සුදු ඇත්තු...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පඬුරු තිබ්බා මදිද මන්දා
    කියා මං අද හූල්ලනකොට
    සුදු ඇත්තු හරි ගණන් ඇති දැන්
    එයා කිව්වේ හිනාවීගෙන
    ඇස් වලට මගෙ අඩ තියාගෙන...

    ඉඳහිටක සුදු ඇතෙක් ආවත්
    ලඟට නෑවිත් හැරී යනකොට
    නෙළුම දොරකොඩ වැටී තිබුනා
    මං දිව්වෙ පස්සෙන් අඬාගෙන
    එයා පෙති ඇහිලුවා නාඬම...

    ඇනුම්පද එක දෙක අසාගෙන
    හිඳිමි මං නෙළුමක් පතාගෙන
    නෙළුම් මල් පොදි අත දරාගෙන
    පතිනි මව්වරු යති රවාගෙන
    එයා බැලුවේ එදා වාගේම...

    W.W.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනුනා අක්කේ.. කාලෙකි නේද.

    බොහෝ පිං ඇති දනන් හට අද
    පමා වීලයි සුදු ඇතුන් එන්නේ
    එදා අප මහ බෝසතානන්
    වැඩියෙ එලෙසින් පමා වීලයි..

    සිතෙහි ශක්තිය නිති දරාගෙන
    දවස ගෙවනට සිත් යොමන්නේ
    කාලෙ එළඹුනු පසුව ඔබ වෙත
    පිනැති සුදු ඇතු පැමිණෙනු ඇත්තේ
    එතෙක් වෙදකම මෙන්ම හෙදකම
    දිවියෙ කොටසක් කර තබන්නේ..

    ඇනුම් පද කියනා උනුන් හට
    කාළයා විසදුම් දෙවන්නේ
    එතෙක් ඉවසමු උන්ගෙ පදයත්.
    එයා ඇත ඔබෙ ලගින් සැමදා
    ඒ නිසා නොම දුකින් ඉන්නේ
    ඔබට සතුටක් ගේන සුදු ඇතු
    ලග ලගම එයි මට සිතෙන්නේ..



     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දැනුනා අක්කේ.. කාලෙකි නේද.

    බොහෝ පිං ඇති දනන් හට අද
    පමා වීලයි සුදු ඇතුන් එන්නේ
    එදා අප මහ බෝසතානන්
    වැඩියෙ එලෙසින් පමා වීලයි..

    සිතෙහි ශක්තිය නිති දරාගෙන
    දවස ගෙවනට සිත් යොමන්නේ
    කාලෙ එළඹුනු පසුව ඔබ වෙත
    පිනැති සුදු ඇතු පැමිණෙනු ඇත්තේ
    එතෙක් වෙදකම මෙන්ම හෙදකම
    දිවියෙ කොටසක් කර තබන්නේ..

    ඇනුම් පද කියනා උනුන් හට
    කාළයා විසදුම් දෙවන්නේ
    එතෙක් ඉවසමු උන්ගෙ පදයත්.
    එයා ඇත ඔබෙ ලගින් සැමදා
    ඒ නිසා නොම දුකින් ඉන්නේ
    ඔබට සතුටක් ගේන සුදු ඇතු
    ලග ලගම එයි මට සිතෙන්නේ..




    එළකිරියේ ලිව්වේ නම් කලකින් මල්ලි. ඒ උනාට දිගටම ලිව්වා. බොහොම ස්තුතියි අපූරු පද පෙලට...මේක මගෙ අත්දැකීමක් නම් නෙවේ හැබැයි...සමාජයේ දකින්න තියන පොදු දෙයක් :)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පෙරුම් පුරා සුදු ඇත් පැටියෙක් විත්
    නිවා දමා නුඹේ සිතේ තැවුල් ගිනි
    මවයි සිනහ පිරි සොදුරු ගෙයක්
    නුදුරු දිනෙකදීම
    බලා හිඳිනු විකසිත පැතුමෙන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරියේ ලිව්වේ නම් කලකින් මල්ලි. ඒ උනාට දිගටම ලිව්වා. බොහොම ස්තුතියි අපූරු පද පෙලට...මේක මගෙ අත්දැකීමක් නම් නෙවේ හැබැයි...සමාජයේ දකින්න තියන පොදු දෙයක් :)

    ඉදහිට හෝ මෙහෙම ලියන එක ලොකු දෙයක් අක්කේ. :D
    දැන් සමාජයේ දකින්න තියන බහුල ගැටළුවක් නම් තමයි මේක.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පෙරුම් පුරා සුදු ඇත් පැටියෙක් විත්
    නිවා දමා නුඹේ සිතේ තැවුල් ගිනි
    මවයි සිනහ පිරි සොදුරු ගෙයක්
    නුදුරු දිනෙකදීම
    බලා හිඳිනු විකසිත පැතුමෙන්

    :cool::cool:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඉදහිට හෝ මෙහෙම ලියන එක ලොකු දෙයක් අක්කේ. :D
    දැන් සමාජයේ දකින්න තියන බහුල ගැටළුවක් නම් තමයි මේක.

    බොහොම ස්තුතියි මල්ලි. බ්ලොගය ලියන නිසා මේ පැත්තට එවෙන්නේ නැහැ වැඩිය.