සුනාමිය ආවට පස්සේ photos

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113

    අපේ අම්මගෙ නංගිගෙ පවුල පිටින් හිටියෙ/ඉන්නෙ US වල. එයාල අවුරුදු 2කට සැරයක් විතර එනවා ලංකාවට. ඉතින් ෆුල් ආතල් ඒ කාලෙට සෙල්ලම්බඩු චොක්ලට් හම්බෙන නිසා.

    එයාට පුත්තු 2යි දුවෙකුයි ඉන්නවා. දුවත් එක්ක ඔය පාරත් එයාල ඇවිත් කොළඹ ඉඳන් ගාල්ල තියෙන අපේ මාමලාගෙ වත්තට යන්න ගිහින්, වෑන් එකේ යන්නෙ නැතුව scenery එක බලන් කෝච්චියේ යන්න ඕනා කියලා ඕකට නැගලා. මාමලා පාරෙන් ගිහින්. කොහොමහරි පලවෙනි රැල්ලට අහුවෙලා බෙරිලා, ගමේ ඔක්කොම කෝච්චියට නැගලා, දෙවනි රැල්ල වදිනකොට නැන්දා ඉන්න මිනිසුනට යටවෙලා නැති උනා. දුව බේරුනා. එයා කොහොමහරි අරයගෙ රත්‍රන් බඩු ටික ගලවන් පස්සෙ කොහොමහරි එතනින්ම මිනියත් අරගෙන එයාල මොකද පරක්කු උනානම් සමූහ මිනිවලවල් වලට දානවනෙ.

    එයාගෙ එක පුතෙක්ට මම හිතන්නෙ autism තියෙනවා (මම ලොකු ආස්‍රයක් නෑ දැන් සෙට් වෙන්නෙ නැති නිසා). කොහොමහරි පුතා අම්මත් එක්ක මාර close මේක වෙච්ච පාර ඩයල් එක ලංකාව ඇවිත් අම්ම බලන්න ඕන කියලා පෙට්ටිය ඕපන් කරල මිනිය බදාගෙන අඬලා. ආයි පෙට්ටිය වහන්න පට්ට ගේමක් දෙන්න වෙලා මොකද ඉදිමෙන නිසා.

    අපේ ගෙවල් වලට වතුර දැම්මෙ නැති උනාට අපිත් අයින් උනා. නිව්ස් එක අවේ අපේ තාත්තට. තාත්ත ඕක අපේ අම්මට දැන්ම කියන්න එපා කියලා කියනවා මට තාම මතකයි. කොහොමහරි කිව්වාම මාර විදියට ඇඬුවා, අම්මගෙ අයියත් නැති වෙලා අවුරුදු 2 3ක් වෙලා තිබ්බෙ. ඊටපස්සෙ මම අම්මත් එක්ක ගියා මල ගෙදර.

    එයාල එදා වාහනේ ගාල්ල ගියානම් තාම ජීවතුන් අතර, වෙලාව ආවම ඉතින් යන කෙනා යනවා.

    අපේ තව දුරින් නෑ වෙන පවුලක ඔක්කොම නැති උනා twinsලා දෙන්නෙගෙන් එක්කෙනෙක් ඉතුරු වෙලා. ඒ twinගෙ අනිත් කෙනාව කඳවුරකට ගෙනියනවා දැක්කා කියලා ඒ දවස්වල කතාවක් ගියා, එයාල තාම ඒ ලමයව හොයනවා. ඒ කාලේ එයාල අවුරුදු 4 5ක් වගේ ඇති. ඔහොම අතුරුදහන් උන අය තාම ඉන්නවා මම හිතන්නෙ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    ඔය කෝච්චියේ ෆොටෝ මහා රැල්ල එන්න කලින් මිනිස්සු බේරෙන්න කෝච්ච්යේ නැගලා ඉන්න ඒවා නේද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය කෝච්චියේ ෆොටෝ මහා රැල්ල එන්න කලින් මිනිස්සු බේරෙන්න කෝච්ච්යේ නැගලා ඉන්න ඒවා නේද
    ඔව් ඒවා තමයි. මිනිස්සු දන්නේ නෑ නේ මෙහෙම සුනාමි කියන දෙයක් ගැන.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ක්‍රැකටෝවා දූපතේ පිපිරීම නිසා 1883 දීත් ලංකාවට ලොකු සුනාමියක් ඇවිල්ලා තියෙනවා
    2004 භුමිකපාවත් උනේ ඔය ඒරියා එකේමයි මට මතක විදියට

