සුනිල් රත්නායක

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මටත් කියපන් දැනගත්තොත් :rolleyes:

    නඩු අංක - HC/1092/2002 බලන්න.

    mir.jpg
     
    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි හමුදා සැරයන් සුනිල් රත්නායකට සමාව හිමිවී ඊයේ (19) නිදහස ලබා ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන පුවත මේ දක්වා තහවුරු කර නැත. නමුත් ඔහු නිදහස් කළ බවටත් ජනපති රණවිරුවන් ගැන සොයා බලා ඇති බවටත් පෝස්ටු පළවේ.
    ජනපති ගෝඨාභය
    සිය මැතිවරණ ප්‍රචාරණ කතා වලදී අවස්ථා කිහිපයකදී දන්වා සිටියේ අසාධාරණයට ලක්ව සිරගතව සිටින රණවිරුවන්ට තමා බලයට පත්ව දවසක් දෙකක් ඇතුළත නිදහස පිරිනමන බවයි.
    ඒ අනුව සැලකීමේදී ලැයිස්තුවේ උඩින්ම සිටියේ 8 දෙනෙකු මැරූ බවට චෝදනා ලද සැරයන් සුනිල් රත්නායකයි.
    මිරුසුවිල් සමූලඝාතනය ලෙස හැඳින්වෙන්නේ සැරයන් සුනිල්ට චෝදනා ලද සිදුවීමය.
    යුද්ධය පැවති සමයේ 2000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දිනදී දරුවන්ද ඇතුළු ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් අට දෙනෙකු සමූල ඝාතන කිරීමේ සිදුවීමකි.
    ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි

    කොටි සාමාජිකයින් මරා දැමී යයි සැරයන් සුනිල් රත්නායකගේ පාර්ශ්වයෙන් අධිකරණයේදී කරුණු කියැවෙද්දී සිය දේපල සෝදිසිකර බැලීමට පැමිණි, අවතැන්වීමට ලක්වූ නිරායුධ සරණාගතයන් අටදෙනෙකු යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී අත්අඩංගුවට ගනු ලැබ පසු දිනදී සමූලඝාතනය සිදුකර ඇති බවට අනෙක් පසින් චෝදනා එල්ලවිය.

    සෙබළුන් පිරිසක් විසින් ඝාතනය කර දමනු ලැබ යාපනය නගරයට සැතපුම් 16ක් පමණ නැගෙනහිරින් පිහිටි පෙදෙසක සමූහ භූමදානයක් කොට තිබි හමුවිය.
    උඩුපිඩ්ඩි ප්‍රදේශයේ සිට නැවත පැමිණ සිටි සරණාගත පිරිස දෙසැම්බර් 19වන දින මිරුසුවිල් වෙත, සිය නිවාස සෝදිසි කර බැලීමට සහ දර එකතු කිරීම පිණිස පැමිණ සිටියදී හමුදාව යැයි සැකකෙරන අය විසින් අත්අඩංගුවට ගත් බවත් සිය පැරණි දේපල නිරික්ෂණය කිරීමට ඔවුන් ප්‍රාදේශීය බලධරයින්ගෙන් අවසර ගෙන තිබූ බවද අධිකරණයේදී පැවසිණි. දිස්ත්‍රික් වෙෙද්‍ය නිලධාරී වෙෙද්‍ය සී. කදිර්වෙට්පිල්ලෙයිගේ සාකෂ්‍ය අනූව ඝාතනයට ලක්වූ වින්දිතයින්ගේ ගෙල කපාදමා තිබී ඇත. මියගිය අය අතර යෞවනයන් තිදෙනෙක් සහ පස් හැවිරිදි දරුවෙකු වූ බව කියැවෙයි. අත්අඩංගුවේ සිට දරුණු තුවාලද සහිතව හමුදා භාරයෙන් පලා ආ යැයි කියන අයෙකු විසින් සිය ඥාතීන්ට මෙය සැළකිරීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත බාහිර අවධානය යොමු විය.

    අවසානයේ ශ්‍රී ලංකා රජය විසින්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, අඩන්තේට්ටම් කිරීම, ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මෘත දේහ සමූහ මිනීවලක භූමදානය කිරීම යන චෝදනා යටතේ හමුදා සෙබළු අත්අඩංගුවට ගන්නා ලදි.
    මුලදී හමුදා සෙබළුන් 14දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි. ඔවුන් පිරිස යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. අත්අඩංගුවට ගත් 14දෙනාගෙන් 9දෙනෙකු සියළු චෝදනා වලින් නිදහස් කරනු ලැබුණු නමුත් නීතිපති විසින් ඔවුන්ගෙන් පස්දෙනෙකුට එරෙහිව සිදුවීමට සම්බන්ධ චෝදනා ගොනුකරන ලදී. පසුව නඩු විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනයන ලදී. 2002 වසරේදී නඩුව කොළඹ මහාධිකරණයට හරවා යැවුණු අතර එදින් වසර 13ක් මුළුල්ලේ නඩු විභාගය

    පැවැත්වීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25වන දිනදී හමුදා සැරයන් සුනිල් රත්නායක නැමැත්තා, යාපනය මිරුසුවිල්හී සිදුකල සිවිල්වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල චෝදනා 15කට වරදකරු කරමින් ඔහු වෙත මරණ දණ්ඩනය නියම කරන ලදී.

    අත්අඩංගුවට ලක්වූ අනෙක් සෙබලුන් හතර දෙනා වෙත එල්ල වූ චෝදනාවල සාක්ෂි මදකම හේතුවෙන් ඔවුන් සිවුදෙනා නිදහස් කොට දැමුණි.
    නඩු තීන්දුව නිසා විස්සෝපයට පත් පාර්ශ්ව සදහන් කර තිබුනේ අසීමිත කැප කිරීම් කරමින් කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට කටයුතු කළ රණවිරුවන් ආරක්ෂා කර ගත යුතු වුවත් ආණ්ඩුව ඔවුන් දංගෙඩියට තල්ලු කරන බවයි. එහෙත් වසර දහතුනක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ ඇසුණු මේ නඩුව එක් විශේෂිත ආණ්ඩුවක උවමනාව මත ගොනුවූ නඩුවක් නොවීය.

    අදාළ සිද්ධියේ අගතියට පත් පාර්ශ්වය නීතියේ පිහිට පැතීමට දෙමළ දේශපාලන පක්ෂයක් වන ඊ.පී.ඩී.පී. සංවිධානයේ සහාය ලබාගෙන ඇත. එම සංවිධානය යුද හමුදාව හා සිද්ධිය වන අවස්ථාවේ ආණ්ඩු බලය දැරූ පොදුජන එක්සත් පෙරමුණ හා පසුව ආණ්ඩු බලය දැරූ එක්සත් ජනතා නිදහස් සංධානය සමගත් සම්මුතිගතව කටයුතු කර ඇත.
    වසර 13ක් තිස්සේ ඇදි ඇදී ආ අධිකරණ ක්‍රියාදාමයක් අවසානයේ දුන් මේ තීන්දුව දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවකට ආණ්ඩුවේ උපදෙස් මත අධිකරණය ලබා දුන් තීන්දුවක් බවට සමහරු අර්ථ දැක්වූහ. තවත් සමහරු තම ෆේස්බුක් ගිණුම් වල පින්තූරය මරණ දඩුවමට ලක් කළ යුද හමුදා භටයාගේ රුවකින් සරසමින් ඔහු වීරත්වයට නැංවීමට තැත් කළහ. ඇතැමුන් ඔහු කළේ කුමක්ද කියා හෝ නොදැන පෝස්ටු ෂෙයාර් කිරීම දක්නට ලැබුණි.
    මෙම සිදුවීම නිසා මරණ දඩුවම හිමිවූ සුනිල් රත්නායක වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරකට මැදිව අසරණ වී සිටින බවටත් ඔහුගේ දරුවා සහ බිරිඳට සැනසුමක්‌ අවශ්‍ය බවටත් කරුණු දක්වමින් ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් රණවිරුවන් සුරැකීමේ සංවිධානය විශේෂයෙන්ම කටයුතු කරන ලදි.

