සුන්දර බලවත් ඉරානය
ඉරානය මැද පෙරදිග ඇති රටවල් වලට සාපේක්ෂව ඉතාම වර්ණවත් සංස්කෘතියක් ඇති රටක් වෙන්නේ, එය විශාල රටක් වීම නිසාත්, සේද මාවත ඔස්සේ එයට ඉන්දීය අර්ධ ද්වීපයේ සහ චීනයේ ආභාෂය ලැබීමත් නිසයි. එසේම, 4 වන ශත වර්ෂයේ මහා ඇලෙක්ස්සැන්ඩර් රජු විසින් ඉරානය ආක්‍රමණය කිරීම මෙන්ම, අරාබින්, තුර්කීන්, මොන්ගෝලියානුවන් පවා මේ රට අතීතයේ ආක්‍රමණය කලත්, මේ රටේ අතීතයේ සිට පැවත ආ ඒ සංස්කෘතිය අති විශාල වෙනස්වීමකට ලක් වුනේ නැහැ … … ඉරානයේ ඇති ආහාර ගැන කෙටියෙන් කිව්වොත්, ඔවුනුත් ඔවුන්ගේ ආහාර ලංකාවේ අප වගේම බොහෝ කුළු බඩු දමා සකස් කරනවා. මේ අතර ඉතාම පොහොසත් අයට පමණක් මිළදී ගත හැකි ‘සැෆ්රන්’ යන රතු පැහැයට හුරු කුළු බඩුව, ‘සැෆ්රන් ක්රෝකස්’ යන ශාඛයේ මල් රේණු වලින් ලබා ගන්නවා. බරට අනුරූපව ලෝකයේ ඇති ඉහළම මිලැති කුළු බඩු වර්ගය ‘සැෆ්රන්’ වෙනවා. ඔබ පිළි ගන්නවාද, සැෆ්රන් රාත්තලක්, ඇමරිකානු ඩොලර් 8000 ක් වෙනවා කියා ! ඒ කියන්නේ, ‘සැෆ්රන්’ රත්තරන් වලට වලට වඩා මිළ අධික බවයි.
නමුත් මේ අතර ලාභයට හදන් ‘සැෆ්රන් වර්ග’ තියෙනවා. සාමාන්‍ය මිනිසා භාවිතා කරන්නේ අන්න ඒ ‘සැෆ්රන්’ වර්ගයි. කෙසේ හෝ, මේ ‘සැෆ්රන්’ ඉරාන් බත් වලට මිශ්‍ර කලාම, එහි අමුතුම මිහිරි රසයක් සහ සුවඳක් එනවා … … ඉතින් ඔන්න කරනවා නම් හොඳ වැඩක්. අනාගත ලෝකයට අවශ්‍ය වන වැදගත්ම දේවල් වන්නේ, ශක්තිය සහ කෑම වර්ගයි. පසුගිය දශක තුන ඇතුලත කෑම වර්ග වල මිළ තුන් ගුණයකට වඩා වැඩි වී තියෙනවා. ලංකාවේ දේශගුණය පළාතෙන් පළාතට වෙනස් නිසා, කිසියම් පලාතක මේ ‘සැෆ්රන්’ වවන්න පුළුවන් වේවි. බොහෝ රටවල් වල මේ කුළු බඩුවට ඉහළ ඉල්ලුමක් තියෙනවා. කරඳ මුංගු, කරාබු නැටි වවන අපේ රටේ, ඕක නොවැවෙන්න හේතුවක් නැහැ …
… ඉරානයේ කෑම වලට, මස් වර්ග බොහෝ සම්බන්ද වෙනවා. එහෙත් ඉස්ලාමික රටක් වන ඉරානයේ ඌරු මස් වලට ඉල්ලුමක් නැහැ. නමුත්, දැන් දැන්, නව පරම්පරාව ඒ ගැන එතරම් තැකීමක් ඇත්තේ නැහැ. ඕනෑම කෑම ජාතියක් හෝ බීම ජාතියක්, නීතියට යටින් මේ රටේ සොයා ගන්න පුළුවන්. ඉරානයේ උතුරු දෙසට වෙන්නට වී නිෂ්පාදනය කෙරෙනවා. අනෙක් පළාත් වල සාමාන්‍යයෙන් භාවිතා කරන ආහාරය