#සුන්දර_යක්ෂණී

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    #සුන්දර_යක්ෂණී

    #සුන්දර_යක්ෂණී
    hqdefault.jpg

    එයා තමයි ලාබාලම යුධ අපරාධ කාරි..
    ඉර්මා ග්‍රෙස්..
    හරිම ලස්සන කෙල්ලක්..
    හැඩකාර ලස්සන ඇගක්.. පැහැදිලි පැහැපත් හමක්..
    නිල් පාට අහිංසක ඇස් දෙකක් තිබුණ හරිම ලස්සන කෙල්ලෙක් ඉර්මා ග්‍රෙස්..
    ඉර්මා ඉපදුනේ 1923 උතුරු ජර්මනියෙ ව්රෙකෙන් කියන ගම්මානෙක
    කිරි ගොවියෙකුගෙ දුවක් විදිහට..
    පුංචි කාලෙ ඉර්මා දුප්පත් කෙල්ලක්..
    ඉර්මාට ඉගෙනගන්න දක්ෂ කමක් තිබුණෙත් නෑ..
    එයාගෙ පන්තියෙ ළමයි නිතරම ඉර්මාට සමච්චල් කළා.. හිංසා කළා..
    ඒ නිසා ඉර්මා අඩු වයසින්ම ඉස්කෝලෙ යන එක අත් ඇරලා දැම්මා..
    ඉර්මාට අවුරුදු නවයක් වෙනකොටම
    එයාගෙ අම්මා සියදිවි නසාගත්තා.. තාත්තාගෙ අනියම් සම්බන්ධයක් නිසා..
    මේ හැම දෙයක්ම නිසා වෙන්න ඇති..
    අවුරුදු පහලොවේදි ඉර්මා ගෙදරින් යන්න ගියා..
    ඒ වෙනකොට ගොඩක් ජර්මන් ජාතිකයො උන්නෙ හිට්ලර්ට වශී වෙලා.. ඉර්මාත් හිට්ලර්ගෙ දක්ෂ කථිකත්වයට මෝහනය වුණා..
    ඒ නිසාම ඉර්මා “නාසි තරුණ සංගමය“ට බැදුණා..
    මේකට ඉර්මාගෙ තාත්තා කොහොමටවත් කැමති වුණේ නෑ..
    හෙදියක් වෙන්න හිතාගෙන හිටියත්
    ඒක ඒ හැටි සාර්ථක වුණේ නෑ..
    ඉර්මාට අවුරුදු දහ අට වෙද්දි
    එයා එස් එස් (Schutzstaffel) හමුදාවට එකතු වුණා..
    1942 දි ඉර්මාට අවුරුදු දහ නවයක් වෙනකොට
    එයා කාන්තා ජේලර්වරියන්ට තිබුණු එස් එස් පුහුණු කදවුරක අධීක්ෂක තනතුරකට පත් වුණා..
    ඒ රවෙන්ස්බ්‍රක් කදවුරේ..
    තවත් අවුරුද්දක් ගත වෙනකොට ඉර්මා
    ජ්‍යෙෂ්ඨ අධීක්ෂක තනතුරට පත් වුණා..
    පෝලන්ත, හංගේරියානු සහ යුදෙව් ජාතික
    සිර කාරියන් 30.000 ක් ඉර්මාගෙ පාලනයට යටත් කෙරුණා..
    ඒ කාලෙ නාසි හමුදා වලින් අත්අඩංගුවට අරන් හිර කරපු මේ හිරකාරයො දවස ගානෙම ගෑස් කාමර වල දාලා මැරුවා..
    ඉතින් ඉර්මාටත් තිබුණ රාජකාරියක් තමයි
    මේ හිරකාරියන් අතරින් එදා දවසට
    ගෑස් කාමරයට දාලා මරන්න ඕන සිරකාරියන් තෝරලා දෙන එක..
    හැබැයි ඉර්මා කලේ ඒ රාජකාරිය විතරක් නෙවෙයි..
    ඉර්මා තමන්ගෙ යටතෙ හිටපු හිරකාරියන්ට හැබෑම යක්ෂණියක් වුණා..
    හිරකාරියන්ව බලන්න ඉර්මා ඇවිද්දෙ
    ඝණකම් බූට් සපත්තු දාගෙන..
    එක අතකින් කසයකුත් අනිත් අතින් පිස්තෝලෙකුත් අරගෙන..
