සුන්දරත්වය පිරි නුවර එළියේ ඉතිහාසය
=============================
ලක් දිවයිනේ මුහුදුබඩ හා පහත රට ක්‍රි.ව.1505 - 1658 පෘතුගීසි පාලනයකට නතුව
( 153 වසරක ) හා
ක්‍රි.ව.1658 -1796 ලන්දේසින් ගේ ( වසර 138 ක ) පාලනයකින් අනතුරුව
ක්‍රි.ව.1796දී බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගේ සම්ප්‍රාප්තියත් සමග පහත රට බලය බ්‍රිතාන්‍ය ජාතිකයන් අතට මාරුවී ගියද ක්‍රි.ව.1815 තෙක් උඩරට රාජධානියේ බලය සිංහළයින් අතම පැවතුනී.
බ්‍රිතාන්‍යය ජාතිකයනගේ 1798.10.12.
දිවයිනේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව ආ ෆෙඩ්‍රික් නෝර්ත් මුල සිටම උඩරට රාජධානියේ බලය ඩැහැගැනීමට මාන බැලුවද උඩරට ප්‍රදේශයේ කදුවැටි,ගිරිදූර්ග හා බාධක මෙන්ම උඩරැටියන්ගේ රණශූරත්වය හා උපායශීලී සටන් ක්‍රම හමුවේ පසුබැස ගොස් පහත රටට පමණක් තම බලය සීමාකර ගැනීමට ඔවුනට සිදුවිය. කරුණු එසේ පැවතුනද උඩරට රාජධානියේ අවසන් රජුගේ කුරිරු පාලනයෙන් මිදිමේ උවනාවමත ඉංග්‍රිසීන්ගේ ආධාර පැතු උඩරට නායකයින් හට සිදුවූයේ ගිවිසුම් ගතව උඩරට රාජධානියේ බලය 1815 දී බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට පවරා දෙන්නටය. මුළු රටේම බලය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් අතට පත්වීමෙන් අනතුරුව විවිධ තරාතිරමේ (ව්‍යාපාරිකයින්,ඉංජිනේරුවන්,වැවිලිකරු වන්,වෛද්‍යවරුන්) ඉංග්‍රීසී ජාතිකයන් වැල නොකැඩි ලංකාවට ගොඩබසින්නට පටන් ගත්තේය.
එසේ පැමිණි අය අතර ශල්‍ය වෛද්‍ය ජෝන් ඩේවි ඇතුළු පිරිසක් ක්‍රි.ව.1818 දී දඩයමේ යන අතරතුරදී ඉතාමත් අහඹු ලෙස වත්මන් නුවරඑළිය ප්‍රදේශයේ උතුරු සීමාවේ පිහිටි කිකිළියාමාන ප්‍රදේශයට සේන්දුවි ඇත.වඩාත් හොදින් අවට ප්‍රදේශය නිරික්ෂනය කිරීමේ අරමුණ ඇතිව කදුමුදුන් වෙත සේන්දුවු ඔවුනට තම දෑස් අදහාගත නොහැකිව වික්ෂිප්තව පුදුමයට පත්ව ඇත..
කදුමුදුනේ සිට පහත මිටියාවත නිරික්ෂනය කල ඔවුනට ඉතාසරුවට මලින් බරවු අශෝක ගස් (හිමාල අඩවියට පමනක් ආවේනික වෘක්ෂයකී) හා මල් ඵල වලින් බරව ඝනව වැඩුනු වෘක්ෂලතා ආදියෙන් ගහන රමණීය භූමි භාගයක් නෙත ගැටී ඇත...., අලියන් ඇතුලු විවිධ වන සතුන් හා කුරුල්ලන්ගෙන් පිරුනු මනස්කාන්ත පරිසරයද කදුමුදුන් වලින් ගලා හැලෙන මුතු, දියමන්ති පරදන ජල දහාරා මෙන්ම ශීත මිහිදුමෙන් විටෙක වැසි යලි දර්ශනය වන මනස්කාන්ත දර්ශනය දුටු ඔවුනගේ ගත සිත අමන්දානන්දයට පත්ව ඇත, එසේ ඔවුන් දුටු භූමිය වර්තමාන නුවරඑළිය යි.
වෛද්‍ය ජෝන් ඩේවි තමන් ඇතුළු පිරිස දුටු හා මුහුණපෑ සිද්ධිය ලේඛනගත කල්ල්‍ර තිබුනේ මෙසේය,
" I was walking in the middle of a forest,
l saw beatiful while shining diamond water falls falling.,
l came the top of a mountain the people who came with a said that is the highest land of this country..."
වෛද්‍ය ජෝන් ඩේවි තවදුරටත් ඔවුන් දුටු දර්ශනයන් ගැන මෙසේද වාර්තා කොට ඇත..,
Nuwara Eliya has so many ashoka trees,elephants wild animals and gem stones.
