සුපිරියට sex කරන්න මේව කන්න

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
සුපිරියට sex කරන්න මේව කන්න

Source http://latapata.colombocitylife.com/2014/10/iqmshg-filaia-lrkak-fij-lkak.html


පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්.

ඒවගේම හොඳ ලිංගික ජීවිතයක් පැවතීමත් නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍යයි. අනිත් කාරණය හොඳ ලිංගික ජීවිතයක් පවත්වාගෙන යාමට ආහාර වලින් ඍජු බලපෑමක් සිදුවීමයි.

සමහර ආහාර වර්ග ඔබේ ලිංගික ශක්තිය වැඩිකරනවා වගේම සමහර ආහාර වර්ග ඔබේ ලිංගික ශක්තිය හීන කරනවා .පහත දැක්වෙන්නේ ඔබේ ලිංගික ශක්තිය වැඩි කරගැනීමට හා ලිංගික ශක්තිය හීන කිරීමට බලපාන ආහාර වර්ග කීපයක්.

ස්ටෝබෙරි
ස්ටෝබෙරි රස කෙසේවෙතත් ඉතා අලංකාර පලතුරක්. ඒවගේම එය විටමින් C වලින් පොහොසත්. විටමින් C සහ ස්ටෝබෙරි වල අඩංගු antioxidants එක්වීමෙන් පිරිමියෙකුගේ ශුක්‍රාණූ ප්‍රමාණය වැඩිකිරීමේ හැකියාවක් පවතින බව පැවසේ.

මධ්‍යසාර
සාමාන්‍යයෙන් සමාජයේ පවතින පිළිගැනීම තමා මධ්‍යසාර භාවිතයෙන් ලිංගික ශක්තිය හා ආශාව වැඩිවන බව. නමුත් එය සත්‍යක් නොවේ. මධ්‍යසාර භාවිතයෙන් ඔබට නිදහස් බවක් සහ දොඩමළුවීමේ හැකියාවක් ඇතිවිය හැකියි. නමුත් මත්පැන් ඔබේ ලිංගික ජීවිතය සඳහා කිසිඳු පිටු බලයක් සපයන්නේ නැත. මත්පැන් අධික ලෙස බාවිත කිරීමෙන් ලිංගික ආසාවන් නැතිවීම, සංවේදීතාවය හීනවීම හා අනාරක්ෂිත ලිංගික එක්වීම් සඳහා යොමු වීමේ හැකියාවක් පවතියි.

අලිගැටපේර

අලිගැටපේර වල අඩංගු පොටෑසියම්, antioxidants ප්‍රබේද හා විටමින් B6 හදවත ආශ්‍රිත රෝග මැඩපැවැත්වීමට හා රුධිර සංසරණය ශක්තිමත් වීම සඳහා සහය වේ . රුධිර සංසරණ පද්ධතිය නිරෝගිමත් කරන ඕනෑම දෙයක් ලිංගික ශක්තිය වැඩිකිරීම සඳහා ඉවහල්වේ.

ආමන්ඩ්
ආමන්ඩ් සින්ක්, සෙලිනියම් හා විටමින් E වලින් පොහොසත්ය. සෙලිනියම් වඳ බවය ආශ්‍රිත තත්ත්වයන්ට ඉතා හොඳ බව සැලකේ. ඒවගේම විටමින් E හදවත නිරෝගීතාවයට බලපායි. සින්ක් වලින් ලැබෙන වාසිය වන්නේ පිරිමින්ගේ ලිංගික හෝමෝන් වර්ග වර්ධනය කිරීමේ හැකියාවක් සහ ලිංගික ආශාව වැඩිකිරීමේ හැකියාවක් පැවතීමයි.

සාමාන්‍යයෙන් හොඳ රුධිර සැපයුමක් පැවතීම ඔබේ ලිංගික අවයවයන් සඳහා අත්‍යවශ්‍ය දෙයකි. හොඳ රුධිර සැපයුමක් ලබාගත හැක්කේ මේදය මගිනි. මේ සඳහා ශරීරයට අහිතකර නොවන මේදයක් ලෙස ඔමේගා 3 හැඳින්විය හැකිය. ඔමේගා 3 මේදය පහසුවෙන්ම ලබාගත හැකි ක්‍රමයක් වන්නේ අම්න්ඩ් ආහාරයට ගැනීමයි.

