ඔව්. වෙන රටක දුෂ්ටයෙක්, තවත් රටකට මිත්‍රයෙක්. ලෝකේ ඉතිහාසේ ලියවිලා තියෙන්නේ මෙහෙම අයගෙන් බලවත්ම වුන අයගේ කතාවලින්.
මේ දවස් වල සුද්දොන්ට පොඩ්ඩක් රිදිලා ඉන්නේ ඉන්දියන් සැටලයිට් එක නිසා. උන්ගේ capacity එක පහුකරන් යන එකෙන් උන්ට තියන soft power එක නැති වෙන එකත් එක්ක ලෝකේ අනිත් රටවල් ඉස්සර වගේ බයකරන් ඉන්න බැරිවෙයි කියන ප්‍රශ්නේ උන්ට තියනවා. ඕක 80 ගණන් වල ජපානේ ලේක ආර්ථික බලවතා වෙයි කියලා මුළු ලෝකෙම බලන් ඉඳපු කාලේ ඇමරිකාවෙන් ජපානේ ට්‍රොල් කරපුවා බලලත් තේරුම් ගන්න පුළුවන්.
එකම වෙනස තියෙන්නේ ජප්පෝ වගේ නෙවෙයි ඉන්දියන්කාරයෝ ලෝකෙම පැතිරිලා තියෙන්නේ. මේ දවස් වල ඒ නිසා Western Media සහ Indian Media අතරේ ලොකු වළියක් බලාගන්න පුළුවන්.
------ Post added on Aug 29, 2023 at 6:28 PM
ඔව් ඔව් මේ දවස් වල wion, firstpost channel ටික australian, british කාරයොත් එක්ක එළිපිට ගේම ඉල්ලනවා. ඉන්දියාවටත් ලැජ්ජ නැහැ, උන් nuke test කරපු කාලේ ඇමරිකාව පක්කොත් එක්ක එක්කහු වෙලා උන්ට දීපු වද උන්ට අමතක වෙලා. අමතක වෙලා කියන්නත් බැහැ, හැමදේටම වඩා උන්ගේ self interest එක ඉස්සරහට ඇවිල්ලා.
චීනෙට deterrence එකක් විදිහට පකිස්ථානේ balance කරන්න ඇමරිකාව පාවිච්චි කරද්දී ඇමරිකාව ඉන්දියාව පාවිච්චි කරනවා චිනේ counter කරන්නයි ඉන්දියන් සාගරේ බලය පතුරන්නයි. Politics, geo politics, strategic interests වලදී ඔක්කොම අනිත් දේවල් යටයි.

හැබැයි මොනා උනත් ඉන්දියන්කාරයෝ කියන්නේ පාරේ රෙන, ගව මුත්‍ර බොන, කෝච්චියේ වහල උඩ යන කියන ඒ චිත්‍රය සුද්දොන්ගේ ඔලුවෙන් යන්න තව අවුරුදු ගානක් යයි.