1824 - 1831 එඩ්වර්ඩ් බාර්න්ස් ආංඩුකාරවරයා නුවරඑළිය ප්‍රදේශයේ සෞන්දර්යාත්මක බවට වශිවී තම මවු රටට දන්වා පවුම් 8000 ක වියදමින් Barns Hall නමින් අති සුඛෝපභෝගි මන්දිරයක් ගොඩනන්වන ලද අතර එම මන්දිරයේ නිවාඩුව ගත කිරීමට යොදාගන්නා ලද අතර ක්‍රමානුකූලව යටි තල පහසුකම් වැඩිදියුණුවට කටයුතු කලහ.
1831 - 1837 විලියම් හෝර්ටන් ආංඩුකාරවරයාගේ පාලන සමය නුවරඑළිය ප්‍රදේශයේ සීග්‍ර පරිවර්තනයට භාජනය වන්නට ආරම්භක කාලපරිච්ඡේදයකි.
නුවරඑළිය ප්‍රදේශය එහි දේශගුණික තත්වය හා ඒ වනවිට පැවති වෙළෙඳ භෝග වැවිලි පිලිබඳව බ්‍රිතාන්‍යයේ වැසියන් තුල එරටදි ලැබුන ප්‍රචාරණය හේතුකොට ගෙන මෙහි (නුවරඑළිය ) එංගලන්තයේ සිට පැමින සෑමුවෙල් බේකර්ස් නුවරඑළිය ප්‍රදේශය පිලිබදව අධ්‍යයන කොට සෑහිමකට පත්ව නැවත තම මවු රටට ගොස් නුවරඑළියේ එළවළු හා සත්ව ගොවි පලක් ආරම්භ කිරීමට අවශ්‍ය සෑම සියළු කලමනා,පළපුරුදු කම්කරුවන් රැගෙන තම සහෝදරයන් වන ජෝන්. හා වැලන්ටයින් සමගින් 1848 දි ලංකාවට පැමිණියේය..
පසුව තමා ගෙන ආ නැව් භාන්ඩ( සතුන්/පැල වර්ග,ගොවිපල උපකරණ ) ගොන් කරත්ත මගින් අති දුෂ්කර ගමන් මග ගෙවා රම්බොඩ දුර්ගය තරණය කිරීමේදි සිදුවු අනතුරකදී( කරත්තයක් පෙරලීමෙන් ) සෑමුවෙල් බේකර්ස්ගේ සහෝදරයෙක් ජීවීතක්ෂයට පත් වී දරුණු පසුබෑමකට ලක්වූ අතර අමතර ගොන්නුන් හා පිරිස් ආධාර සපයා ගෙන නුවරඑළියට සේන්දුවු සෑමුවෙල් බේකර්ස් තම අරමුණවු එළවළු හා සත්ව ගොවිපල මාගස්තොට ප්‍රදේශයේ ස්ථාපනය කරන ලදහ.එම ගොවි පල ඉඩම සදහා සිලිං 25 ක් ඔහු විසින් වැය කර ආරම්භ කල එම ගොවිපල හරහා ප්‍රදේශයේ හා රටේ අවශ්‍යතාවයට අනුව එළවළු හා සත්ව නිශ්පාදන සැපයිමට යම් තරමින් ඔහු දායකවිය.
ක්‍රි.ව.1861දී විලියම් නෝත්,J.K.නෝත් එක්ව හක්ගල උද්භිද උද්‍යානය ස්ථාපිත කලහ.
සෑමුවෙල් බේකර්ස් විසින් ක්‍රි.ව. 1881දි ලවර්ස් ලිප් දියඇල්ල උපයෝගී කරගෙන සිලෝන් බෲවරී සමාගම පිහිටවනු ලැබිය.බියර් නිෂ්පාදනට අවශ්‍ය බාර්ලි,තිරුගු තම ගොවිපලේ වගා කිරීමට ගත් උත්සහය අසාර්ථක වු සෑමුවෙල් බේකර්ස් ගොවිපල වසා දැමුවද ක්‍රි.ව.1884 වනවිට තම බීර නිශ්පාදන රට පුරා ජනතාව වෙත ඉදිරිපත් කලේය.
1872 -1877 සර් විලියම් ග්‍රෙගරි ආංඩුකාරවරයාගේ සම්ප්‍රාප්තියත් සමගම නුවර එළිය නගරය පෙර නොවූ විරූ ආකාරයට දියුණුවෙන් දියුණුවට පත්විය.
