සුනාමි දැරියක් සත් වසරකට පසු ගෙදර එයි.
2004 වසරේ ආසියාවේ ඇතිවු සුනාමි රළ පහරෙන් පසු අතුරුදන්ව සිටි ඉන්දුනීසියානු දැරියක් ඉන් සත් වසරකට පසු පසුගිය බදාදා නැවත සිය නිවසට පැමිණියා. සුනාමි රළ පහරත් සමග මෙම දැරිය කාන්තාවක විසින් රැගෙන ගොස් වසර ගණනාවක් තිස්සේ යාචක මෙහෙවරේ යොදා තිබෙනවා. දැන් 14 වන වියේ පසුවන ඇයට නැවතත් දෙමව්පියන් සොයා ගැනීම සඳහා උදව් වී ඇත්තේ කුළී රථ රියදුරෙක්. මෙම දැරිය එම රියදුරාට තමාගේ ගමේ නමත් සීයාගේ නමත් පැවසීමෙන් අනතුරුවයි ඇගේ නිවසට යාමට හැකි වී ඇත්තේ. ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, තායිලන්තය ඇතුළු ආසියානු කලාපයේ රටවල් රැුසකට බලපෑ සුනාමි රළ පහරට අනිද්දා සත්වසරක් සපිරෙනවා.