සුන්දර ජපානයේ අධ්‍යාපනය හා රැකියාවේ බොරුව හා යථාර්ථය
සුන්දර ජපානයේ අර්ධ කාලීන රැකියා සමගින් අධ්‍යාපනය ලැබීමට වරම්... මෙය මේ දිනවල පුවත් පත් බොහොමයක පළවන දැන්වීමක්. ඇත්තෙන්ම මේක සුන්දරද??
පිළිතුර නම් නැහැ ඉතාමත් කටුකයි. ඔබට පෙන්වන සුන්දර ලෝකය ජපානයේ නැහැ.ඔබත් අධ්‍යාපන වීසා පතකින් ජපානයට යාම්ට අදහස් කරනවානම් අනිවාර්යයෙන් ඒ පිළිබදව ඉතා හොදින් දැනුවත් වෙන්න.
ඔබට අධ්‍යාපන වීසා පතක් ජපානය සදහා ලබා ගැනීම සදහා ලක්ෂ 10 සිට 16 අතර මුදලක් ගෙවන්න සිදුවෙනවා.ඒ ගුවන් ටිකට්පත් හා ඔබ වියදමට ගෙන යා යුතු මුදල් හැර. එමෙන්ම ඔබ විශාල ලිය කියවිලි ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන් ඔබට ජපානයේ ඉගෙනුම ලැබීමට වත්කමක් තිබේද යන්න පරීක්ෂා කර බලනු ලබයි. එයටද විසදුමක් ඇත. ඔබට පෙන්වීමට අවශ්‍ය මුදල ඔබේ ගිණුමට බැර කර පෙන්වීම සදහාම වූ ආයතන ඇත, ඔබට පෙන්වන මුදලට සාපේක්ෂකව ඔවුන් මුදල් අයකරනු ලබයි.නමුත් රැකියා කරමින් ඉගෙන ගන්න පුලුවන්නම් එසේ වත්කම් සොයන්නේ ඇයි.ඔබ මොහොතකට හෝ ඒ ගැන සිතුවාද, ඔබ ජපානයට යන්න උපකාර කරන ඔබේ නියෝජිතයාගේ සුන්දර වචනත් එක්ක ඔබේ සිතේ මැවෙන්නෙ බුලට් ට්‍රේන් එකක ගිහින් ඉලෙක්ටොනික් අයිටම් වලින්ම විතරක් වැඩ කරන ෆැක්ටරි එකක,නැත්නම් රොබෝලා වැඩ කරන අපි ස්විච් වලින් ඔවුන්ව කොන්ට්‍රෝල් කරන සුන්දර රැකියාවක් කරමින් අති සුඛෝපභෝගි නවාතැනක ඉදන් සුපිරි පාසැලක ඉගෙන ගන්න. ජපානයට පය තැබූ මොහොතෙම ඒ හීන කුඩුවෙන්නෙ සබන් බෝල වගේ.
ජපානය පුරා අන්තර් ජාතික පාසැල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කුමණ ආකාරයේ පාසැලකට ගියත් වසර දෙකක් යනතුරු ඉගෙන ගන්න වෙන්නෙ ජපන් භාෂාව.
ඒ වගේම ජපන් භාෂාව නොදැන කිසිම රස්සාවකට ගන්නෙ නෑ. ඉතින් මාස 6 ක් වත් යනකන් මොකක් හරි පොඩි රස්සාවක් කරන් ඉන්න වෙනවා. බොහෝ දුරට පිගන් හෝදන්න වගේ දේවල් තමයි ලැබෙන්නේ. ඒ වගේම ජපාන රජයෙන් ශිශ්යයන් සදහා රැකියා කරන්න ඉඩ දීල තියෙන්නෙ සතියට පැය 28. ඒ දල වශයෙන් දිනකට පැය 4. සමහර පාසැල් වල එක රැකියාවක් විතරයි කරන්න ඉඩ දෙන්නේ.අනෙක් විශේෂ කරුණ නම් කාගෙන්වත් උපකාර බලාගෙන ජපන් යන්න එපා. මොකද ජපානයේ ඉන්න ලාංකිකයින් කිසිම කෙනෙක් උදවු කරන්න ඉදිරිපත් වෙන්නෙ කලාතුරකින්.ඇත්තෙන්ම අනුන් ගැන හිතන්න ඔවුන්ට වෙලාවක් නැහැ. මිනිසුන් යන්ත්‍ර වගේ.එක රැකියාවක් ඉවර උන ගමන් තව එකකට දුවනවා,නිදාගන්න කන්න බොන්න, සමහර වෙලාවට වැසිකිලියට යන්න වෙලාවක් නෑ. ආදරය කරුණාව ,බැදීම් වගේ දේවල් දුරස් වෙන්නෙ නොදැනිම. හොදම උදාහරණය,ජපන් ජාතිකයෙක් තම බිරිද එක්ක කෑම කන්න කඩයකට ගියා කියල හිතමු, බොහෝ දුරට ඒ දෙන්නා තමන්ගේ බිල ගෙවන්නේ වෙනම.
ඒ වගේම ඔබ තරුණියක් නම් උදවු කරන්න සැදී පැහැදුන කොට්ටාශයක් වෙනම ඉන්නවා.ඔවුන්ගෙන් ප්‍රවේශම් නොවුනොත් ආත්මයම විනාශ කරගෙන තමයි එන්න වෙන්නේ. ඒ වගේම වියදම අඩුකර ගන්න කාමර ශෙයාර් කරගෙන පවුල් ජීවිත ගත කරන අයත් නැතුවා නෙවේ.වීසා එක හදා ගන්න ජපන්නු,ජපන් ගැහැනුන් ටෙම්පරි ක්‍රමයට බදින වගේ ක්‍රම ගොඩක් අපේ නිහතමානි සිංහලයා අනුගමනය කරනවා.
ඉගෙනුම ලබන පළමු වසර අවසන් වෙද්දී ඊලග වසර සදහා පාසැල් ගාස්තු සෙවිය යුතුයි.ඔබ ලබා ගන්නා දුරකථනයට ගෙවීමේ පටන් කෑම බීම,ගමනාගමනය, ඇදුම්, ශීත කාලය සදහා විශේෂ ඇදුම් ,ලයිට් බිල,ගෑස් බිල,වතුර බිල් ආදී නොයෙකුත් ගෙවීම් ඔබ තනිවම කරගත යුතුයි. එහෙත් 90% ටම එය කර ගන්න බැහැ. ඔබේ දුප්පත් දෙමවුපියන්ටත් ඒ මොහොත වන විට ඔබ සදහා යමක් කිරීමට නොහැකි උනොත් ඔබේ තත්වය ශෝචනීයයි නේද? ඔබ ජඔඅන් යන්න කලින් එහේ සිටින කෙනෙකුගෙන් අසා බලන්න.නමුත් ෂුවර් ඔබ ඒ කිසිම දෙයක් පිළිගන්නෙ නෑ.හිතන්නෙ ඒවා ඉරිසියාවට කියන කතා.එහෙනම් උන් ඉන්නෙ කොහොමද වගේ...එහෙනම් ඉතින් ගිහින්ම බලන්න...
සටහන
අරුණ දිසානයක