    ඉර්මාගෙ ලස්සනට හිරකාරයො වුණත් වශී වුණා..
    ඒත් එයාගෙ නපුරු කමට මිනිස්සු සාතන්ට තරමටම බය වුණා..
    ඉර්මා තමන් යටතේ උන්නු හිරකාරියන්ට අමානුෂික වධ හිංසා දුන්නා..
    ඒ සිරකාරියන්ව නිරුවත් කරලා එයා අත තිබුණ කසයෙන් හොදටෝම තැලුවා..
    විෂබීජ නාශක දාලා නැති පිහියක් අරන් ඇවිත්
    හිර කාරියන්ව අමු අමුවේ කපලා සැත්කම් කළා..
    කිසිම වේදනා නාශකයක්වත් දෙන්නේ නැතිව..
    එහෙම කපන කොට හිරකාරියො වේදනාවෙන් කෑ ගහනකොට..
    ඉර්මාගෙ මූණ සතුටින් බැබලුනා... ඇස් දිලිසුණා..
    ඉර්මාගෙ කාමරේ තිබුණෙ
    එයා මරලා දාපු හිරකාරියන්ගෙ හමින් හදපු ලාම්පු ආවරණ..!
    ඒ විතරක් නෙවෙයි..
    ඉර්මාට හිටියා දඩයම් බල්ලෝ රංචුවක්..
    නිතරම උන් හිටියේ බාගෙට බඩගින්නේ..
    ඉර්මාට හිතෙන හිතෙන වෙලාවට
    මේ බඩගින්නේ ඉන්න මිනීමරු බල්ලන්ව හිරකාරියන්ට උසි ගැන්නුවා..
    ඒ බඩගිනි බල්ලෝ අසරණ හිරකාරියන්ව තීරු තීරු වලට ඉරලා මස් කාලා දැම්මා..
    එයා යටතේ උන්නු හිරකාරියන්ට සැලකුවේ
    යක්ෂණියකටත් අන්ත විදිහට..
    ඒ නිසා ඉර්මාට හිර කාරියන් අතරේ නම් පට බැදුනා..
    “සුන්දර යක්ෂණිය“, “අපායෙ සුරංගනාවි“, වගේ නම්..
    වැඩ වලින් නම් යක්ෂණියකටත් අන්තයි..
    ඒත් එයා ඇන්දෙ පැලැන්දෙ නම් සුරංගනාවියක් වගේ..
    ඒ දවස් වල තිබුණ මිල අධිකම ඇදුම් පැලදුම්..
    ඉස්තරම්ම සුවද විලවුන්..
    මේ විදිහට සැරසිලා ඇවිත්
    හිම වැටෙන කාලෙට සීතලේ ඇදගන්න ඇදුම් කඩමාල්ලක් නැති හිරකාරියන්ට දස වධ දුන්නා එයා..
    අම්මා තාත්තගෙ පාලනයෙන් එහෙම පිටින්ම මිදිලා
    හිතුමතේට ජීවත් වෙච්ච ඉර්මාට තිබුණ
    ආදර පලහිලව් වල කෙලවරක් නෑ..
    දොස්තර ජෝසප් මෙන්ගල්,
    බර්ක්නව් කදවුරේ අණ දෙන නිලධාරි ජොසෆ් ක්‍රෑමර්,
    වගේ අයත් එක්ක විතරක් නෙවෙයි..
    තමන්ගෙ යටතෙ ඉන්න හිරකාරියන් එක්කත්
    ඉර්මාට අසම්මත සම්බන්ධකම් තිබුණා..
    ඉර්මා තමන් යටතෙ ඉන්න හිරකාරියන්ට
    ලිංගික අඩන්තේට්ටම් කරලා
    ඒ අයව නිරුවත් කරලා කොණ්ඩෙන් බිම දිගේ ඇදගෙන යන ගමන් එයාගෙ කසයෙන් තලලා
    ඒ හිරකාරියො වේදනාවෙන් කෑ ගහන දිහා බල බලා විනෝද වුණා..
    ඒ වගේ පවුකාර කම් වලින්ම පිරුණ ජීවිතයක් ඉර්මාට තිබුණෙ..
    ඒ පවුකාර කම් වලට නැවතීමෙ තිත තියන දවසකුත් ආවා..
