සුනඛයින් මරා දැමීමට එරෙහි

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    සුනඛයින් මරා දැමීමට එරෙහි

    සුනඛයින් මරා දැමීමට එරෙහි පෙත්සම් විභාගයට දින තීන්දුයි!

    සුනඛයින්ට විෂ එන්නත් කර මරා දැමීමේ ක්‍රියාවලිය වහා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

    භික්ෂූන් වහන්සේ 25 නමක් සහ සත්ත්ව ආරක්ෂක භාරය විසින් ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා මෙන්ම මොරටුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් නම් කර ඇති බව සඳහන්ය.

    අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම අද(02) සැලකිල්ලට ගෙන තිබේ.

    එහිදී පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය තුළ සිටින සුනඛයන් විෂ එන්නත් කොට මරා දැමීමේ සිද්ධීන් පසුගිය දිනවල වාර්තා වූ බවයි.

    පෞද්ගලික ආරක්ෂක සේවාවක සාමාජිකයින් යොදා එය සිදුකරන බවත්, මොරටුව විශ්වවිද්‍යාලය තුළ සුනඛයින් 23 දෙනෙකු හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ සුනඛයන් 13 දෙනෙකු එලෙස මරා දමා ඇති බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට පෙන්වා දී ඇත.

    ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය වන බැවින් එය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල රජයේ පාර්ශවයෙන්ද මේ සම්බන්ධයෙන් කරුණු විමසීම අවශ්‍ය බව සඳහන් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

    ඒ අනුව පෙත්සම සැප්තැම්බර් මස 12 වනදා කැඳවීමට නියම කර ඇති අතර එදිනට මේ පිළිබඳ කරුණු දක්වන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.

    අඩෝ ඒ කියන්නේ මේ පොන්න ආණ්ඩුවෙන් තමා මේ පව්කාර වැඩේ කරලා තියන්නේ මට මතකයි චම්පික කියනවා අපි බල්ලෝ මරලා සල්ලි හොයන ආණ්ඩුවක් නෙමේ කියලා
    :angry::angry:
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මාළු, කුකුලෝ, හරක්. ඌරො, ඉස්සෝ, දැල්ලෝ, මීයෝ ...etc අමානුෂික විදිහට මරා දමන එකට එරෙහිව පෙත්සම් නැද්ද?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මාළු, කුකුලෝ, හරක්. ඌරො, ඉස්සෝ, දැල්ලෝ, මීයෝ ...etc අමානුෂික විදිහට මරා දමන එකට එරෙහිව පෙත්සම් නැද්ද?

    :no::no:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බයික් පදින එවුන් දන්නව බල්ලන්ගෙන් තියෙන කරදරේ. උන් පාරට පෑනල වෑටුනම සති ගානක් ඈදේ වටිල ඉන්න ඔනේ. නරක වෙලාවට වෙන වාහනයක් ඈවිත් ඒකට යට වුනොත් මාස ගානක් ඈදේ

    ඊලග පිස්සු බලු කේස් එක. බල්ලට පිස්සු නෑතත් බේත් විදින්න ඔනේ. තුවාලේ සනීප වෙන්න මාර කාලයක් යනව.
    ඈත්තටම මේ බලු කේස් එකට විසදුමක් තියෙන්න ඔනේ. මරණ එක හොදම විසදුම නෙමේ. පෝර්ට් එක ෂට් කරන එක තමා හොදම වෑඩේ. ඒක මේ කට්ටියට කරන්න බෑරිද දන්නේ නෑ
     
    • Like
    Reactions: charitha.123

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මැරුවත් වැරදි නොමැරුවත් වැරදි...අම්මාපා කොච්චර සත්තු මරනවද මේ කියන මොහොතෙත්...මං මේ ලගදී පුස්සැල්ලා ෆර්ම් එකට ගියා කොස්ගම...එක පාරටම ගදක් අවා අපේ රෝම පිච්චුනාම එනවා වගේ..අහලා බලනකොට දවස් 2ක් 3ක් උන කුකුල් පැටව් පුච්චන ගදලු ඒ..:baffled::baffled: එදා 50000කට වැඩිය පිච්චුවලු....එහම කරන්නේ මාර්කට් එකේ ප්‍ර්‍යිස් එක කොන්ට්‍රෝල් කරන්නලු...මේ බල්ලෝ ටිකකට කිඹුල් කදුලු හෙලනවා..පිස්සූ මුංට...:angry::angry:
     
    • Like
    Reactions: malakadss

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහ දවල් පාරේ බල්ලො බලල්ලු ගානට මිනිස්සු මරලා දාන රටේ බල්ලෙක්, බලලෙක්, ඌරෙක්, හරකෙක් කොච්චර වාසනාවන්තද කියලා හිතුනා මේක දැක්කම. උන් ගැන කතා කරන්න මිනිස්සු ඉන්නවා. පාරේ මැරිලා යන මිනිස්සු ගැන කතා කරන්න බල්ලෙක්වත් නැ.
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    sirawatama, Ballek gana mechchara??? ballo nisa wena accidents gana katha karanne nadda kauruwath
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    මැරුවත් වැරදි නොමැරුවත් වැරදි...අම්මාපා කොච්චර සත්තු මරනවද මේ කියන මොහොතෙත්...මං මේ ලගදී පුස්සැල්ලා ෆර්ම් එකට ගියා කොස්ගම...එක පාරටම ගදක් අවා අපේ රෝම පිච්චුනාම එනවා වගේ..අහලා බලනකොට දවස් 2ක් 3ක් උන කුකුල් පැටව් පුච්චන ගදලු ඒ..:baffled::baffled: එදා 50000කට වැඩිය පිච්චුවලු....එහම කරන්නේ මාර්කට් එකේ ප්‍ර්‍යිස් එක කොන්ට්‍රෝල් කරන්නලු...මේ බල්ලෝ ටිකකට කිඹුල් කදුලු හෙලනවා..පිස්සූ මුංට...:angry::angry:

    :frown::frown: Mewage puke wadath karanawada ban me rate:angry::angry:
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    මැරුවත් වැරදි නොමැරුවත් වැරදි...අම්මාපා කොච්චර සත්තු මරනවද මේ කියන මොහොතෙත්...මං මේ ලගදී පුස්සැල්ලා ෆර්ම් එකට ගියා කොස්ගම...එක පාරටම ගදක් අවා අපේ රෝම පිච්චුනාම එනවා වගේ..අහලා බලනකොට දවස් 2ක් 3ක් උන කුකුල් පැටව් පුච්චන ගදලු ඒ..:baffled::baffled: එදා 50000කට වැඩිය පිච්චුවලු....එහම කරන්නේ මාර්කට් එකේ ප්‍ර්‍යිස් එක කොන්ට්‍රෝල් කරන්නලු...මේ බල්ලෝ ටිකකට කිඹුල් කදුලු හෙලනවා..පිස්සූ මුංට...:angry::angry:

    sira ban owata kadulu helala posh wenna hadanwa ekai
     
    Similar threads