ප්රශ්නය: වෘෂණයේ ඉදිමීම් ඇති වන්නේඇයි?
පිළිතුර වෘෂණයේ ඉදිමීම විවිධාකාර වූ හේතූන් නිසා ඇතිවෙන්නට පුළුවන්. නමුත් මෙවැන්නක් ඇති වූ සැනින් ඔබ මනසින් රෝගී වන තරමටම මේ ගැටළුව අවුල් කර ගත යුතු නැත.
* වෘෂණ වටා, වෘෂණ කෝෂ තුළ තරල එක් රැස් වීම
* හර්නියා
* බරවා රෝගය
මෙවැනි තත්ත්වයන් ඇති වු විට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
මෙම රෝග තත්ත්වයන්ද අනෙක් රෝග මෙන්ම වැඩි දියුණු වන්නට ඉඩ හැරිය යුතු නැති ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් සහනය ලගා කර ගත යුතු රෝගයක් බැවින් වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර පැතීම අත්‍යවශ්‍යය බව අමතක නොකරන්න.
_________________________________________________
පෙර සම පිටුපසට කිරීමට නොහැකි නම් ඒ සදහා කුමක් කළ යුතු ද?
පිළිතුර මෙවැනි ගැටළුවක් ඇතැයි දැන ගත් විට බිය නොවන්න. ලැජ්ජාවට පත් නොවන්න. ඔබේ තත්ත්වය සගවාගෙන නොසිට වෛද්‍යවරවෙකු හමු වී වහාම උපදෙස් පතන්න. මෙම තත්ත්වය කුඩා ශල්‍ය කර්මයකින් නිවැරදි කිරීමට හැකි එකකි. එහිදී පෙර සම ඉවත් කිරීම නැතහොත් චර්ම ඡේදනය සිදු කර සාමාන්‍යය තත්ත්වයට පත් කරයි.
________________________________________________
ප්රශ්නය: පෙර සම පිටුපසට කිරීමට නොහැකි වීමෙන් ලිංගික සංසර්ගයේ දී ඇතිවන තෘප්තිය අඩු වෙනවාද?
පිළිතුර සාමාන්‍යයෙන් පෙරසම පිටුපසට නොයන අවස්ථාවක් නිවැරදි කර නොගැනීමෙන් සංසර්ගයේ යෙදෙන අවස්ථාවකදී පෙරසම පිටුපසට තල්ලු වී මුදුවක් ආකාරයට සිරවීමක් ඇති කරවීමට පුළුවන. මෙයට වහා ප්‍රතිකාර අවශ්‍යය. මේ නිසා වේදනාකාරී බවක් ඇති වීමට ඉඩ ඇත.
_________________________________________________
ප්රශ්නය: මුස්ලිම් පුරුෂයන් අතර සිදුවන චර්ම ඡේදනයේ විද්‍යාත්මක පසුබිමක් තිබේ ද?
පිළිතුර මුස්ලිම් වරුන් අතර මේ කාර්යය බහුලව භාවිතා වන අනිවාර්යය ආගමික චාරිත්රයකි. මෙහිදී සිදුකරනු ලබන්නේ ශිෂ්ණයේ පෙරසම කුඩා ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමය. මෙහිදී පුරුෂ ලිංගයේ පෙරසම ඉවත් කිරීමේ හේතුවෙන් එම ප්‍රදේශයේ පිරිසුදුකම සනීපාරක්ෂාව වඩාත් වැඩි දියුණු වන බව පෙනෙන්නට ඇති වඩා හොද සාක්ෂියකි.
____________________________________________________
Among Muslims only males have to face this operation. Nothing doing anything to females.
Source -
http://www.happylife.lk/ (
http://youth-si.happylife.lk/kb/?q=node/109)