සුදු නංගී යලි හමුවෙමු..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු නංගී යලි හමුවෙමු..

    හිරු වියැකී යන මූසල සැන්දෑවේ....
    දෙනෙතද කදුලින් පිරී ගෙවුන යාමේ...
    ‍ඈත සිතිජය බලා මෙනෙහි කල
    ආදරයක අරුමේ.............
    ජීවිතයක සෙනෙහේ........!

    ඉපදුනු දා සිට තිස්සෙම පස්සෙන් එල්ලි එල්ලි ඉදලා...
    ලස්සන අත්තටු ලබා අහස්කුස දසතේ පියා සලා...
    ඇස්දෙක වස්සන කදුළැලි පමණක් අද මට ඉතිරි කලා...
    සුදු නංගී ඇගෙ අවසන් ගමනින් සසරම එතෙර කලා...

    ලොවටම නොපෙනෙන අරුමය කිමදෝ ‍මගෙ සිත විමසනවා...
    ඇගෙ නොලැබීමද මගෙ නොලැබීමද මනසට වද දෙනවා.....
    සුන්දර යෙෘවන විය අද අතහැර සමුගෙන ඇය යනවා...
    සුදු වත මඩලින් පැවසූ හැගුමන් මතකය කළඹනවා.....

    විදින වේදනා නිමක් නොවේ ඈ දවසක් මට කීවා.....
    එනමුත් දිනෙකදි සියල්ල විසදෙන බව මා පැවසූවා..
    රුදුරුම බියකරු සිහින තුරුළු කර මරු සටනක් පෑවා...
    අවසන පැරදී ලොවම නිසල වී ඇයම නිසල වූවා....

    උපදින සසරේ මතුයම් දිනයක ලොව සුන්දර වේවා‍...
    මෙවන් අකල් මරණයක් කෙදිනවත් ඔබට සිදු නොවේවා...
    ඉස්සර දිනකදි තිස්සෙම තෙපලූ ලෙස අප හමු වේවා...
    සුදු නංගී ඔබ අවසන් ගමනින් නිවනින් සැනහේවා....


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්න අමතක උනා...
    සත්‍ය කථාවක්.... මගේ හොදම යාළුවෙක්ට උනේ...
    ගෑනු ලමයට පිලිකාවක් හැදිලා..අව්රුදු 4ක් විදවලා විදවලා ඊයේ මිය ගියා.. :(
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කියන්න අමතක උනා...
    සත්‍ය කථාවක්.... මගේ හොදම යාළුවෙක්ට උනේ...
    ගෑනු ලමයට පිලිකාවක් හැදිලා..අව්රුදු 4ක් විදවලා විදවලා ඊයේ මිය ගියා.. :(

    adenawa:(
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අනේ.. බන්
    ගොඩාක්‌... දුකයි බන්...
    ඔය වගේ දෙයක් හතුරෙකුටවත් වෙන්න නරකයි....
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    smiley_big_crying.gif