සුද්දගේ සපත්තුවෙන් ඉපදුන කුරහන් සාටකය

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
සුද්දගේ සපත්තුවෙන් ඉපදුන කුරහන් සාටකය

41n%2BnNYrGHL._SY395_.jpg


හම්බන්තොට දිස්ති‍්‍රක්කය යටත් විජිත සමයේ සිටම පවුල් වාදයේ ගොදුරක් බවට පත් වූ දිස්ති‍්‍රක්කයකි. රාජපක්‍ෂ පවුල ඒ අතරින් එක් පවුලකි. බුද්දියගම සිටි ගම්මුලාදෑනියා ඉංගී‍්‍රසි ආණ්ඩුවට පක්‍ෂපාතව සිටි බැවින්, ඔහුට ඉංගී‍්‍රසි ආණ්ඩුව විදානආරච්චි තනතුරක් පිරිනැමුවේය. ඒ තනතුරත් සමඟම ඔහුට කඩුකස්ථාන, රිදී බොත්තම්, පටසරුවාල, ඇඳුම්, නැමීපනා ලැබුණු අතර ඔහු ‘හාමු’ කෙනෙකු විය. බුද්දියගම ගම්මුලාදෑනියාගේ නිවස බුද්දියගම රාජපක්‍ෂ වලව්ව බවට පත් විය. ඞී.එම්. රාජපක්‍ෂ බුද්දියගම වලව්වේ ලොකු පුතාය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පියා වන ඞී.ඒ. රාජපක්‍ෂ මහතා අනෙක් පුතාය. ඞී.එම්. රාජපක්‍ෂ මහතා 1936 රාජ්‍ය
මන්ත‍්‍රණ සභා මැතිවරණයට හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත් විය. එවකට මැතිවරණවලදී ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කළේ දේශපාලන පක්‍ෂ සලකුණකට නොවේ. වර්ණයකටය. අපේක්‍ෂකයන් පෙනී සිටියේ වර්ණයකිනි. සාටකයේ කතාව මතු වන්නේ ඞී.එම්. රාජපක්‍ෂ මහතා මැතිවරණය සඳහා වර්ණයක් ඉල්ලා සිටීමේ සිද්ධියෙනි. ඒ සිද්ධිය පොතේ සඳහන් වන්නේ මෙසේ ය.

‘‘නීතීඥ ලූෂියන් පෝලියර්, වික‍්‍රමසූරිය, ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා වගේ ප‍්‍රභූවරු මැතිවරණයට නාමයෝජනා දුන්නා. අන්තිමට ඞී.එම්. රාජපක්‍ෂ උන්නැහේ නාම යෝජනා කඩදාසිය පී.ජේ. හඞ්සන් දිසාපතිතුමාට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරන ගමන් මගේ පාට කුමක්දැයි දිසාපතිතුමාගෙන් ඇහැව්වා. ආ..... ඞී.එම්. රාජපක්‍ෂ. උඹේ පාටදැයි ඇසූ
දිසාපති පී.ජේ. හඞ්සන් මහතා එක්වරම තම කකුලක් ඔසවා මේසය උඩින් කියලා මෙන්න උඹේ පාට ගනින් කිව්වා. මෙන්න මේ අන්දමට තමයි ඞී.එම්. රාජපක්‍ෂට දුඹුරු පාට ලැබුණේ. ඒජන්ත උන්නාන්සෙගෙ සපත්තු කුට්ටමේ පාට ලැබුණත් එය ද තමන්ගේ වාසියට හරවා ගන්න තරම් ඞී.එම්. රාජපක්‍ෂ දූරදර්ශී වුණා. මම ලබා ගත්තේ දුප්පත් හේන් ගොවියන්ගේ පාට. රුහුණේ කුරක්කන්වල පාට යැයි උදම් අනමින් දුඹුරු පාට සාටකයක් ද කරට දමා ගෙන ඞී.එම්. රාජපක්‍ෂ මැතිවරණය කළා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් - 104 පිටුව) සුද්දාගේ සපත්තුවේ පැහැය හම්බන්තොට කුරක්කන්වල පාට යැයි පීඩිත මිනිසුන් රවටා ජය ගැනීමට තරම් ඞී.එම්. රාජපක්‍ෂ උපක‍්‍රමශීලී විය. අද පොදු ජනතාවගේ පාට යැයි දුඹුරු පාට සාටකය කරලා ගෙන සිටින්නේ ඒ රාජපක්‍ෂ පරම්පරාවේම ඊළඟ පුරුක්ය.ඔවුන්ගේ කරේ තිබෙන්නේ ද එදා ඞී.එම්. රාජපක්‍ෂ ගොවියන් රැවටීමට කරලා ගත් සාටකයමය.

