මාස කිහිපයකට ඉස්සෙල්ලා, // Australiawe දුප්පත්කම// කියලා ලිපියකත් මේ වගේම විස්තරයක් තිබුනා. මේ පහලින් තියෙන්නේ මම ඒකට දාපු පිළිතුරයි.
//මේ කියන දේවල් බොරු නොවෙයි. මිනිස්සු යන්න එන්න තැනක් නැතිව පාලම් යට, පාක් වල බුදියන එක ඇත්ත.
ඒ උනාට එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා නොකියන එකයි මෙතන තියන රහස.
ඩෝල් එකෙන් හෝ පෙන්ෂන් එකෙන් පමණක් ජීවත් වන, වෙනත් කිසිම ආදායමක් හෝ වත්කමක් නැති මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.
ඒ අයට ගෙවල් කුලියත් ගෙවාගෙන,(ගෙවල් කුලියට ඉන්නවානම් Rent Assistance කියලා දීමනාවක් වෙනම ගෙවනවා.) පැන්ෂන් එකෙන් හෝ ඩෝල් එකෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නයි, තවත් කොටසකට බැරි වෙන්නයි හේතුවක් තියෙන්න එපායැ ?
මෙහෙම පාරේ බුදියාගන්න මිනිස්සුන්ගෙන් 99% ක් ම එහෙම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේම වැරදි නිසයි.
ඇල්කොහොල් හෝ මත්ද්‍රව්‍ය මෙහි ඉහලින්ම තියනවා. සති දෙකකට සැරයක් ඩෝල් එක හෝ පෙන්ෂන් එක ගත්තාම දවස් දෙකක් යද්දී බීලා හෝ කුඩු ගහලා ඒක ඉවර කරනවා. ඊට පස්සේ සැල්වේෂන් ආමි එකෙන් දෙන කෑම වේලෙන් ඊළඟ ඩෝල් දවස වෙනකම් ජීවත් වෙන්න සිදු වෙනවා. ඒකට වැරදිකාරයා ඔවුන්මයි.
සමහරුන්ට ගෙයක් කුලියට ගන්න බැහැ. ඊට හේතුව,ඔවුන් කවදා හෝ කුලියට හිටපු ගෙවල් වලට කරපු අලාභ හානි, කුලිය නොගෙවා සිටීම වැනි කරුණු National Tenancy Database එකේ තියන නිසයි. සමහර ඇබොරජින් මිනිස්සු ගෙවල් ඇතුලේ ගිණි මැල ගහනවා, දොරවල්, කබඩ් , කාපට් කඩලා පුච්චනවා. ඒවා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
මේ තිබුන වීඩියෝ එකක පරමායුෂ අවුරුදු 37 වෙනවා යැයි කියවුන විල්කැනියා (Wilcannia NSW 2836) වගේ නගර මේවාට හොඳ උදාහරණ.
පෙන්ෂනර් කෙනෙකුට සති දෙකකට $ 952 හෝ ජෝඩුවකට 1436 ලැබෙනවා. ඩෝල් එකෙන් ඉන්න කෙනෙකුට 767 හෝ ජෝඩුවකට 1330 (ළමයින්ට වෙනම ගෙවනවා, ළමයි 3 විතර ඉන්නවානම්, මධ්‍යම ආදායම් රැකියාවකින් ලබන ආදායමට වඩා මුදලක් ඩෝල් එක ලෙස ලැබෙනවා)
ගෙදරක් කුලියට ගත්තාම සති දෙකකට $140-187 අතර මුදලක් ගෙවනවා.
ඩෝල් එකෙන් හෝ පෙන්ෂන් එකෙන් ජීවත්වන හැම කෙනෙකුටම Health Care Card කියලා එකක් දෙනවා.
එයින්, ඕනෑම බෙහෙතක් ඩොලර් දහයක පමණ සම්මත මිලකට දෙනවා. වාහන ලියාපදිංචිය, පොදු ප්‍රවාහන සේවා, රජයේ පාසැල් වල අධ්‍යාපනය, විදුලි/ගෑස්/වතුර ආදී දේවල් සහන මිලට ලබා දෙනවා. මෙහි නොලියවුන තවත් පහසුකම් හුඟක් තියනවා.
මේ ඔක්කොම ලැබිලත්, ඉන්න තැනක් නැහැයි කියන්නවත් කන්න දෙයක් නැහැයි කියන්නවත් වෙනවානම් ඒකට "කරුමේ" කියලා හරි "ලබා උපන් හැටි" කියලා කියනවා මිසක් වෙන දෙයක් මම දන්නේ නැහැ.
Last edited: Mar 24, 2021
LikeWow Reactions

idy, shenat, silent one and 15 others//