වගුරුබිම් ජල බස්සවා මාගස්තොට ප්‍රදේශයේදී නානුඔය ඇල හරස් කොට තැනු වේල්ලක් ආධාරයෙන් ජලය රැස්කොට බ්ලැක්පූල් හි විදුලි බලාගාරයක් ඉදිකිරිමට එයින් උත්පාදනය කල විදුලිය නුවරඑළිය නගරයේ නිවාස වීථි ආලෝකමත් කිරිමට යෙදවීමත් ,ග්‍රෙගරි වැව අති මනස්කාන්ත ලෙස නගරයේ අලංකාරය පිනිස සංවර්ධනය කරනලදී ,එසේම ගොල්ෆ් පිටිය,තුරග තරග පිටිය,වික්ටෝරියා උද්‍යානය,නුවරඑළිය නගර අලංකාරය වෙනුවෙන් අතිවිශිෂ්ඨ සේවයක් ඉටුකල එතුමා 1877 දි නික්ම ගියද ඔහුගෙ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යැමට ඔහුගේ අනුප්‍රාප්තිකයා වු
සර්.රොබර්ට් ලොන්ඩන් ආංඩුකාරවරයා ( 1877 - 1884 ) කටයුතු කලේය. (ග්‍රෙගරි ආංඩුකාරවරයාගේ දීර්ඝකාලීන සැලසුම් ඉදිරියට ගෙන යෑමට ලොන්ඩන් ආංඩුකාරවරයා කටයුතු කලේය)
ඒ අනුව ඒ වනවිට නාවලපිටිය හැටන් දක්වා දීර්ඝ කරතිබූ දුම්රිය ගමනා ගමනය නානුඔය තෙක් ඉදිකිරීමටත් ක්‍රි.ව.1885 වසරේදි තලවාකැලේ සිට නානුඔය තෙක් දුම්රිය ප්‍රවාහනය ජනතාව උදෙසා ලබාදීමට කටයුතු සම්පාදනය කලේ සර්.රොබර්ට් ලොන්ඩන් ආංඩුකාරවරයාගේ නියෝග ක්‍රියාත්මකවීම හීතුවෙනි.එය ග්‍රෙගරි ආංඩුකාරවරයාගේ සිහිනයක්ද සැබෑවීමකී.ඒ අතර කාලයේ අගනුවර මෙනම ඊට සාපේක්ෂව අනෙකුත් නගරද සීග්‍රයෙන් සංවර්ධනවූ අතර අගනුවරට ලැබුන සියළු වරප්‍රසාද නුවරඑළියට ද නොඅඩුව ලැබිණි.
උදාහරණ ලෙස 1883 වසරේදී ප්‍රථම රික්ෂෝ රථය ලංකාවට M/S Whittall සහ සමාගම විසින් ආනයනය කල සමයේදි ඉන් සුළු කළයක් තුල නුවරඑළියටද එම පහසුකම් ලැබිණ.
එසේම මෙම කාල වකවානුවේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විශාල වශයෙන් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි යට පැමිණි අතර තේ වගාවේ සීග්‍ර වර්ධනයක් සිදුවිය.1883දි M/S Somerville & Co විසින් ඉතිහායේ ප්‍රථම තේ වෙන්දේසිය පවත්වන ලදී.
1885 වසරේදි සිංහළ ද්‍රවිඩ අළුත් අවුරුදු නිවාඩුව රජයේ ප්‍රසිද්ධ නිවාඩුවක් බවට රජය ප්‍රකාශයට පත්කරන ලදී.
1885 තැපැල් කාර්යාල ඉතිරිකිරීමේ බැංකු ස්ථාපිත කරනලදී
1887දී මිනින්දෝරු ජනරාල් දෙපාර්තමේන්තුව පිහිටවිය .
1894දී නව අංගයක් ලෙස දුම්රිය සේවාව සදහා නිදන මැදිරි හදුන්වා දුන්නේය.
1893-1894 කාලය තුල ඔත්පලව රෝගිවි මියගිය තම සහෝදරයා සිහිවීම් පිණිස
ක්‍රි.ව. 1895දී රෝගින්ගේ ප්‍රතිකාර කිරිමට වාට්ටුවක් ස්ථාපිත කලේය (මුදල් ගෙවා ප්‍රතිකාර ගැනීම සදහා)
1902 ප්‍රථම මෝටර් රථය ආනයනය කරන ලදී.
1903.සර් වෙස්ට් රිඩ්ජ්වේ ආංඩුකාරවරයාගෙන් හිස්වු පදවියට සර් හෙන්රි.ඒ.බ්ලේක් පත් විය
1903.අරලියගහ මැදුර ආංඩුකාරවරයාගේ නිල නිවස බවට පත් කිරීම.
1907.සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාට නයිට් පදවියක් ලැබීම
1907.සර් හෙන්රි මැක්ලම් ආංඩුකාරවරයා
ලෙස පත්වීම.
1910.ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස නුවරඑළිය ප්‍රදේශයේ වටිිනා බංගලාවක් විශාල ඉඩමක් සහිතව මහමුදලි සර්.සොලොමන් ඩයස් බණ්ඩාරනායක මහතා විසින් මිළයට ගැනීම.
1910. වසරේදි නානුඔය සිට නුවරඑළිය තෙක් දුම්රිය ආරම්භවිය.
1934 වසරේදි මෝටර් රථ ධාවන තරග පැවැත්වීම ආරම්භ විය .........
මෙලෙස ලංකාවේ සහ නුවරඑළියේ ඉතිහාසය
ගලායන අතර තුර 1948 .02.04.ලැබු නිදහස සමගින් අපේ කළු සුද්දන් අතට බලය මාරුවීමත් සමග කිසිම සංවර්ධනයක් සිදුවී නැත..
උපුටා ගැනීම keerthi shri Ranabahu මහතාගේ ලිපියකින්