    Source: https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/11/sunil-rathnayaka-free-story.html#more
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි හමුදා සැරයන් සුනිල් රත්නායකට සමාව හිමිවී ඊයේ (19) නිදහස ලබා ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන පුවත මේ දක්වා තහවුරු කර නැත. නමුත් ඔහු නිදහස් කළ බවටත් ජනපති රණවිරුවන් ගැන සොයා බලා ඇති බවටත් පෝස්ටු පළවේ.
    ජනපති ගෝඨාභය
    සිය මැතිවරණ ප්‍රචාරණ කතා වලදී අවස්ථා කිහිපයකදී දන්වා සිටියේ අසාධාරණයට ලක්ව සිරගතව සිටින රණවිරුවන්ට තමා බලයට පත්ව දවසක් දෙකක් ඇතුළත නිදහස පිරිනමන බවයි.
    ඒ අනුව සැලකීමේදී ලැයිස්තුවේ උඩින්ම සිටියේ 8 දෙනෙකු මැරූ බවට චෝදනා ලද සැරයන් සුනිල් රත්නායකයි.
    මිරුසුවිල් සමූලඝාතනය ලෙස හැඳින්වෙන්නේ සැරයන් සුනිල්ට චෝදනා ලද සිදුවීමය.
    යුද්ධය පැවති සමයේ 2000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දිනදී දරුවන්ද ඇතුළු ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් අට දෙනෙකු සමූල ඝාතන කිරීමේ සිදුවීමකි.
    ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි

    කොටි සාමාජිකයින් මරා දැමී යයි සැරයන් සුනිල් රත්නායකගේ පාර්ශ්වයෙන් අධිකරණයේදී කරුණු කියැවෙද්දී සිය දේපල සෝදිසිකර බැලීමට පැමිණි, අවතැන්වීමට ලක්වූ නිරායුධ සරණාගතයන් අටදෙනෙකු යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී අත්අඩංගුවට ගනු ලැබ පසු දිනදී සමූලඝාතනය සිදුකර ඇති බවට අනෙක් පසින් චෝදනා එල්ලවිය.

    සෙබළුන් පිරිසක් විසින් ඝාතනය කර දමනු ලැබ යාපනය නගරයට සැතපුම් 16ක් පමණ නැගෙනහිරින් පිහිටි පෙදෙසක සමූහ භූමදානයක් කොට තිබි හමුවිය.
    උඩුපිඩ්ඩි ප්‍රදේශයේ සිට නැවත පැමිණ සිටි සරණාගත පිරිස දෙසැම්බර් 19වන දින මිරුසුවිල් වෙත, සිය නිවාස සෝදිසි කර බැලීමට සහ දර එකතු කිරීම පිණිස පැමිණ සිටියදී හමුදාව යැයි සැකකෙරන අය විසින් අත්අඩංගුවට ගත් බවත් සිය පැරණි දේපල නිරික්ෂණය කිරීමට ඔවුන් ප්‍රාදේශීය බලධරයින්ගෙන් අවසර ගෙන තිබූ බවද අධිකරණයේදී පැවසිණි. දිස්ත්‍රික් වෙෙද්‍ය නිලධාරී වෙෙද්‍ය සී. කදිර්වෙට්පිල්ලෙයිගේ සාකෂ්‍ය අනූව ඝාතනයට ලක්වූ වින්දිතයින්ගේ ගෙල කපාදමා තිබී ඇත. මියගිය අය අතර යෞවනයන් තිදෙනෙක් සහ පස් හැවිරිදි දරුවෙකු වූ බව කියැවෙයි. අත්අඩංගුවේ සිට දරුණු තුවාලද සහිතව හමුදා භාරයෙන් පලා ආ යැයි කියන අයෙකු විසින් සිය ඥාතීන්ට මෙය සැළකිරීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත බාහිර අවධානය යොමු විය.

    අවසානයේ ශ්‍රී ලංකා රජය විසින්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, අඩන්තේට්ටම් කිරීම, ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මෘත දේහ සමූහ මිනීවලක භූමදානය කිරීම යන චෝදනා යටතේ හමුදා සෙබළු අත්අඩංගුවට ගන්නා ලදි.
    මුලදී හමුදා සෙබළුන් 14දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි. ඔවුන් පිරිස යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. අත්අඩංගුවට ගත් 14දෙනාගෙන් 9දෙනෙකු සියළු චෝදනා වලින් නිදහස් කරනු ලැබුණු නමුත් නීතිපති විසින් ඔවුන්ගෙන් පස්දෙනෙකුට එරෙහිව සිදුවීමට සම්බන්ධ චෝදනා ගොනුකරන ලදී. පසුව නඩු විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනයන ලදී. 2002 වසරේදී නඩුව කොළඹ මහාධිකරණයට හරවා යැවුණු අතර එදින් වසර 13ක් මුළුල්ලේ නඩු විභාගය

    පැවැත්වීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25වන දිනදී හමුදා සැරයන් සුනිල් රත්නායක නැමැත්තා, යාපනය මිරුසුවිල්හී සිදුකල සිවිල්වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල චෝදනා 15කට වරදකරු කරමින් ඔහු වෙත මරණ දණ්ඩනය නියම කරන ලදී.