වන්නේ තිරිඟු වලින් තැනූ පාන්. මැද පෙරදිග ජීවත් වන අපේ ලංකාවේ අය, මේ එක් ඉරාන ආහාර වර්ගයක් ගැන නම් හොඳින්ම දන්නවා. ඔව්, ඒ ‘ඉරාන් රොටියයි’. මේ ආකාරයේ රොටි වර්ග හතළිහකට වඩා ඉරානයේ තියෙන අතර, ඒවා ඉතාමත් ලා පැහැයේ සිට, බොහෝ දුබුරු වර්ණයට වෙනස් වෙනවා. මේ රොටි හදන්නෙත් අමුතුම තාලයකට. මැටියෙන් කරන ලද විශාල ගෝලයක් ඇතුළත, දර හෝ … [මේ කාලයේ නම් ගෑස් වලින් රත් කරනවා…]… එහෙම කරන්න විශේෂ හේතුවක් වන්නේ, එළියේ ගිනි ගොඩක් ඇවිලුවාම එහි තාපය වැඩි ප්‍රමානයක් අහක යන නිසා. ඉරානයේ ශීත කාලයේදී දර වැඩියෙන් දැවෙන එක මෙයින් අඩු වෙනවා. විශේෂයෙන් ඉරානයේ කැස්පියන් මුහුදට සමීප උතුරු පළාත සීතලයි.
… ඉතින්, මුලින් කිව් ගෝලය හොඳින් රත් වුනාම, නැවත නැවත එය රත් කරන්න ඉන්ධන යන්නේ අඩුවෙන්. රොටිය අමුවට ඇති විට අරගෙන, ඒ කියන්නේ ලංකාවේ අපි රොටි හදන්න පිටි ගුළිය ගන්නවා වගේ, ඔය කිව් ලොකු ගෝලයේ ඇති සිදුරකින්, එම ගෝලය ඇතුල් පැත්තේ පැතලි කර අලවනවා. රස්නෙට ගාණට රොටිය තැම්බෙන අවස්ථාවේ එම රොටිය ගෝලයේ පහළට වැටෙන්නට පෙර, ඉවත් කරනවා. ලංකාවේ අය නම්, පරිප්පු වගේ, එහෙම නැත්නම් මාළු හොද්දක් වගේ දෙයක් එක්ක ඕක කනවා. මේ රොටි තම්බන ක්‍රමය, බොහෝ මැද පෙරදිග රටවල් වල වගේම ඇෆ්ගනිස්තානය පකිස්ථානය වගේ රටවල් වලත් දකින්න පුළුවන්. හැබැයි , ඒ ඒ රොටියේ රස සහ ආකාරය රටින් රටට වෙනස් වෙනවා. උදාහරණයක් විදියට, ඇෆ්ගනිස්තාන් රොටිය තුන් හුලස් හැඩයක් ගන්නවා. එහි තල ඇට විසිරවා තියෙනවා …
… ඉරානයේ වියළි උණුසුම් ප්‍රදේශ වල හරක් අඩුයි. ඒ නිසා ඒ පළාත්වල එළකිරි අඩුයි. ඉතින්, ඒ පළාත් වල කියන විදියට, ‘දුප්පත් මිනිහගේ හරකා’ හෙවත් එළුවන් සහ බැටළුවන් ගෙන් කිරි සහ මස් ලබා ගන්නවා. ඉතාම දුගී ගෙදරක වුනත් එළුවන් හෝ බැටළුවන් ඉන්නවා නම්, බොහෝ විට එහි බටර් සහ යෝගට් තනා ගැනීම ඒ ගෙදරදීම වෙනවා. ලංකාවේ වගේ හැම දෙයක්ම කඩෙන් ගන්න සිරිත් මේ රටේ අඩුයි …