‘‘ඞී.එම්. රාජපක්‍ෂ උන්නැහේට තිබුණෙ දුඹුරු පාට. කුරක්කන් පාට මං ඉල්ලා ගත්තා කියලයි ඞී.එම්. රාජපක්‍ෂ උන්නැහේ රුහුණු පළාතේ හේන් කාරයන්ට කිව්වේ. අපේ කුරක්කන් පාටට ජයවේවා.... කියලා ගමේ මිනිස්සු කෑගැහුවා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් - 102 පිටුව)රාජපක්‍ෂ පවුලේ දේශපාලනය ඇරඹෙන්නේ මේ ආකාරයට බොරු ජනතාවාදයක් පෙන්වා ගිරුවාපත්තුවේ අසරණ ජනතාව රැවටූ ඞී.එම්. රාජපක්‍ෂගෙනි. ඉන් පසුව ගෙවී ගිය කාලය පුරාම හම්බන්තොට දිස්ති‍්‍රක්කය තිබුණේ රාජපක්‍ෂ පවුලේ අත්අඩංගුවේය. ඒ ගැන ඉහත පොත මෙසේ කියයි.
 
  • Like
Reactions: markhaloce

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
දිසාපති පී.ජේ. හඞ්සන් මහතා එක්වරම තම කකුලක් ඔසවා මේසය උඩින් කියලා මෙන්න උඹේ පාට ගනින් කිව්වා. මෙන්න මේ අන්දමට තමයි ඞී.එම්. රාජපක්‍ෂට දුඹුරු පාට ලැබුණේ. ඒජන්ත උන්නාන්සෙගෙ සපත්තු කුට්ටමේ පාට ලැබුණත් එය ද තමන්ගේ වාසියට හරවා ගන්න තරම් ඞී.එම්. රාජපක්‍ෂ දූරදර්ශී වුණා
 

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
1521513_10153059157671259_5441687323049347456_n.jpg

පුද්ගලයන්ගේ ඡායාරූප හැමවිටම ෆොටෝ ජෙනික් වෙන්නේ නෑ. සමහර විට කෙතරම් පෞර්ෂයකින් යුත් අයකු වුවත් අසාමාන්‍ය පෙනුමකින් යුත් ඡායාරූපයකට ලක් වෙන්න පුලුවන්. ඒත් ශිෂ්ඨ සම්පන්න සමාජය ඒ නිසා ඒ මිනිසුන් හෑල්ලුවට පත් කරන්නෙ නෑ.

මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක නියැලුණු මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අසාමාන්‍ය ඡායාරූප යොදා ගනිමින් ඔහුට පහරදීමට තරම් අශිෂ්ඨ වී ඇති මරාගෙ සට්ටැඹියන්ට මේ සමාජ ශිෂ්ඨත්වය වටිනාකමක් නැති දෙයක්.

ඒත් මහින්ද රාජපක්ෂ ද එවැනි ඡායාරූපයන්ට ලක් වී ඇති බව ඔවුන් තේරුම් ගතයුතුයි.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දිසාපති පී.ජේ. හඞ්සන් මහතා එක්වරම තම කකුලක් ඔසවා මේසය උඩින් කියලා මෙන්න උඹේ පාට ගනින් කිව්වා. මෙන්න මේ අන්දමට තමයි ඞී.එම්. රාජපක්‍ෂට දුඹුරු පාට ලැබුණේ. ඒජන්ත උන්නාන්සෙගෙ සපත්තු කුට්ටමේ පාට ලැබුණත් එය ද තමන්ගේ වාසියට හරවා ගන්න තරම් ඞී.එම්. රාජපක්‍ෂ දූරදර්ශී වුණා
     

    AnuradhaRa

    Well-known member
  • පුද්ගලයන්ගේ ඡායාරූප හැමවිටම ෆොටෝ ජෙනික් වෙන්නේ නෑ. සමහර විට කෙතරම් පෞර්ෂයකින් යුත් අයකු වුවත් අසාමාන්‍ය පෙනුමකින් යුත් ඡායාරූපයකට ලක් වෙන්න පුලුවන්. ඒත් ශිෂ්ඨ සම්පන්න සමාජය ඒ නිසා ඒ මිනිසුන් හෑල්ලුවට පත් කරන්නෙ නෑ.

    මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක නියැලුණු මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අසාමාන්‍ය ඡායාරූප යොදා ගනිමින් ඔහුට පහරදීමට තරම් අශිෂ්ඨ වී ඇති මරාගෙ සට්ටැඹියන්ට මේ සමාජ ශිෂ්ඨත්වය වටිනාකමක් නැති දෙයක්.

    ඒත් මහින්ද රාජපක්ෂ ද එවැනි ඡායාරූපයන්ට ලක් වී ඇති බව ඔවුන් තේරුම් ගතයුතුයි.

    :yes: