සුපිරියට නිවාඩුවක් ගත කරන්න

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    සුපිරියට නිවාඩුවක් ගත කරන්න

    සුපිරියට නිවාඩුවක් ගත කරන්න ලංකාවේ තියෙන පරිසර හිතකාමී රිසෝට් 7 ක්

    සාමාන්‍යයෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයේ මේ දවස්වල ජනප්‍රියම මාතෘකාවක් තමයි එකෝ ‍ටුවරිස්ට්, එහෙම නැත්නං පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාර. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේ හතු පිපෙන්නා වගේ බිහිවෙන එකෝ ‍ටුවරිස්ට් රිසෝට් වලින් බාගෙට බාගයක්ම නමට විතරයි එකෝ. හරිනං එකෝ ‍ටුවරිස්ට් රිසෝට් එකක් කියන්නේ හතර වටේම ගස් වවලා තියෙන තැනක්වත්, ලී පු‍ටු වල වාඩි වෙන්න දෙන, සිමෙන්තියෙන් ලී වගේ පෙන්න මියුරල් හදපු තැනක්වත් නෙවෙයි. එකෝ ‍ටුවරිස්ට් රිසෝට් එකකින් පරිසරයට වෙන බලපෑම අතිශයින්ම අවම වෙන්න ඕන. මේ කියන්න යන්නේ ලංකාවේ තියෙන සුවපහසු නිවාඩුවක් ගත කරන්න පුලුවන්, හැබෑම එකෝ ‍ටුවරිස්ට් රිසෝට් කියලා කියන්න පුලුවන් තැන් කීපයක් ගැනයි.

    1. Saraii Village – වීරවිල

    Luxurious-Eco-Holidays-01.jpg


    සාරයී විලේජ් රිසෝට් එක ගැන ඒ අය කියන්නේ ලංකාවේ විශිෂ්ටතම පරිසර හිතකාමී හෝටලයක විවේකයක් ලබාගන්න නම් එන්න ඕන තැනක් කියලා තමයි. ඒකට එකඟ නොවී ඉන්න බෑ. මේ අය පරිසර හිතකාමී කියන සංකල්පය ලබාදෙන්නේ සුඛෝපභෝගී නිවාඩුවක ලක්ෂණත් සමගින් වීම විශේෂයක්. ඒ විතරක් නෙවෙයි, ගහක් උඩ ‍රැයක් කියන කතාව සුවපහසුවට ප්‍රායෝගිකව අත්විඳින්නත්, ශ්‍රී ලංකාවේ පිටිසර සුන්දරත්වය අත්විඳින්නටත්, තවත් බොහෝමයක් අත්දැකීම් ලබාගැනීමටත් මේ තරම් හොඳ තැනක් නෑ.

    2. Ulagalla Resort – අනුරාධපුරය

    Luxurious-Eco-Holidays-02.jpg


    අක්කර පණස් අටක් පුරා පැතිරුණු, පුරාතන ජලාශ දෙකකින් සහ අස්වැද්දුණු කුඹුරු ඉඩම් වලින් මායිම්වණු මේ සුන්දර නවාතැන පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යන්න සුවිශේෂී පියවර අරගෙන තියෙනවා කියන්න පුලුවන්. හැබැයි ඒකෙන් මෙතන තියෙන සුඛෝපභෝගී බව පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ. සංචාරකයින්ට මෙතන තියෙන සුඛෝපභෝගී chalet 20 න් එකක නවාතැන් අරගෙන, ඒ එක් එක් chalet එකකට තියෙන ප්‍රයිවට් පූල් එකකට බැහැලා විවේකයෙන් ඉන්නත් පුලුවන්. එහෙම බැරිනම් අක්කර ගණනාවක් පුරා පැතිරුණු මේ රිසෝට් එක ඇතුලෙත්, ඒ අවට වනගහනයේ නැතිනම් ජලාශයන්ගේත්, එහෙමත් නැතිනම් අසල්වාසී ගම්මානයේත් කරන්න දකින්න දේවල් ඕන තරම් තියෙනවා.

    3. Jetwing Vil Uyana – සීගිරිය

    Luxurious-Eco-Holidays-03.jpg


    ඈතට පැතිරුණු බට වන ගහනයන් සහ සරුසාර කුඹුරු යායන් මැද, ඓතිහාසික සීගිරි පර්වතයේ හෙවණැල්ල වැටෙන මානේ පිහිටලා තියෙන ජෙට්වින්ග් හෝටල් සමූහයට අයිති විල් උයන රිසෝට් එකත් නියම පරිසර හිතකාමී නිවාඩු නිකේතනයක් කියලා කියන්න පුලුවන්. සමහරු කියනවා ලංකාවේ තියෙන හොඳම පරිසර හිතකාමී රිසෝට් එකත් මේක කියලා. මෙතන ඉඳලා සීගිරිය ඇතුළු ඓතිහාසික ස්ථාන කීපයක්ම බලන්න යන්න ලඟයි. ඒ වගේම මේ පැත්තේ තියෙන ස්වභාවික සුන්දරත්වය, වන අසිරිය විඳින්නත් තව බොහෝමයක් ක්‍රියාකාරකම් වලටත් මෙතන ඉඩ තියෙනවා. ඒ මොනවත්ම ඕන නැහැ, හවස් වරුවක මේ ලීයෙන් හදපු විලා එකක එළිපත්තට වෙලා ඉඳගෙන ඈතට ඈතට විහිදිලා ගියපු බට ගොමු, කුඹුරු යායවල් පිසගෙන එන රජරට හුළඟ විඳින්න තියෙනවා නං තව වෙන මොනවද!

    4. Gadadessa Eco Resort – කඩුගන්නාව

    Luxurious-Eco-Holidays-04.jpg


    ලක්ෂරි ලෙවල් එකෙන් ස්වභාව සෞන්දර්යය විඳින්න එන්න කියලම කියන මේ රිසෝට් එක සංචාරකයන්ට ආකාර හතරක නවාතැන් සපයනවා. එක්කෝ තේ වතු සමගින් ඈතට පැතිර යන නිල්ලේ සුන්දරත්වය විඳිමින් මේ කට්ටියගේ බේස් කෑම්ප් එකේ නැවතිලා ඉන්න පුලුවන්. එහෙම නැත්නම් ඔක්ටගන් හවුස් කියලා කියන අපූරු නිවස්නයක් ‍තෝරාගන්න පුලුවන්. එතකොට පොළවෙන් අඩි පහළොවක් ඉහළ ගහක් උඩ ඉදිවුණු නිවහනක නැවතිලා වෙනස්ම අත්දැකීමක් ලබාගන්නත් පුලුවන්. ඒ එකක්වත් හරියන්නේ නැතිනම් නියමම කෑම්පින්ග් ස්ටයිල් එකේ රාත්‍රියක් ගත කරන්නත් පුලුවන්. ආදරවන්තයන් දෙදෙනෙක්ට ස්වභාව ධර්මයත් එක්ක මුහු වුණු වෙනස්ම විදියේ රොමෑන්ටික් අත්දැකීමකටත් මේක මරු. ඒ වගේම මේ රිසෝට් එකේ නැවතිලා කරන්න දේවලුත් ඕන තරම් තියෙනවා.

    5. Madulkelle Tea and Eco Lodge – මඩොල්කැලේ

    Luxurious-Eco-Holidays-05.jpg


    උත්තුංග කඳු පංති සහ නිල්වන් තැනිතලාවන් මැද්දේ, ඈතට විහිදුණු තේවතු වල සුන්දර දර්ශනය දකින්න අවදි වෙන්න පුලුවන් නම් ඒක ඇත්තටම නිවාඩුවක් තමයි. මේ Madulkelle Tea and Eco Lodge කියන්නෙත් සුන්දර කඳුරට පරිසර හිතකාමී සංචාරක අත්දැකීමක් ලබාදෙන්නටම නිර්මාණය වුණු රිසෝට් එකක්. හැබැයි එකෝ රිසෝට් එකක් වුනාට ටොප් ක්ලාස් සුඛෝපභෝගී පහසුකම් එහෙමත් මෙතන තියෙනවා. නියම යටත් විජිත කාලේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය වුණු මෙතන ඔබට විවේක සුවයෙන් පසුවෙන්න ගැලපෙන පහසුකම් ඕන තරම් තියෙනවා.

    6. Wild Grass Nature Resort – සීගිරිය

    Luxurious-Eco-Holidays-06.jpg


    අක්කර තිහක වනගහණයක් මැද්දේ පිහිටලා තියෙන මේ රිසෝට් එකට නිතර එන හාවන්ගෙන්, මුවන්ගෙන්, වඳුරන්ගෙන් විතරක් නෙවෙයි, වල් ඌරන්ගෙනුත් අඩුවක් නෑ කියලයි මෙහේ ඉන්න කට්ටිය කියන්නේ. ඒ වගේම තමයි කුරුළු වර්ගත් හතළිහකට එහා පැත්තේ සරන මේ වනය මැද්දේ පිහිටි රිසෝට් එක පරිසර හිතකාමී විදියට පවත්වාගෙන යන්න සෑහෙන්න මහන්සියකුත් වෙනවා කියලයි කියන්නේ. හැබැයි මේ වගේ පරිසරයක තිබුණත් නවීන පහසුකම් සහ සුඛෝපභෝගිත්වයෙනුත් මෙතන අඩුවක් නෑ. වනගහනයේ ස්වභාවික සුන්දරත්වය විඳින්න වගේම තව බොහෝමයක් ක්‍රියාකාරකම් වලටත් මෙතන පහසුකම් සලසලා තියෙනවා.

    7. Chena Huts – යාල

    Luxurious-Eco-Holidays-07.jpg


    ලංකාවේ දකුණුකරයේ ඈත කොණක යාල වනෝද්‍යානය මාඅයේ තියෙන ‘හේනේ පැල්’ කන්සෙප්ට් එකත් එක්ක හදපු මේ රිසෝට් එකත් සංචාරකයෙක්ට අපූරුම අත්දැකීමක් ගේනවා විතරක් නෙවෙයි, පරිසර හිතකාමී සුඛෝපභෝගී නිවාඩුවක් ගත කරන ගමන් වනෝද්‍යානයක තියෙන සෞන්දර්යය විඳින්නත් ඉඩ ලබාදෙනවා කියන්න පුලුවන්. හේනේ පැල් කියලා කිව්වට පුද්ගලික පාවිච්චියට වෙන් වෙන්ව ඉදිවුණු පැවිලියන් ටයිප් නවාතැන් තියෙන මෙතන සුඛෝපභෝගී පහසුකම් අඩුවක් නෑ. කොක්ටේල් එකක් තොලගාන්න බාර් එක වගේම පූල් එකත් වැඩි දුරකින් නෙවෙයි තියෙන්නේ. කොහොම වුනත් දූෂණය නොවුනු වනගොමුවේ සුන්දරත්වය, වනසතුන් බලන්න වගේම නිදහස් විවේකයක් ලබාගන්නත් මේ එකෝ රිසෝට් එක ගැලපෙනවා. ඒ විතරක් නෙවෙයි, හනිමූන් එකට ස්පෙෂල් ඔෆර් එකක් එහෙම ගන්නත් පුලුවන් මෙතනින්.

    Source : aniwa.lk

    හොදයිනම් බම්ප් එකක්වත් දාල යන්න.
    11.gif
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    "You must spread some Reputation around before giving it to namak nathi eka again."

    price ehmath damma nm hodai ne..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තාම ඕවට යන්ද තරම් නිදහසක් නැ බන්. තියෙන දවසක් යන්නම්. ස්තුති