… රට සම්පූර්ණ කාන්තාරයක් නොවේ. එසේ හෙයින් එළවලු හොඳින් වැවෙන පළාත් තියෙනවා. මෙහෙ ඇති තවත් වැඩියෙන්ම භාවිතා කරන එළවළුවක් වන්නේ වම්බොටුයි. අප සාමාන්‍යයෙන් දකින වම්බොටු වගේ තුන් හතර ගුණයක් ලොකු වම්බොටු ගෙඩි තියෙනවා. එහෙත් ඒවා ඒතරම් දිග නැහැ. , සැෆ්රන් දැමු බත් සහ තවත් එළවළු, බුරියානි වගේ දේ සකස් කර මේ වම්බොටු ඇතුලට දමනවා. ඊලඟට ඒ වම්බොටු මද ගින්නේ රත් කර මේසයට යවන්නේ එම බත් සහිත වම්බොටු ගෙඩි, කෝප්ප වගේ කෙළින් අතට තියලා. ඒ බතේ වම්බොටු රහ තියෙනවා. එය ඉතාම රසැති කෑමක් …
… මේ අය ලංකවේ අපි තේ බොනවා වගේ තේ වලට සීණි දාන්නේ නැහැ. ඒ වෙනුවට සීණි දවටා ඇති කූරු භාවිතා කරනවා. ඔය පින්තුරයේ ඇත්තේ ඒ කූරුයි. ඒ අතරේ නිකම්ම තේ එක බොන්නෙත් නැහැ. ඒ සඳහා සුප් එකක් වගේ හදාගෙන ඇති, තද පොත්තක් ඇති බෝංචි ඇට එක්ක තේ බොන එක සාමාන්‍ය සිරිතක්. ඉරානය, ලංකාවේ තේ බොහොම අගය කරන රටක්. එහෙත් ලංකාවේ පැවති යූද්ධය, තේ කර්මාන්තයට ලංකාවේ ලැබුණු කුඩම්මාගේ සැලකිළි වැනි දේ නිසා, දැන් දැන් ඉරානයට වෙනත් රටවල් වලින් තේ ආනයනය කරනවා. ඒ අතරේ කුඩාවට ඉරානයේ තේ නිෂ්පාදනයත් කෙරෙනවා. දැන් ඉරානය දේශපාලන වශයෙන් ස්ථාවර නිසා, නැවතත් ලංකාවේ තේ එහි ප්‍රචාරය කිරීම වැදගත් වේවි …
… ලංකාවේ අපි බත් හැළියක් හදන්නේ, හාල් විතරක් දමා වුවත්, ඉරානයේ නම් එය ඉතාම වෙනස් අකාරයකට කරන්නේ. ඒ බතට , සැෆ්රන් කුඩා හෝ ප්‍රමානයක්, කජු වගේ දේවල් වන ‘පිශ්ටාශියෝ’, ‘ආමන්ඩ්’, ‘මී පැණි’, පමණක් දේ නොව, සිරප් වර්ග, රෝස මල් වල යුෂ, සමන් පිච්ච මල් යුෂ හෝ ඉඟුරු යුෂ වැනි දේත් දමනවා. ඒ නිසා එම බත කිසිම හොද්දක් නැතිව වුවත් කන්න පුළුවන්. ඉරාන් හාල් හරියට බාස්මතී හල් වගේ. හාල් ඇටය අඟල් බාගයක් විතර දිගයි. කෑම වලට සැම විටම එකතු කරන තවත් දෙයක් තමා ඔලිව් තෙල්. ඒ ඔලිව් තෙල් වුනත්, පළාතෙන් පළාතට පැහැයෙන් සහ රසයෙන් එකිනෙකට වෙනස් වෙනවා. ඉරාන් ජාතිකයෙක්ට නම් මේ වෙනස හොඳින් හඳුනා ගන්න පුළුවන් …
… බැරිවෙලාවත් ඔබ නිර්මාංශික කෙනෙක් වුනොත්, එතන නම් පොඩි අවුලක් වෙනවා. මොකද, ඉරානයේ මස් කියන එක බොහෝ ආහාරවලට සම්බන්ද නිසා. කෙසේ නමුත්, ලෝකයේ අන් ස්ථාන වල නිර්මාංශික බව ක්‍රමයෙන් ජනප්‍රිය වෙනවා මෙන්ම, ඉරානයේත් දැන් දැන් නිර්මාංශික අය වැඩි වෙනවා. එක් මස් රාත්තලක් ගන්න, තණකොළ වැනි ශාඛ රාත්තල් දාහක් අවශ්‍ය බව