සුන්නත් කරපල්ලා
ලක්ෂ තුනහමාරක බෙහෙත් පෙති හා සුන්නත් උපකරණ රාජසන්තකයි
රුපියල් ලක්ෂ තුනහමාරක් වටිනා බෙහෙත් පෙති 6000ක් සහ මුස්ලිම් ළමුන් සුන්නත් කිරීමට භාවිත කරන උපකරණ 1000ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පකිස්ථානු ජාතිකයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
33 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු ලාංකික කාන්තාවක් හා විවාහ වී ඇති අතර නේවාසික වීසා භාවිතා කරමින් නිතර නිතර පකිස්ථානයට යන එන බව රේගුව විසින් අනාවරණය කරගෙන ඇත.
කරච්චි නුවර සිට මස්කට් හරහා අද මෙරටට පැමිණි සැකකරුගේ බෑගයේ විසිතුරු කඩදාසිවලින් ඔතා තෑගි පාර්සලයක් ලෙස සකසා තිබූ පාර්සලය පරික්ෂා කිරීමේදී එම බෙහෙත් පෙති තිබූ බව රේගුව කියයි.
එම බෙහෙත් පෙති මානසික රෝගීන්ට ලබාදෙන ඒවා බවද පැවසෙයි.
සැකකරු මීට පෙරද මෙම බෙහෙත් පෙති වර්ගයම නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කරද්දී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකය මත අදත් ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කිරීම නිසා මේවා සොයාගෙන ඇත.
රුපියල් 10,000 දඩයක් ගසා එම උපකරණ හා බෙහෙත් පෙති තොගය රාජසන්තක කළ බව රේගුව කියයි.
http://sinhala.adaderana.lk/news.php?nid=35781