සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 1

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 1

    shutterstock_tsunami.jpg


    දිනය 2004-12-26 සුපුරුදු අවුරුදු අවසාන චාරිකාවේ මා ඇතුලේ පවුලේ හිතවතුන් යෙදී සිටී, ප්‍රදේශය බේරුවල පසුකරමින් වේලාව යාන්තමින් මතකයි 10.00 පමණ. මම , පියා සමග තව කීප දෙනෙක් වෑන් රථයේ ගමන් කරන අතර ඉදිරියෙන් සහ පසුපසින් මෝටර් රථ දෙකක අප පවුලේ සාමාජිකයන් ගමන් කරයි.
    පාර දෙපස මහ සෙනගක් " කවුරු හරි මුහුදට වැටිලද දන්නෑ" පියා පැවසූ අතර අප ඉදිරියටම ගමන් කරමින් සිටී. මීටර් 100 තව ඉදිරියට යන්නට ඇති , ඉදිරියෙන් පැමිණෙන වාහන අපට දකින්නට ඇබුනේ පිස්සු බල්ලන් කුලප්පු වූවාක් මෙනි සියලුම ලයිට් දල්වා අප විරුද්ධ දිශාවට ගමන් කරයි , ඒ සමගම මිනිසුන්ද මුහුද පැත්තේ සිට පාරට දිව එමින් තිබේ "මුහුද ගොඩගලනෝ" ඒ සමගම වෑන් රථය නතර කෙරිනි.
     
    Last edited:
    • Like
    Reactions: Thuzanga