බදින ලද ගවමස්
මස් ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් සහ සින්ක් ලැබෙනවා සේම අධික මස් අනුබව කිරීමෙන් රුධිරයේ සීනි, කොලොස්ටරෝල් , හදවත් රෝග, අධි රුධිර පීඩනය යන රෝගයන්ද ඇතිවේ. මෙවැනි රෝග මගින් රුධිර ප්‍රචාරණ කරයුතු වලට බලපෑම් ඇතිවීම හරහා ලිංගික කටයුතුවලටද බලපෑමක් සිදු කරයි.

බතල
බතල යනු අපේ රටේ සුලබ අලවර්ගයක්. නමුත් බොහෝදෙනෙක් මෙහි ඇති පෝෂ්‍යදායි බව පිළිබඳ අවබෝධයක් නැත. බතල වල අඩංගු පොටෑසියම් සංයුතිය නිසා එයට අධි රුධිර පීඩනයට විරුද්ධව සටන් කිරීමේ හැකියවක් පවතියි. එසේම එහි අඩංගු බීටා කැරොටින් වඳබාවය නැති කිරීමට උදව් වන බව පැවසේ.

තල
අපි මින් පෙරත් සින්ක් නිරෝගී ලිංගික ජීවිතයකට උදව් වන බව සඳහන් කරා. එය ලිංගික කටයුතු සඳහා බලපාන හෝමෝනයක් වන ටෙස්ටොස්ටරෝන් නිපදවීමට හා ශුක්‍රානු වර්ධනයට ඉවහල් වේ. සින්ක් පෝෂකය පහසුවෙන්ම ලබාගත හැකි ක්‍රමයක් ලෙස තල හැඳින්වේ.

කොමඩු
ශරීරිය සිසිල් කරන සහ කැලරි අඩු ප්‍රමාණයක් අඩංගු පලතුරක් ලෙස කොමඩු හැදින්විය හැකිය. නමුත් 2008 වර්ෂයේ සිදුකල අධ්‍යනයකට අනුව හෙළිව ඇත්තේ මෙහි අඩංගු මෙහි අඩංගු lycopene, citrulline සහ beta-carotene හේතුවෙන් කොමඩු ලිංගික ශක්තිය වැඩි කිරීම සඳහා ඉවහල් වන පලතුරක් බවයි.

තෙල් සහිත ආහාර
අධික තෙල් සහිත සහ ක්ෂණික ආහාර නිසා ඇතිවන ප්‍රතිවිපාක බහුල වේ. ඒ අතරින් බැදපු අල පෙති ගැහැණු සහ පිරිමි දෙපක්ෂයේම ලිංගික ශක්තිය හීන කිරීමට හා රෝග සඳහා බලපාන බව පැවසේ.
 
Jun 6, 2014
227
8
0
බඩු ගහන්න ඔීනිනම් මේ කැද හදල බීපන්

01 මුං ඇට 100
02 කැකුලු හාල් 50
03 කව්පි 100
04 සව් හාල් 50
05 රට ඉදි 100
06 පොල් කිරි අවශ්්‍යය පමනට
07 මී පැණි ස්වල්පයක්
08 ලුණු ස්වල්පයක්
09 මුද්දිරප්පලන්

me kendha eka hadala bipan..biwwata passe mata ehema baninnepa genungen guti kaala oon... :rofl::D:D
 

blue_in_rio

Well-known member
  • ගස් ගිනියා;17290396 said:
    බඩු ගහන්න ඔීනිනම් මේ කැද හදල බීපන්

    01 මුං ඇට 100
    02 කැකුලු හාල් 50
    03 කව්පි 100
    04 සව් හාල් 50
    05 රට ඉදි 100
    06 පොල් කිරි අවශ්්‍යය පමනට
    07 මී පැණි ස්වල්පයක්
    08 ලුණු ස්වල්පයක්
    09 මුද්දිරප්පලන්

    me kendha eka hadala bipan..biwwata passe mata ehema baninnepa genungen guti kaala oon... :rofl::D:D

    :P:P;);)