    • Like
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    ඔව් ඒවා තමයි. මිනිස්සු දන්නේ නෑ නේ මෙහෙම සුනාමි කියන දෙයක් ගැන.
    ඔය කෝච්චියේ ෆොටෝ මහා රැල්ල එන්න කලින් මිනිස්සු බේරෙන්න කෝච්ච්යේ නැගලා ඉන්න ඒවා නේද
    sure da oya thelwatte kiyana eka enna kalin kiyana eka?

    meka balapan

    me awata passe eha patten thawa kochchi pettiyak penawa dakunu patte uda? mehema eka langa petti dekak enna kalin (loku ralla) thiyenna baha parawala dekak naha , bima aluth pol athi thiyenne, oya oku ralla awata passe ,

    602376569_4340220502964373_1491832831087141528_n.jpg
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    අපේ අම්මගෙ නංගිගෙ පවුල පිටින් හිටියෙ/ඉන්නෙ US වල. එයාල අවුරුදු 2කට සැරයක් විතර එනවා ලංකාවට. ඉතින් ෆුල් ආතල් ඒ කාලෙට සෙල්ලම්බඩු චොක්ලට් හම්බෙන නිසා.

    එයාට පුත්තු 2යි දුවෙකුයි ඉන්නවා. දුවත් එක්ක ඔය පාරත් එයාල ඇවිත් කොළඹ ඉඳන් ගාල්ල තියෙන අපේ මාමලාගෙ වත්තට යන්න ගිහින්, වෑන් එකේ යන්නෙ නැතුව scenery එක බලන් කෝච්චියේ යන්න ඕනා කියලා ඕකට නැගලා. මාමලා පාරෙන් ගිහින්. කොහොමහරි පලවෙනි රැල්ලට අහුවෙලා බෙරිලා, ගමේ ඔක්කොම කෝච්චියට නැගලා, දෙවනි රැල්ල වදිනකොට නැන්දා ඉන්න මිනිසුනට යටවෙලා නැති උනා. දුව බේරුනා. එයා කොහොමහරි අරයගෙ රත්‍රන් බඩු ටික ගලවන් පස්සෙ කොහොමහරි එතනින්ම මිනියත් අරගෙන එයාල මොකද පරක්කු උනානම් සමූහ මිනිවලවල් වලට දානවනෙ.

    එයාගෙ එක පුතෙක්ට මම හිතන්නෙ autism තියෙනවා (මම ලොකු ආස්‍රයක් නෑ දැන් සෙට් වෙන්නෙ නැති නිසා). කොහොමහරි පුතා අම්මත් එක්ක මාර close මේක වෙච්ච පාර ඩයල් එක ලංකාව ඇවිත් අම්ම බලන්න ඕන කියලා පෙට්ටිය ඕපන් කරල මිනිය බදාගෙන අඬලා. ආයි පෙට්ටිය වහන්න පට්ට ගේමක් දෙන්න වෙලා මොකද ඉදිමෙන නිසා.

    අපේ ගෙවල් වලට වතුර දැම්මෙ නැති උනාට අපිත් අයින් උනා. නිව්ස් එක අවේ අපේ තාත්තට. තාත්ත ඕක අපේ අම්මට දැන්ම කියන්න එපා කියලා කියනවා මට තාම මතකයි. කොහොමහරි කිව්වාම මාර විදියට ඇඬුවා, අම්මගෙ අයියත් නැති වෙලා අවුරුදු 2 3ක් වෙලා තිබ්බෙ. ඊටපස්සෙ මම අම්මත් එක්ක ගියා මල ගෙදර.

