තූති!

    :lol: :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මේක බොරු සීන් එකක්. !! සුජීව සහ විජේදාස විවාදයකට අභියෝග කොට ඇත !! යන්නේ නැත්තෙ ඇයි ???

    ඔය වංචාව "වුනා නම්" කබ්රාල් ගේ සහොදරියක් තම අධ්‍යක්ශිකා හැටියට හිටියේ මාර්තු 21 වෙනකන් !!!

    මේ විවාදය බලා සැකයන් දුරු කරගන්න !



    වැඩි විස්තර >>

    http://www.elakiri.com/forum/showthread.php?t=1692315

    :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    මහබැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළව සිදුවීයයි කියනු ලබන ගනුදෙනුවට අදාළව කථානායක නියෝග මත කෝප් කමිටුව විසින් අතුරුකමිටුවක් මගින් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් සකස් කොට තිබේ.

    මෙම වාර්තාව කථානායකවරයාට බාරදීමට ප්‍රථම ප්‍රසිද්ධියට හා ප්‍රචාරයට ලක්කිරීම නීති විරෝධී බැවින් එලෙස ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    පෙත්සම්කාර සුජීව ‍සේනසිංහ මහතාගේ ඉල්ලීම සලකා බැලූ කොළඹ දිසා අධිකරණය මෙම අතුරු කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම ජූලි 23 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වාලමින් අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

    එසේම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති හිටපු අමාත්‍ය හා කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිසකට ජූලි මස 23 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමටද අධිකරණය විසින් කටයුතු කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

    :lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    අනේ මේ පො**යා, ඇට නැති දිවෙන් නෙ කතාකරන්නෙ,,ඇත්තටම මුන් හරක්ද? නැත්නම් මේවා අහන අපි හරක් කියලා හිතන් ඉන්නවද????


    අපි හරක් තමා
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී චෙක්පත් මුදල් කටයුතු සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණේ නෑ.
    යකෝ මේ වගේ එකෙක්ද එතකොට ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති මේ
    රටේ
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී චෙක්පත් මුදල් කටයුතු සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණේ නෑ.
    යකෝ මේ වගේ එකෙක්ද එතකොට ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති මේ
    රටේ

    :lol::lol:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී චෙක්පත් මුදල් කටයුතු සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණේ නෑ.
    යකෝ මේ වගේ එකෙක්ද එතකොට ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති මේ
    රටේ

    :lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    18700258_661305934074934_6992974709703447402_n.jpg
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කවුරු හරි කාගේ හරි චන්ද ව්‍යාපාරයට සල්ලි ලක්ෂ ගානක් වියදම් කරන්නේ එයා දිනවලා තමන්ගේ දේවල් කරගන්න. ඉතින් එතකොට දේශපාලකයා නොදැනුවත්ව උගේ චන්ද ව්‍යාපාරයට සල්ලි දීල වැඩක් තියෙනවද? උගේ අනුදැනුම ඇතුව නේද සල්ලි දෙන්න ඕනේ. නැත්නම් නිකම්ම පින් කැටේට පඬුරු දානවා වගේ ලක්ෂ කොටි ගණන් එක එක්කෙනාගේ චන්ද ව්‍යාපාරවලට වියදම් කරන්න උන්ට පිස්සුවක් ඇතෙයි? ඒ කියන්නේ මේක අනිවා මුගේ අනුදැනුම ඇතුව මූ සල්ලි අරන් තියෙන්නේ