සුනාමි, භුමිකම්පා,ලොකයුද්ද,ගිනිකදු සහ 2018 - Nostradamus
NOSTRADAMUS’ chilling predictions for 2018 have been revealed – including devastating earthquakes and World War 3
අනාගතය ගැන අනාවැකි පළ කිරීම මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට තිබුණත් අනාවැකි පළ කරන්නන් පහල වුවත්, ලොව විශිෂ්ටතම අනාවැකි පළ කරන්නා ලෙස සැලකෙන්නේ මයිකල් නොස්ට්‍රඩාමුස් ය. 1503 දී උපන් ඔහු 1566 දී මියයන තුරු ගතකළ අවුරුදු 63 ක ජීවිත කාලය තුළදී පළකර අනාවැකි වලින් 70% කට වඩා සත්‍ය විය. ඔහු තමන් ජීවත් වූ යුගය ගැන පමණක් නොව නව සහශ්‍රය වූ වසර 2000 තුළ සිදුවන දේ ගැන පවා අනාවැකි පළ කළේය.
ළඟ එන ඉදිරි වසර වන 2018 ගැන ද නොස්ට්‍රඩාමුස් 1554 දී අනාවැකි කියා ඇත. 2018 දී ඉතා භයානක දේ සිදුවනු ඇතැයි ඔහු කියයි. තුන්වන ලෝක යුද්ධය 2018 දී පටන් ගන්නා බව කියන ඔහු මහපොළොව විශාල වෙනස්කම්වලට භාජන වන බවත් රටවල් ගණන වැඩිවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඔහු මෙයින් අදහස් කරන්නේ බෙදුම්වාදය නිසා රටවල් කැබලි බවට පත්වන බවය.
2018 දී භූ කම්පන, ජල ගැලීම්, ගිනි කඳු පුපුරා යැම් වැනි භයානක ස්වභාවික ව්‍යසන හටගන්නා බව නොස්ට්‍රඩාමුස් කියා ඇත. ඔහු කියන්නේ තුන්වැනි ලෝක යුද්ධය ප්‍රංශයෙන් පටන් ගන්නා බවය.
2018 දී පටන් ගන්නා ඒ මහා යුද්ධයේදී යුරෝපයට බලගතු ප්‍රහාර එල්ල වනු ඇත. මේ යුද්ධය දිගු කලක් පවතී. එය වසර 27 ක් පවතින යුද්ධයකි. අවසානයේදී සාමය උදාවන නමුත් එය භුක්ති විඳිනු ඇත්තේ රටවල් කිහිපයක් පමණය.
ඉදිරි කාලය තුළදී වල්ගා තරුවකින් පෘථිවියට හානි වන බව ද නොස්ට්‍රඩාමුස් පෙන්වා දී තිබේ. ඊළඟට තවත් විශාල ග්‍රහලෝකයක් පෘථිවිය ආසන්නයට පැමිණ අප බේරා ගන්නා බව ද ඔහුගේ අනාවැකියකි. ඉදිරි වසර 27 තුළ විසුවියස් ගිනි කන්ද පුපුරා 16,000 ක් මැරෙන බව ද ඔහු සඳහන් කර ඇත. මයිකල් නොස්ට්‍රඩාමුස්ගේ අනාවැකි නිකම්ම ඉවතට දැමීම කළ නොහැක. ඒ ඔහු විසින් ව්‍යංගයෙන් කියූ දේ ඉතිහාසය පුරාම සැබෑ වී ඇති බැවිනි.
ගෝලීය උෂ්ණත්වය පළාතකවත් නැති කාලයක ඔහු ඒ ගැන අනාවැකි පළ කළේ මෙසේය. වනාන්තර වියෑළෙන පොළොව ඉරිතලන කාලයක් 1900 න් පසු උදාවනවා ඇත. රජවරුන් කැලෑ සොරකම් කරනු ඇතැයි ඔහු කියයි. එහි සැබෑ තේරුම වන සංහාරයයි.
වසර 2001 සැප්තැම්බර් මස 11 වැනිදා අල්කයිඩා සංවිධානය විසින් ඇමරිකාවට එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාරය ගැන ද අනාවැකි පළ කළේය. ඒ ගැන ඔහු සඳහන් කළේ මෙසේය. වසර 2000 මුල් අවුරුදු 10 අගදී ලෝකයේ දියුණුම රාජ්‍යය උඩින් පියාඹා එන යකඩ කුරුල්ලන් දෙදෙනෙක් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනවා ඇත. එයින් හයදහසක් මියයනවා ඇත. නොස්ට්‍රඩාමුස් මෙහිදී ලොව දියුණුම රාජ්‍යය ලෙස සඳහන් කළේ ඇමරිකාව ගැනය.