ඔවුන් දන්නවා. අනෙක් දේ මේ රටේ මිනිසුන් කියන්නන් වාලේ ආගමේ නීති පිළි ගන්නේ නැහැ. හේතුව ඔවුන්ගේ සංස්කෘතියේ හරය, සොරොස්ත්‍රියන් ආගම සහ බුදු දහම නිසා. වෙලාවක් ලැබුනොත්, එය වෙනම ළිපියකින් කියන්නම්. ඒ නිසා අවිහිංසාව අගයන බුදු දහම සහ හින්දු ආගම එක්තරා දුරකට ප්‍රගුණ කරන අය ඉරානයේත් ඉන්නවා. විපස්සනා භාවනා ක්‍රම උගන්වන භාවනා මධ්‍යස්ථාන මෙහි තියෙනවා කිව්වොත් පුදුම වෙන්න එපා. ඉරානයේ භාවනා මධ්‍යස්ථාන කියා ගූගල් කර බලන්න. එවැනි තැන් වලින් පොදුවේ ලැබෙන අවවාද හරහා, සමහර තරුණ අය සම්පූර්ණයෙන්ම නිර්මාංශ වී ඉන්නවා. කෑම සඳහා අවන් හලකට ගියොත් ‘Man kiah korh hastaam’ (I am a plant eater). කියා කියන්න වෙනවා. මොකද, තරමක් පිටිසර පළාත් වල අය ඉංග්‍රීසි දන්නේ නැහැ …
… මේ කතාව ඉරානයේ හැදූ එක්තරා වයින් වර්ගයක් ගැන නොකීවොත්, සම්පූර්ණ වන්නේ නැහැ. ඔව්, ඒ ‘ශිරාස්’ කියන වයින් වර්ගයයි. 9 වන ශත වර්ෂයේ ලෝකයේ නිෂ්පාදනය කරන හොඳම වයින් වර්ගය වුනේ, මේ වයින් වර්ගය යි. එහෙත් 1979 දී මේ රටේ ඇති වූ විප්ලවයෙන් පසු ඒ වයින් නිෂ්පාදනය නැවතුනා. විප්ලවයට පෙර වයින් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා, 300 කට වඩා තිබුනා කියා කියනවා. කෙසේ වුනත් නීතියට හොරෙන් මේ වයින් නිෂ්පාදනය කෙරෙනවා. රට ඉතා විශාල නිසා, නීතියෙන් මේවා අල්ලන්න අමාරුයි. මෙහෙ හොරෙන් වුවත් තනන වයින් වර්ග, ඇත්තටම ඉතාමත් අනර්ඝ තත්වයේ තියෙනවා …
… ඔබට ඉරාන ජාතිකයෙක් කෑම වෙලකට ආරාධනය කලොත්, එකම එක දෙයක් විශේෂයෙන් කරන්න වෙනවා. එනම්, ඒ නිවසේ ඇතුලට යන්නට පෙර සපත්තු ගලවන එකයි. එක් හේතුවක් ඔවුන් සිල්ක් හෝ විල්ලුද පලස් භාවිතා කරන නිසා. ගෝත්‍රික මුරණ්ඩු අරාබීන්ට සාපේක්ෂව, බොහෝ ඉරාන ජාතිකයන් ඉතා ආචාරශීලී නිසා, ඔබට එය කරන්න කියන්නේ නැහැ. එහෙත් එය ඔවුන් බලාපොරොත්තු වෙනවා. තව එක දෙයක් කරන්න වෙනවා. කෑම කන්නට මේ ඉරාන් පළස් මත වාඩි වෙන්න වෙනවා. එහෙත් කැමති නම් හැඳි ගෑරුප්පු ඒ අය සපයාවි …
… අනෙක් චාරිත්‍ර සාමාන්‍ය දේවල්. ලංකාවේ අපි බත් කනවා වගේ, අතෙන් කන්න පුළුවන්. මේ අය බත් වලට වඩා එළවලු සහ සලාද ගොඩක් කනවා …

Last edited: