සුප්‍රකට ටජ්මහල

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සුප්‍රකට ටජ්මහල

    ටජ් මහල ඉදි කරන ලද්දේ 1640 ආසන්න කාලයේ බව පිලිගැනේ. මුස්ලිම් පාලකයෙකු වූ ෂා ජහාන් විසින් එය ඉදි කරන ලද්දේ ඔහුගේ බිරිඳ වූ මුම්ටාස් මහල් සිහි වනු පිණිස ය. මුම්ටාස් මහල් ඇයගේ 14 වෙනි දරුවා බිහි කිරීමේ දී මරණයට පත් වූ බවත්, එයින් ෂා ජහාන් රජු දැඩි කම්පනයට පත් වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. ටජ් මහල ඉදිකරන ලද්දේ සිය බිරිඳ වෙත තිබූ ආදරයේ සිහිවටනයක් ලෙස බවත් පැවසේ. මෙම අපූරු ගොඩනැගිල්‍ලේ ඉදිකිරීම් ආරම්භ කර ඇතැයි පැවසෙන්නේ එක් දහස් හයසිය තිස් ගණන්වල ය. විසි දහසකට අධික ශිල්පීන් පිරිසක් මෙම ඉදි කිරීම් සඳහා ශ්‍රමයෙන් දායක වී ඇතැයි ද සඳහන් වේ. එකල ටජ් මහලෙහි වටිනාකම ඉන්දියානු රුපියල් මිලියන 32 ක් පමණ වන්නට ඇතැයි ද ගණන් බලා තිබේ. එය වර්තමානයේ ඉන්දියානු රුපියල් බිලියන 53 කට ආසන්න අගයකි.

    ඉන්දියාවේ පිහිටි සුප්‍රකට ටජ් මහල් ගොඩනැගිල්ල පාරිසරික තර්ජනයකට මුහුණ දී තිබිම මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති කාරණයකි. මෙම පාරිසරික ගැටලුව හේතුවෙන් දැන් කලෙක සිටම එහි සුදු පැහැති කිරිගරුඬ බිත්ති දුඹුරු සහ කොළ පැහැයට හැරෙන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වෙයි. ලොව පුරා මහත් ආකර්ශණයක් දිනාගත් මෙම විස්මයජනක ගොඩනැගිල්ලට අත්වෙමින් ඇති ඉරණම පිලිබඳ කණස්සල්ලට පත් පාර්ශ්ව මේ සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණය හමුවේ පවා කරුණු දක්වා ඇති අතර අධිකරණයද මේ පිලිබඳව දැඩි අවධානයක් දැක්වීමට පටන් ගෙන තිබේ.
    ටජ්මහල සම්බන්ධයෙන් මෙම කණගාටුදායක තත්ත්වය උදාවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඒ ආසන්න ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් ඇති කර්මාන්ත ශාලා සහ වෙනත් ඉදිකිරීම් බවද සඳහන් වෙයි. මෙම කර්මාන්ත ශාලා ආදියෙන් පරිසරයට එක් වන විවිධ අපද්‍රව්‍ය ටජ් මහ‍ලේ බිත්ති මත තැන්පත්ව කලක් පැවතීමෙන් එයට හානිකර බලපෑම් ඇති වීමට පටන් ගෙන ඇති බව පෙනේ. මේ අතර මෙම ප්‍රදේශයේ කෘමිගහණයෙහි විශාල වර්ධනයක් ඇති වීමද මෙම තත්ත්වයට තවත් හේතුවක් බව පැවසේ. කෘමීන් ටජ්මහ‍ලේ පිටස්තර බිත්ති ආශ්‍රිතව වාසය කරමින් මළමුත්‍රා කිරීම ආදි ක්‍රියාකාරකම් නිසා විශාල හානියක් සිදු වෙමින් ඇති බව විශේෂඥයින් පෙන්වා දී ඇත. සුප්‍රකට යමුනා නදිය ගලා බසින්නේ ටජ් මහල ආසන්නයෙනි. බොහෝ අපද්‍රව්‍ය මෙම ගංගාව දිගේ ගසාගෙන එන අතර කෘමීන් ඇතුළු විවිධ ජීවින් විශාල වශයෙන් බෝ වීමට මෙය ලොකු හේතුවක් වී තිබේ.
    කලින් කිහිප වතාවක් බලධාරීන් මෙම හානි වැලැක්වීමට පියවර ගෙන ඇතත් මේ වනවිට තත්ත්වය වඩාත් බරපතල වීමට පටන්ගෙන ඇතැයි අනාවරණය වෙයි. මෙම පසුබිම තුළ මෙම සුප්‍රකට ලෝක උරුමය අනාගතයේ ඛිෙදජනක ඉරණමකට හිමිකම් කියනු ඇති බව මේ පිලිබඳ අවධානය යොමු කරන බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන කාරණයකි. ජාත්‍යන්තර විශේෂඥයින්ගේ හෝ සහය ලබා ගනිමින් ටජ් මහල රැක ගැනීම සඳහා පියවර ගන්නැයි ඉන්දියානු අධිකරණය ද පසුගිය දිනෙක රජයට උපදෙස් දී තිබිණි.