සුපිරි ගෙවල්

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    පෘතුගාලයේ මොසැන්තෝ ගම්මානය බලන්නට වටිනම තැනකි.මෙහි නිවෙස් බොහෝමයක වහල, බිත්ති වී තිබෙන්නේ විශාල පාෂාණයන්ය.

    ඇතැම් නිවාස පාෂාණ වලට මැදිව, පාෂාණ යට, පාෂාණ වලට පසෙකින් පිහිටයි. එම නිවාස වල කොටසක් හෝ දැවයෙන් හා සිමෙන්ති යොදා තනා තිබෙතත් තවත් නිවාස සම්පූර්ණයෙන්ම නිම වී තිබෙන්නේ තනි පාෂාණයෙන්ය.

    මොසැන්තෝ හි අතීතය 16 වැනි සියවස දක්වා දිව යන්නකි. එදවස තිබුණු නිවාස අද දක්වාම පවතී.

    ගම්මානයේ 800 දෙනෙක් පමණ වාසය කරති.නවීන පහසුකම්වලින් පිරි නිවාස තිබුණත් ගම්මානයේ පිහිටීම නිසා ඔවුනට රථ වාහන භාවිතය අපහසුය. ඒවායේ තැන හිමිව ඇත්තේ බූරුවන්ටය.


    1415100548194_wps_23_MONSANTO_PORTUGAL_A_bould.jpg


    1415100517785_wps_20_MONSANTO_PORTUGAL_A_bould.jpg


    1415099003776_wps_15_MONSANTO_PORTUGAL_A_gener.jpg


    1415098942482_wps_12_MONSANTO_PORTUGAL_A_home_.jpg


    1415098889154_wps_9_MONSANTO_PORTUGAL_A_view_.jpg


    1415098769785_wps_3_MONSANTO_PORTUGAL_The_tow.jpg


    1415100651250_wps_27_MONSANTO_PORTUGAL_Early_s.jpg