එකල ඇමරිකාව යනුවෙන් රටක් ලොව තිබුණේවත් නැත
පසු කාලයේදී ඇමරිකාව ලෙස හඳුන්වන ලද භූමිය ක්‍රිස්ටෝපර් කොලොම්බස් නමැති දේශ ගවේෂකයා විසින් සොයා ගෙන තිබුණේද 1492 දී. ගෝත්‍රික රතු ඉන්දියානුවන් පමණක් ජීවත් වූ ඒ භූමිය එකල ඝන වනයකි. එම වනය ලොව දියුණුතම රාජ්‍යය බවට පත් වන්නේ යයි නොස්ට්‍රඩාමුස් එදා දුටුවේය.
නොස්ට්‍රඩාමුස් අනාගත වාක්‍ය ප්‍රකාශ කළේ ආවේෂ වීමකින් පසුවය. එම ආවේෂය තුළ කපුවන් සහ මන්තරකාරයන් නටන දඟලන පරිදි ඔහු හැසිරුනේ නැත. ඔහු සිටගෙන හෝ ඇවිදිමින් වෙනස් කටහඬකින් අනාවැකි කීවේය. ඒවා නිතරම කියන ලද්දේ කවිවලිනි. ඔහුගේ ගෝලයෙක් ඔහු ළඟ සිට ඒවා ලියා ගත්තේය. ආවේෂයෙන් මිදී පියවි සිහියට පැමිණි පසු නොස්ට්‍රඩාමුස් එම කවි කියවා බැලුවේය. 1555 දී මේ සියල්ල එකතු කළ ඔහු පොතක් අච්චු ගැසුවේය. මේ පොත අද වන විට දහස් වතාවකට වඩා මුද්‍රණය කර තිබේ.
වසර 1871 ඔක්තෝබර් 8 වැනිදා අලුයම ඇමරිකාවේ චිකාගෝ නුවරදී ගින්නක් හටගත්තේය. ඉතා කුඩා නිවසකින් පටන් ගත් ඉතා කුඩා ගින්නක් වුවද පැය කිහිපයක් තුළ ලෝකයේ විශාලතම ගිනි ගැනීම්වලින් එකක් බවට පත්විය. ගින්න දින 3 ක් තිස්සේ පැවතින. එමගින් 300 ක් මිය ගියහ. ගෙවල් ලක්ෂයක් අළු බවට පත්විය. මේ ගින්න හටගන්නා බව නොස්ට්‍රඩාමුස් විසින් 1555 දී දක්නා ලදී. ලෝකයේ දියුණුම රටේ පිහිටි විශාල නගරයක් ගිනි ගන්නා බවත් එමගින් ගෙවල් ලක්ෂයක් අළු වන බවත් ඔහුගේ අනාවැකිය විය.
1555 දී ඔහු කියූ තවත් අනාවැකියක සඳහන් වූයේ 1960 ගණන්වලදී මිනිසා හඳට පා තබන බවය. යකඩ කුරුල්ලකු තුළට යන මිනිසුන් තිදෙනකු අහස විදගෙන ගොස් හඳට යන බව ඔහුගේ අනාවැකිය විය. 1963 නොවැම්බර් 22 වැනිදා ඇමරිකන් ජනාධිපති ජෝන් කෙනඩි ඝාතනය කරන බව නොස්ට්‍රඩාමුස් 1554 දී කීවේය. ඔහු කීවේ ලොව දියුණුම රටේ රජු 1963 දී ගිනි විදින බටයකින් ගිනි විද මරණ බවය. නොස්ට්‍රඩාමුස්ගේ කාලයේදී තුවක්කු නොතිබිණි. ඔහු ගිනි විදින බටය ලෙස සඳහන් කළේ තුවක්කුවටය.
මයිකල් නොස්ට්‍රඩාමුස් තම අනාවැකි කවිවලින් සහ ව්‍යංගාර්ථයෙන් කීවේ ඇයි? ඔහු ජීවත් වූ මධ්‍යතන යුගයේදී යුරෝපය තුළ හදි හූනියම්, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, යකුන් බැඳගෙන වැඩ ගැනීම් යනාදිය ගැන විශාල පිළිගැනීමක් තිබූ කාලයකි. ඒ අනුව එම කටයුතුවල නිරත වීම නීතියෙන් තහනම් විය. එවැනි ක්‍රියාවල නිරත වන අය ප්‍රසිද්ධියේ කණුවක බැඳ ගිනි තබා මරන ලදී. නොස්ට්‍රඩාමුස් තම අනාවැකි කවියෙන් හා ව්‍යංගාර්ථයෙන් පැවසුවේ එම නීතියෙන් රිංගා යැමටය. ඔහු කවි මිස අනාවැකි කියන බව ඔප්පු කරන්නට එකල තිබූ ප්‍රංශ ආණ්ඩුවට බැරි විය.
PDF : https://zelalemkibret.files.wordpress.com/2012/02/the-complete-works-of-nostradamus.pdf
Ref:
http://www.businessinsider.com/predictions-of-nostradamus-2011-12
https://www.livescience.com/24213-nostradamus.html
https://www.express.co.uk/news/weir...-of-the-world-volcanoes-earthquakes-asteroids
https://www.forbes.com/sites/ericma...ictions-nostradamus-china-venus/#4090e0825220
source : divaina , dailystar.co.uk

Last edited: