සුපිරි ජාත්‍යන්තර අවන්හල් ජාල 8 ක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සුපිරි ජාත්‍යන්තර අවන්හල් ජාල 8 ක්

    ජාත්‍යන්තර අවන්හල් ජාල කියලා කියනකොට පොඩ්ඩක් කොයිල් වගේද? එහෙනං කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, බ්‍රෙඩ් ටෝක්, බර්ගර් කින්ග්, මැන්හැට්න් ‍ෆිෂ් මාකට් වගේ කියලා කියනකොට තේරෙනවද? ආන්න ඒවට තමයි ජාත්‍යන්තර අවන්හල් ජාල කියන්නේ. ඒ කියන්නේ ලෝකේ රටවල් ගණනාවක පැතිරිලා තියෙන, ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ රෙස්‍ටුරන්ට්ස්.

    දැන් ලංකාවේ ඔය වගේ ඉන්ටර්නැෂනල් චේන් රෙස්‍ටුරන්ට් ඕන තරමට තියෙනවා. හැබැයි විශේෂයෙන්ම කොළඹ නගරය දිහා බලනකොට පේන දෙයක් තමයි මේ රෙස්‍ටුරන්ට් කීයක් තිබුණත් මදිවෙන්නේ නැහැය කියන එක. ඒ කියන්නේ ඒ තරමට පොඩි පොඩි රෙස්‍ටුරන්ට් පවා කොළඹ දවස්පතා විවෘත වෙනවා. ඉතින් අපි මේ හොයලා බලන්න හදන්නේ ලංකාවට අනාගතේදී එන්න පුලුවන්, ලෝකේ පුරා ජනප්‍රිය වුණු ජාත්‍යන්තර අවන්හල් ජාලයන් කීපයක් ගැන තමයි.



    1. Café coffee day

    Restaurant Chains not yet in SL
    Source – yosuccess.com, wikipedia.org, foodeebuddee.com
    ඔය හින්දි ‍ෆිල්ම් බලනකොට එහෙම ඇහෙනවා නේද කැෆේ කොෆී ඩේ කියලා නමක් ගැන? ඒක කෝපි බොන්න වෙන් කරපු දවසක් නෙවෙයි, ඉන්දියාවේ තියෙන කෝපි බොන ස්පොට් බ්‍රෑන්ඩ් එකක්. ඒ කිව්වේ කොෆී ලෝන්ජ් ජාලයක්. ඉතින් එක්ටා එක්ක අරක ලංකාවට එනවා, මේක ලංකාවට එනවා කියලා කෑ ගහ ගහ ඉන්න වෙලාවේ කාටවත් හිතුණද කැෆේ කොෆී ඩේ ජාලයේ එක කඩයක් හරි දෙකක් හරි වුනත් ලංකාවේත් විවෘත වෙන්න පුලුවන් කියලා? ලංකාවේ තියෙන කෝපි ජොයින්ට් ප්‍රමාණයත් එක්ක බලනකොට වෙන්න බැරි නෑ. වුනාට පාඩුවකුත් නෑ.



    2. Cold Stones Ice Cream

    Restaurant Chains not yet in SL
    Source – thefoodnomads.com, coldstonecreamery.com
    ලංකාවේ තියෙන අයිස්ක්‍රීම් පොට් ගැන අපි කියලා තියෙනවනේ. හැබැයි තව අයිස්ක්‍රීම් පාලර් කීයක් ඇරියත් පාඩුවකුත් නෑ. විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් අයිස්ක්‍රීම් පාලර් චේන් එකක්. මේ කෝල්ඩ් ස්ටෝන් ක්‍රීමරි අයිස් ක්‍රීම් කියන්නේ ජාත්‍යන්තරේ දිනපු නමක්. මේ අය ගාව කේක්, බීම ජාති, යෝගට්, සෝබර්ට් එහෙමත් තියෙනවා. හැබැයි මේ කට්ටියගේ තියෙන ‘බර්ත්ඩේ රිමික්ස්’, ‘බ්‍රවුනී අයිස් ක්‍රීම්’, ‘චොකලට් ෆජ් අයිස් ක්‍රීම්’, ‘රේන්බෝ ස්ප්‍රින්ක්ල්ස්’ වගේ නම්වලින් තියෙන සිග්නේචර් අයිස්ක්‍රීම් වර්ග ගැන ඇහෙනකොට හිතෙන්නේ ඇයි ඕයි තාම ආවෙ නැත්තෙ කියල ඊමේල් එකක් යවන්න තමා!



    3. Shake Shack

    Restaurant Chains not yet in SL
    Source – shakeshack.com, momentocarpi.com, colorado.ourcommunitynow.com
    නිව්යෝර්ක් වලින් පටන් ගත්තු ෆාස්ට් ෆුඩ් රෙස්‍ටුරන්ට් චේන් එකක් තමයි ශේක් ශැක් කියන්නේ. නම නිකම් පොඩි ඇමරිකන් ගතියක් තිබුණත්, ඇමරිකන් තාලෙට හොට් ඩෝග් එකක්, බර්ගර් එකක් කන්න කැමති කෙනෙක්ට ශේක් ශැක් කියන්නේ බොහොම ආකර්ෂණීය විකල්පයක්. දැන් අහන්න එපා ලංකාවේ මෙච්චර බර්ගර් කඩ තියෙනකොට ශේක් ශැක් එකක් මොකටද කියලා. දැන් බර්ගර් ජොයින්ට් කීයක් තිබුණත් ඇති වෙලා තියෙනවද, නෑනේ!

    අනිවා Delicious Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address


    Subscribe


    4. Toast Box

    Restaurant Chains not yet in SL
    Source – oxceltrading.com, marinabaysands.com, i-design.com.sg
    දැන් 60 දශකයේ, 70 දශකයේ තිබුණු කෝපි කඩේක ආතල් එක ප්‍රතිනිර්මාණය කරන්න එක ප්‍රමාණයකට සමත් වුණු චේන් එකක් කියලා හඳුන්වන්න පුලුවන් ටෝස්ට් බොක්ස් කියන්නේ. විශේෂයෙන්ම උදේ කෑම එක්ක කෝපි එකකුත් බොන කල්චර් එක ආයෙමත් ඇති කරන්න උත්සාහ කරපු මේ සිංගප්පූරු චේන් රෙස්‍ටුරන්ට් එකත් සෑහෙන පැතිරිලා තියෙනවා. මේකේ අයිතිය තියෙන්නෙත් බ්‍රෙඩ් ටෝක් කට්ටියටම තමයි. ඉතින් බ්‍රෙඩ් ටෝක් එකත් ලංකාවට ආපු එකේ ටෝස්ට් බොක්ස් එකත් ඉස්සරහදී එන්න ඉඩක් තියෙනවා.



    5. The Cheesecake Factory

    Restaurant Chains not yet in SL
    Source – phonebooky.com, arabiczeal.com,
    චීස් කේක් කිව්වහම ඉතින් චීස් කේක් කෑල්ලක් ජීවිතේ එක පාරක් හරි රහ බලලා තියෙන ඩයල් එකකගේ මූණ කෙලින්ම බල්බ් දැම්මා වගේ පත්තු වෙන්නේ. කොහොම වුනත් චීස් කේක් ෆැක්ටරි කියන ඇමරිකන් චේන් බ්‍රෑන්ඩ් එක ලංකාවට එනවට, වෙනස් රහකට කෑම ටිකක් කන්න කැමති අය නම් උඩින්ම ආස වෙයි. මෙතන නම චීස් කේක් ෆැක්ටරි කිව්වට ඉතින් චිකන් ඩිෂ්, පැස්ටා ඩිෂ් වල ඉඳන් සෑහෙන්න දිග මෙනු එකක් තියෙනවා. චීස් කේක් කියන්නේ ඩෙසර්ට් මෙනු එකේ එක කොටසක් විතරයි. හැබැයි චීස් කේක් ආස කට්ටිය මූණ නරක් කරගන්න ඕන නෑ. මෙතන චීස් කේක් රේන්ජ් එකම දහපහළොවක් තියෙනවා. ඒ නිසා පාඩුවක් නෑ.



    6. Taco Bell

    Restaurant Chains not yet in SL
    Source – buyvia.com, insiderlouisville.com, craveonline.com
    තව කැලිෆෝනියාවෙන් පටන් ගත්තු ඇමරිකාවේ සෑහෙන්න ජනප්‍රිය ෆාස්ට් ෆුඩ් චේන් එකක් තමයි ටාකෝ බෙල් කියන්නේ. මේ කට්ටිය විකුණන්නේ “ටෙක්ස්-මෙක්ස්” කියලා හඳුන්වන, ටෙක්සාස් ප්‍රාන්තය පැත්තේ සහ මෙක්සිකෝව පැත්තේ ජනප්‍රිය කෑම තමයි. ඒ කියන්නේ ටාකෝස්, බරී‍තෝස්, ක්වෙසඩිල්ලාස්, නාචෝස් වගේ කෑම. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ ලංකාවේ හැමෝටම මේ කෑම අල්ලයිද කියලා. මොකද අපේ යාලුවෙක් දවසක් ටාකෝ එකක් කාලා ඇවිත් කිව්වා මෙලෝ රහක් නෑ, බලු දිවක් කෑවා වගේ කියලා. හැබැයි ඉතින් මේ ඉන්ටර්නැෂනල් කෑම වලට ආස ලොකු සෙට් එකකුත් ලංකාවේ ඉන්නවා කියලා අමතක කරන්න බෑනේ.



    7. Dunkin Donuts

    Restaurant Chains not yet in SL
    Source – wikipedia.org, flydenver.com, bizjournals.com
    ලංකාවේ කොහෙද ඩෝනට් ගන්න තියෙන්නේ? ඕන පේස්ට්‍රි ෂොප් එකකින් ඩෝනට් ගන්න තියෙනවා. හැබැයි අර නියම විදියට හදපු පික්සු හැදෙන ඩෝනට්ස් ලංකාවේ තියෙන්නේ තැනක දෙකක විතරයි. එහෙම තියෙනකොට ඩන්කින් ඩෝනට් වගේ ඉන්ටර්නැෂනල් චේන් එකක් ලංකාවට ආවොත් ඒක බොහොම හොඳ අත්දැකීමක් වෙයි ගොඩක් දෙනෙකුට. හැබැයි මෙතන තියෙන්නේත් ඩෝනට් විතරක් නෙවෙයි. සම්පූර්ණ බේකරි අයිටම් රේන්ජ් එකක්, ෆාස්ට් ෆුඩ් වගේම බීම ජාතිත් ඩන්කින් ඩෝනට්ස් රෙස්‍ටුරන්ට් වල තියෙනවා. හැබැයි මේ අයගේ ඩෝනට්ස් රේන්ජ් එකට ගහන්න වෙන තැන් හොයාගන්නත් ලැබෙන එකක් නැහැ, මේ කට්ටිය මෙහේ ආවොත් එහෙම.



    8. Marco’s Pizza

    Restaurant Chains not yet in SL
    Source – bahamasfinder.com, restaurantnews.com, marcosfranchising.com
    ඉස්සර ලංකාවේ පීසා කිව්වොත් පීසා හට් විතරයි. දැනුත් ගොඩක් අය ලංකාවේ පීසා කියලා දන්නේ පීසා හට් නැත්තං ඩොමිනෝස් විතරයි ඉතිං. හැබැයි කොළඹ තියෙනවා දැන් නියමෙට පීට්සා හදන තැන් කීපයක්ම. ඒත් ඉන්ටර්නැෂනල් පීසා චේන් එකක පොට් එකක් කොළඹට ආවත් පාඩුවක් නෑ. ඇමරිකන්-ඉතාලි පීට්සා හදන මාර්කෝගේ පීසා කඩේ ජාත්‍යන්තරේට ගිහින් තියෙන විදියට ඉතින් කවදාහරි මාර්කෝ පීට්සා අරගෙන ලංකාවට එන්නත් බැරි නෑ!


    Uputa ganeemaki
     
    • Like
    Reactions: Thor2014

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Taco Bell ekak nan lagadi danawa neda? Mama dakka kphe hari vacancy wagayak advertise karala tiyenawa.