    1945 දී ඉර්මා හිටිය ඔස්ච්විට්ස් කදවුර
    බ්‍රිතාන්‍ය හමුදාවෙන් අල්ල ගත්තා..
    කදවුරේ උන්නු නිලධාරියො ගොඩක් අය පැනල ගියත්
    තමන්ගෙ ආදරවන්තයා දාල යන්න අකමැති කමින්
    ඉර්මා පැනලා ගියේ නෑ...
    එයාවත් තවත් නිලධාරීන් පිරිසකුත් බ්‍රිතාන්‍ය හමුදා වල අත් අඩංගුවට පත් වුණා..
    නිකන්ම නෙවෙයි...
    ඉර්මා බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් කීප දෙනෙකුටත් පහර දෙන්න උත්සාහ කළා..
    ඉර්මාගෙ කදවුරේ නිලධාරීන් පිරිසක් නිකන්ම අත් අඩංගුවට ගත්තත්
    අත් අඩංගුවට ගැනෙන්න කලින් ඉර්මාටත් තවත් කීප දෙනෙකුටත් බ්‍රිතාන්‍ය හමුදාවෙන් තවත් දඩුවමක් දුන්නා..
    ඒ වෙනකොටත් ඉර්මා ඇතුලු අනිත් නිලධාරින්
    අමානුෂික විදිහට මරා දමල තිබුණ හිරකාරියන්ගෙ මල මිනී එකතු කරල එක තැනකට ගොඩ ගහල
    ඒ බිමත් පිරිසිදු කරන්න ඉර්මාටයි එයාගෙ කණ්ඩායමටයි සිද්ද වුණා.
    ඉතිරි වෙලා හිටපු හිර කාරයො තමන් විදපු අමානුෂික වධ හිංසා, අනන්ත දුක් ගැන බ්‍රිතාන්‍ය හමුදාවට විස්තර කිව්වා..
    ඉර්මා ඇතුලු තවත් හතලිස් පස් දෙනෙකුට විරුද්ධව
    යුධ අපරාධ චෝදනා ගොනු වුණා..
    ඉර්මා යටතෙ හිටපු හිරකාරියො විතරක් නෙවෙයි, ඉර්මා එක්ක එකට වැඩ කරපු අයත් ඉර්මාගෙ අපරාධ ගැන සාක්ෂි දුන්නා.
    ඒ නඩු වලින් තීන්දුව විදිහට ඉර්මාටත්
    තවත් දහ දෙනෙකුටත් මරණ දඩුවම තීන්දු වුණා..
    පිරිමි අය අට දෙනෙක්.. ගැහැණු තුන් දෙනෙක්..
    මරණයට නියම වුණා..
    මරණ දඩුවම ක්‍රියාත්මක වෙන දවස වෙනකල්
    ඉර්මාව රදවලා තිබුණෙ
    දෙන්නෙකුට ඇතුලු වෙන්නවත් ඉඩ නැති තරමේ පුංචි හිර කුටියක..
    ඉර්මා ඒ හිර කුටියෙ ඉදන් කිසි ගානක් නැතිව
    සින්දු කිය කියා උන්නා..
    1945 දෙසැම්බර් දහ තුන් වෙනි බ්‍රහස්පතින්දා
    උදේ නවයයි හතලිස් පහට..
    ඉර්මාව ඒ හිර කූඩුවෙන් ගෙනත්
    එල්ලා මරණ එල්ලුම් ගහට එක්කගෙන ආවා..
    එල්ලා මරන්න කලින් ඉර්මාගෙ මුහුණ වහලා ආවරණයක් දැම්මා..
    මරණ මොහොතට තව තප්පර කීපයයි..
    ඒත් ඉර්මාට පසු තැවීමක් නෑ..
    “ඉක්මන් කරනවා..!“ ඉර්මා අණ දෙන කටහඩින්ම කිව්වා..
    ඉතින් මොකටද බලාගෙන ඉන්න‍ෙ
    එල්ලුම් ගහ ක්‍රියාත්මක වුණා..
    විනාඩි විස්සකට පස්සෙ..
    පව්කාරම ජීවිතයක් මේ ලෝකෙන් සදහටම තුරන් කරල
    ඒ මල සිරුර බිමට බෑවා.
    Nimmi miditha herath
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපි නොදන්න පාහර ආත්ම තව කොච්චරනම් තියෙන්න ඇත්ද :(