සුදු නංගී යලි හමුවෙමු..
හිරු වියැකී යන මූසල සැන්දෑවේ....
දෙනෙතද කදුලින් පිරී ගෙවුන යාමේ...
ඈත සිතිජය බලා මෙනෙහි කල
ආදරයක අරුමේ.............
ජීවිතයක සෙනෙහේ........!
ඉපදුනු දා සිට තිස්සෙම පස්සෙන් එල්ලි එල්ලි ඉදලා...
ලස්සන අත්තටු ලබා අහස්කුස දසතේ පියා සලා...
ඇස්දෙක වස්සන කදුළැලි පමණක් අද මට ඉතිරි කලා...
සුදු නංගී ඇගෙ අවසන් ගමනින් සසරම එතෙර කලා...
ලොවටම නොපෙනෙන අරුමය කිමදෝ මගෙ සිත විමසනවා...
ඇගෙ නොලැබීමද මගෙ නොලැබීමද මනසට වද දෙනවා.....
සුන්දර යෙෘවන විය අද අතහැර සමුගෙන ඇය යනවා...
සුදු වත මඩලින් පැවසූ හැගුමන් මතකය කළඹනවා.....
විදින වේදනා නිමක් නොවේ ඈ දවසක් මට කීවා.....
එනමුත් දිනෙකදි සියල්ල විසදෙන බව මා පැවසූවා..
රුදුරුම බියකරු සිහින තුරුළු කර මරු සටනක් පෑවා...
අවසන පැරදී ලොවම නිසල වී ඇයම නිසල වූවා....
උපදින සසරේ මතුයම් දිනයක ලොව සුන්දර වේවා...
මෙවන් අකල් මරණයක් කෙදිනවත් ඔබට සිදු නොවේවා...
ඉස්සර දිනකදි තිස්සෙම තෙපලූ ලෙස අප හමු වේවා...
සුදු නංගී ඔබ අවසන් ගමනින් නිවනින් සැනහේවා....

so sad to hear that