    එයාල එදා වාහනේ ගාල්ල ගියානම් තාම ජීවතුන් අතර, වෙලාව ආවම ඉතින් යන කෙනා යනවා.

    අපේ තව දුරින් නෑ වෙන පවුලක ඔක්කොම නැති උනා twinsලා දෙන්නෙගෙන් එක්කෙනෙක් ඉතුරු වෙලා. ඒ twinගෙ අනිත් කෙනාව කඳවුරකට ගෙනියනවා දැක්කා කියලා ඒ දවස්වල කතාවක් ගියා, එයාල තාම ඒ ලමයව හොයනවා. ඒ කාලේ එයාල අවුරුදු 4 5ක් වගේ ඇති. ඔහොම අතුරුදහන් උන අය තාම ඉන්නවා මම හිතන්නෙ.
    Ado me kathawe inna Girl ara National Geography decoumentry eke katha karanawa me story eka kiyanna. US indan awith down south yana gaman train ekedi 2nd wave ekata Amma nethi wela thibuna. Mendis kenek wage mata name eka mathaka. Eyage camera eken gaththa footages National Geography ekka share karala thibuna documentry ekata. Poddak balapan youtube eke umbe Cousin kenek neh.

    Menna link eka. Eranthie Mendis kiyala name eka thiyenne. Umba kiyana story ekamai.

    • Love
    • Like
    Reactions: tharakaf and Lion-0

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    අඩෝ පොටෝ සෙට් එකක් තිබ්බා බැකෝ එකෙන් ලොකු වලකට බොඩීස් වලදාන...
    ඒ ටික දැක්කම කරකැවිල්ල වගේ 😑
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Ado me kathawe inna Girl ara National Geography decoumentry eke katha karanawa me story eka kiyanna. US indan awith down south yana gaman train ekedi 2nd wave ekata Amma nethi wela thibuna. Mendis kenek wage mata name eka mathaka. Eyage camera eken gaththa footages National Geography ekka share karala thibuna documentry ekata. Poddak balapan youtube eke umbe Cousin kenek neh.

    Menna link eka. Eranthie Mendis kiyala name eka thiyenne. Umba kiyana story ekamai.

    අම්මටසිරි, එරන්දි අක්කි මේකේ ඉන්නවා නේද? 1400 ඉඳන් වගේ. ඇඬෙනවා. මම දැනන් හිටියේ නෑ documentary එකකට හිටියා කියලා. කිව්වා වගේ ලොකු සම්බන්දකමක් නෑ දැන්. පොඩි කාලෙනම් එයාලත් එක්ක එකතුවෙලා සෙල්ලම් කරා.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    අම්මටසිරි, එරන්දි අක්කි මේකේ ඉන්නවා නේද? 1400 ඉඳන් වගේ. ඇඬෙනවා. මම දැනන් හිටියේ නෑ documentary එකකට හිටියා කියලා. කිව්වා වගේ ලොකු සම්බන්දකමක් නෑ දැන්. පොඩි කාලෙනම් එයාලත් එක්ක එකතුවෙලා සෙල්ලම් කරා.
    Math Documentry eka baladdi hithuwa US indan awith ai me train eke katta kanna gihin thiyenne kiyala. Karma thama ☹️☹️
     
    • Sad
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Math Documentry eka baladdi hithuwa US indan awith ai me train eke katta kanna gihin thiyenne kiyala. Karma thama ☹️☹️
    අඩෝ ඔව් බන්, පට්ට දුකයි තමා. නැන්දගෙ නම ටමාර, ලමයි 3 එරංග, එරන්දි, අමල්. මැද එක්කෙනා තමා ඔය කතා කරන්නෙ. මීට අවුරුදු කීපයකට කලින් එරන්දි ලංකාවට ආව. ආපු වෙලාවෙ මට කෝල් එකක් දුන්නා කොහොමද කියලා අහන්නයි, get together එකකට එන්න කියන්නයි. මට යන්න උනේ නෑ ඉතින්.
     
    • Sad
    Reactions: CoolMan88