ඔය තියෙන්නේ සුද්දෝ අපේ දැණුමෙන් හොරකන් කරලා අරන් ගිය දුවිලි අවුරක් විතර ප්‍රමාණයක් පමණයි. අපේ වෙදකම, වාරි ශිල්පය, ගුප්ත ශාස්ත්‍ර වැනි විෂයන් ගැන ලියවුනු පොත් විශාල ප්‍රමාණයක් නැව් පිටින් පරංගි, ලංසි සහ ඉංග්‍රීසින් විසින් හොරකන් කරලා අරගෙන ගිහින් තියනවා.
ඔය විදියට පුස් කොළ පොත් පිළිබදව විස්තර දෙන්නේ එහි බුද්ධාගම ගැන පමණක් සදහන් වෙන නිසා පමණයි. එම පුස්කොළ පොත් වල වෙදකම, වාරිශිල්පය හෝ ගුප්ත ශාස්ත්‍ර වගේ විෂයක් සදහන් වෙලා තිබුනොත් උන් මලාට ඒවා එලියට දෙන්නේ නෑ. ඒ වගේ පොත් තියන තැන් වලට ලේසියෙන් යන්න දෙන්නෙත් නෑ.
මේක කිව්වට පස්සේ සමහරු කියයි පුස්කොළ පොත් එංගලන්තෙට ගෙනියපු නිසා මෙහෙම ආරක්ෂා වෙලා තියනවා කියලා. එහෙම කිව්වොත් ඒ අපේ පැරැන්නන්ගේ දැනුමට ගරහන්න දත කට බැදන් ඉන්න අපේ පැරැන්නන් හැල්ලුවට ලක් කරන බටහිරට ආවඩන මේ රටේ පවට පහල උන හිවලෙක් කියලා කියන්නම ඔිනේ. තාමත් අපේ පුස්කොළ පොත් තියන උදවිය ගාව අවුරුදු 600 කට වඩා පැරණි පුස්කොළ පොත් තියනවා. ඒවා ඒ උදවියගේ පරම්පරාගත රහස්. ඔවුන් ඒ පුස්කොළපොත් නියමිත පරිදි කළු මැදලා පණ වගේ ආරක්ෂා කරන් ඉන්නේ.
මේ ගැන තිස්ස ජනනායක මහතා විසිනුත් ඉතාමත් හොද අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කරනවා. බටහිරට ආවඩන කළු සිංහලයින්ට මේවා ඉතින් නයාට අදුකොළ වගේ තමා. බලමු එහෙම ඉන්න පරගැති කළු සිංහලයෝ කීයක් මගේ අදහස් දැක්වීමට පොර ටෝක් දීගෙන එයිද කියලා.