සුදර්ශනීගෙන් ආදර්ශයක්
වාහන බලපත්‍රය මා ලබාගත්තේ නෑ
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
"මැති සභයේ නවකයෝ රැසක් වාහන ආනයන බලපත් කෝටි ගණන්වලට විකුණලා" මැයෙන් පසුගිය 15 වැනිදා "දිවයින" පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සමබන්ධයෙන් ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කරුණු පැහැදිලි කිරීමක් එවා තිබේ.
බස්‌නාහිර පළාතේ පාර්ලිමේන්තුවට පත්වූ එජනිස මන්ත්‍රීවරියක සිය වාහන ආනයන බලපත්‍රය රුපියල් දශ ලක්‍ෂ 12.5 කට අලෙවිකර ඇති බවට එම ප්‍රවෘත්තියෙහි සඳහන් වුවද එජනිසයෙන් බස්‌නාහිර පළාතෙන් තේරී පත්වූ එකම සන්ධාන මන්ත්‍රීවරිය තමන් යෑයිද වාහන බලපත්‍රය අලෙවිකර ඇත්තේ මා විසින් බවට සැක පහළ විය හැකි යෑයිද පවසන මන්ත්‍රීවරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍ර තමා ලබාගෙන නොමැති බවද සඳහන් කරයි.