    අත්අඩංගුවට ලක්වූ අනෙක් සෙබලුන් හතර දෙනා වෙත එල්ල වූ චෝදනාවල සාක්ෂි මදකම හේතුවෙන් ඔවුන් සිවුදෙනා නිදහස් කොට දැමුණි.
    නඩු තීන්දුව නිසා විස්සෝපයට පත් පාර්ශ්ව සදහන් කර තිබුනේ අසීමිත කැප කිරීම් කරමින් කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට කටයුතු කළ රණවිරුවන් ආරක්ෂා කර ගත යුතු වුවත් ආණ්ඩුව ඔවුන් දංගෙඩියට තල්ලු කරන බවයි. එහෙත් වසර දහතුනක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ ඇසුණු මේ නඩුව එක් විශේෂිත ආණ්ඩුවක උවමනාව මත ගොනුවූ නඩුවක් නොවීය.

    අදාළ සිද්ධියේ අගතියට පත් පාර්ශ්වය නීතියේ පිහිට පැතීමට දෙමළ දේශපාලන පක්ෂයක් වන ඊ.පී.ඩී.පී. සංවිධානයේ සහාය ලබාගෙන ඇත. එම සංවිධානය යුද හමුදාව හා සිද්ධිය වන අවස්ථාවේ ආණ්ඩු බලය දැරූ පොදුජන එක්සත් පෙරමුණ හා පසුව ආණ්ඩු බලය දැරූ එක්සත් ජනතා නිදහස් සංධානය සමගත් සම්මුතිගතව කටයුතු කර ඇත.
    වසර 13ක් තිස්සේ ඇදි ඇදී ආ අධිකරණ ක්‍රියාදාමයක් අවසානයේ දුන් මේ තීන්දුව දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවකට ආණ්ඩුවේ උපදෙස් මත අධිකරණය ලබා දුන් තීන්දුවක් බවට සමහරු අර්ථ දැක්වූහ. තවත් සමහරු තම ෆේස්බුක් ගිණුම් වල පින්තූරය මරණ දඩුවමට ලක් කළ යුද හමුදා භටයාගේ රුවකින් සරසමින් ඔහු වීරත්වයට නැංවීමට තැත් කළහ. ඇතැමුන් ඔහු කළේ කුමක්ද කියා හෝ නොදැන පෝස්ටු ෂෙයාර් කිරීම දක්නට ලැබුණි.
    මෙම සිදුවීම නිසා මරණ දඩුවම හිමිවූ සුනිල් රත්නායක වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරකට මැදිව අසරණ වී සිටින බවටත් ඔහුගේ දරුවා සහ බිරිඳට සැනසුමක්‌ අවශ්‍ය බවටත් කරුණු දක්වමින් ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් රණවිරුවන් සුරැකීමේ සංවිධානය විශේෂයෙන්ම කටයුතු කරන ලදි.

    :yes::yes::yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔහේ රැල්ලට කෑගහනවා රණවිරුවෝ අල්ලනවෝ, රණවිරුවෝ හිරේදානවෝ කියලා.. අඩුම් අතරමෙ ඕක උනේ මොන අවුරුද්දෙද කියලවත් දන්නෙ නැ. එවන් බූරුවන් සමග මොන නීතියේ ආධිපත්‍යක්ද ද බං. :yes::yes::yes:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    The dead included three teenagers and five-year-old Vilvarajah Prasath [1][3] The murders came to light because one of the arrested, Ponnuthurai Maheswaran allegedly escaped from Army custody
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :lol:JVP ඵකට සපෝර්ට් කරාට මම හිතන්නෙ මුනුත් ජන්දෙ දීල තියෙන්නෙ සජිත්ටද කොහෙද..නැත්නම් මෙහෙම වෙයිද බං..:lol:

    45.gif

    වනේ වනසතෙක්ටවත්, මෙහෙම විපතක්නම් වෙන්න එපා..
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    පඩියට පැය 24 වැඩකරන්න කැපවුනු,ඒ පඩියටම මැරෙන්න උනත් ලෑස්තිපිට ඉන්න අද උනත් ඕනෑම හමුදාවකට බැදුණු එකත් රණවිරුවෙක් තමයි සහෝදරය:yes::yes::yes::yes: