සුනිල් ශාන්තයන් ගයන කුකුළු හැවිල්ල

coderlk2015

Member
Feb 17, 2015
4
1
0
සුනිල් ශාන්තයන් ගයන කුකුළු හැවිල්ල

දන්න කෙනෙක් ඉන්නවා නම් සුනිල් ශාන්තයන් විසින් ගයන රැපියෙල් තෙන්නකෝන් මහතා විසින් රචිත කුකුළු හැවිල්ල නමැති මෙම ලින්කුවේ ඇති ගීතයේ පද මාලාව මෙතන POST කරන්න. ලොකු උදව්වක්.;);)

දන්නේ නැත්නම් BUMP එකක්වත් දාන්න..
 
Last edited:

chathurawind

Member
Jun 3, 2009
8
0
0
කුකුළු හැවිල්ල
දුදනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ ....//

මගෙ කුකුළා නැසූ එකා //
දදය ඔබගෙ පාළු ය කා
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු ය කා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල
හෙළුව හෙල්ල
මුලැම බෙල්ල
මරු තැනේ

කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ...//

පයින් මැ ගොස් ඇවිදැ වටේ
පොළොවෙ උලා නළල් ඇටේ

දිගට ඇදී
දිගට ඇදී
නැඟැ පැහැදී

මහ හඬ දී
දෙවියනේ
දිගට ඇදී

රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනුහී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි

කතරගමේ //
බල මහිමේ
දුටු ද එ මේ
හැම තැනේ
කතරගමේ

කියමින් නම'කුරු ඔබ ගේ‍
බොළඳුන්ගෙ ද කිරි තුඬගේ
රඟ දෙන්නට වඩමි අගේ
එක'තින් හිමි සදුනි මගේ

දුදනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ ...//

මට කළ මෙවිපත අනේ
බලා ගන්නැ දෙවියනේ
වැජඹෙන නා මෙ විමනේ
බලන්න නා සාමිනේ

වැඩි විස්තර මෙතනින්