සුනාමි දෝනි

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සුනාමි දෝණි

    SriLankaTsunami298361452_cf6ef999c1_o.jpg


    වෙලාව උදේ 7.30 නයිට් ශිෆ්ට් එක කරලා චාටර් වෙලා හිටපු මම වෙලාව බැලුවා තව පැයක් තියනවා ඔෆ් වෙන්න කම්මැලි කම යන්නත් එක්ක සිගරට් එක්ක බොන්න එලියට ගියා, දොර ලග හිටපු සිකිරුටි ඔෆිසර් අදුරු හමක් තියන එච්චර උස නැති අංකල් කෙනෙක්, මම යනකොටම කට පුරා හිනා වෙලා ගුඩ් මොර්නිග් සර් කියලා කිව්වා. මම හිනාවක්‌ නැතුවම ගුඩ් මොර්නින්ග් කිව්වා. මම මහන්සි වෙලා හිටියේ පාඩුවේ සිගරට් එක බොන්නයි ඕනි වෙලා තිබුනේ, එත් අංකල් බලෙන්ම කතාවට වැටුනා,

    "අදත් හවසට වහි නේද සර්"

    "ඔව් වහි සමහර විට"

    "අපේ පැත්තෙනම් හැමදාම පොදයක් හරි ගහනවනේ සර් "

    "ආ එහෙමද කොහෙද ගම"

    "මම කෑගල්ලනේ සර් හැමදාම වහිනවා, හැන්දවට වතුර ටිකක් බොන්නවත් බැ සීතලයි සර් නානවා තියා හිතන්නවත් බැ,"

    "ආ එහෙමද , ඒ වුනාට හුරු වුනාම ගාණක් නෑනේ"

    "මම ඉතින් ඒ දවස් වල ඉදලා කොලබ තමයි හිටියේ ඒක හින්දා මට එච්චර හුරු නැහැ සර්.

    "ගොඩක් කල්ද මේ ජොබ් එකට ඇවිත්?"

    "නැ සර් මම කලින් වැඩ කලේ ආර්පිකෝ ෆැක්ට්රි එකේ වන්දි ක්ර මේට අයින් වුනා. දුවලා එහෙම ඉගන ගන්න හින්දා මම සල්ලි අරන් අයින් වුනා සර් ,"

    "ආ එහෙමද එයාලා කොහෙද ඉගන ගන්නේ"

    “දුවලා තුන් දෙනෙක් ඉන්නවා තුන්දෙනාම පේරාදෙණිය කැම්පස් එකේ ලොකු දුව දැන් කැම්පස් එකේම උගන්නනවා අනිත් දෙන්නා තාම උපාදිය ඉගන ගන්නවා” අංකල් හිනාවකින් මුණ පුරෝගෙන හෙන ආඩම්බරෙන් කියන්නේ.

    "අංකල්ට හෙන සතුටයි නේද ළමයි තුන් දෙනාම කැම්පස් නේ,"

    "තුන් දෙනෙක් කිව්වට සර් මට දුවලා දෙන්නයි හිටියේ අනිත් එක්කනා සුනාමි ළමයෙක්."

    "ඒ කිව්වේ?"

    "ඒ ළමයා අපේ පොඩි දුවගේ යාලුවෙක් සර් එකට කාමරේ හිටියේ ඒ දවස් වල ඉදලාම අපේ ගෙදර ආවා ගියා ගාල්ලේ ළමයෙක්, සුනාමියට දුවගේ අම්මයි තාත්තයි අය්යායි ගිහින්, ඒ ළමයා අපේ ගෙදර හිටියේ සුනාමි ආවා කියලා ආරංචි වුනාම අඩ අඩ හිටියා දවස් දෙක තුනකට පස්සේ අපි ගියා එයාගේ අම්මලාව හොයාගෙන , එයාලගේ ගෙදර ගල් කැටයක් වත් ඉතුරැ වෙලා තිබ්බේ නැ සර් ගෙදර අයත් එක්කම ගේත් මුහුදට ගිහින්, කෙල්ල හොදටම ඇඩුවා ගෙදර අයගේ මිනි ටිකවත් හම්බ වුනේ නැ, ඊට පස්සේ අපි ලමයව අපේ දුවෙක් වගේ හදා ගත්තා අපිට අම්මා තාත්තා කියලා තමා දැන් කතා කරන්නේ සර්."

    මේ ටික ඇහුවාම මම හොල්මන් වෙලා ගියා මම හාරලා තව විස්තර ඇහුවා
    "ඉතින් එයාගේ නෑදැයෝ කවුරුත් නැද්ද"

    "ඉන්නවා සර් ඒ කවුරුත් ළමයට ආදරේ නැ දේපල වලට තමයි ඇහැ ගහ ගෙන ඉන්නේ. හොද වෙලාව ඔප්පු තිරප්පු ටික මහා ගෙදර තිබ්බේ, අපි ගාලු ගිහින් ඒ දේපල ඔක්කොම මේ ළමයාගේ නමට හදලා දුන්නා, පවුලේ අයට පින්කම් ටිකත් හරියට කරා අපි කවදාවත් මේ ලමයව තනියම ගාලු යවන්නේ නැ දැන් කාලේ කියන්න බැ බයයිනේ සර්. ඉදලා හිටලා කට්ටියම ගිහින් ඉඩම එහෙම බලලා එනවා.මම මේ ජොබ් ඒක කරන්නෙත් ගෙදර නිකම් ඉන්න බැරි කමට සර් දුවලා මට කියනවා ගෙදර ඉන්න කියලා මට හිත දෙන් නැ,"

    "හ්ම්ම්"

    මට එතනින් එහාට කියන්න වචන ඉතුරු වෙලා තිබ්බේ නැ මම යන්නම් කියලා ඔෆිස් ඒක ඇතුලට ආවා, ටික වෙලාවක් කල්පනා කර කර ඉදලා තමයි ලියන්න ගත්තේ, සමහර විට මගේ භාෂා හැසිරවීම ලස්සන නැතුව ඇති, එත් ඒ පුංචි මනුස්සයාගේ කතාවෙන් මාව අමුතුම කෝණයකට අරන් ගියා, සුනාමියට මැරුණු අයගේ මිනි වලින් රත්තරන් බඩු ගලවගත්ත උන්, මැරුණු අයගේ ඉඩම් අල්ල ගත්ත මිනිසුන් අතරේ කිසිම වාසියක් නැතුව මේ වගේ පින් අතේ වැඩ කරන මිනුස්සුත් ඉන්නවා කියලා හිතුනාම හිතට සතුටකුත් දැනුනා
     
    Last edited:

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    Siraa kathawa. TFS.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Ow ban....mee wage minissu innawa oona tharam...habai salli thiyana pohosath minissu athare ehema aya nathi tharam....duppath miniha thamai kenekge duka danne
    ++
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ස්තුතියි හැමෝටම, පුළුවන් විදියට රේප් දෙන්නම්