සුපිරි නිරූපිකාවක වූ පාන් වෙළෙන්ඳිය

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    සුපිරි නිරූපිකාවක වූ පාන් වෙළෙන්ඳිය

    සුපිරි නිරූපිකාවක වූ පාන් වෙළෙන්ඳිය

    අහඹු සිදුවීම්වලට මුහුණදෙන දුප්පත් අහිංසක යුවතියන්ගේ ඉරණම සැණින් වෙනස් වන ආකාරයේ සුරංගනා කතාන්දර අපි කුඩා කල අසා ඇත්තෙමු. නමුත් එවැනි චරිත අප ජීවත්වන සමාජයෙන් හමුවන්නේ ඉතා ස්වල්ප වශයෙනි.
    අන්තර් ජාතික නමගිය ඡායාරූප ශිල්පියෙකු වන බෙලෝ විසින් තම කැමරාවේ සටහන් කරගනු ලැබූ රැප් ගායක ටිනී ටෙම්ප් ගේ ඡායාරූපයක් හේතුවෙන් දුප්පත් පාන් වෙළෙන්ඳියකගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වූ සුරංගනා කතාවක් වැනි කතාවක් පසුගිය දිනක විදෙස් මාධ්ය රැසකින් වාර්තා කර තිබුණි.

    olajumoke1.jpg

    මෙලෙස අහම්බෙන් වාසනාව පෑදී ඇත්තේ නයිජීරියානු ජාතික 27 හැවිරිදි ඔලාජුමොකේ ඔරිසගුනා (Olajumoke Orisaguna) නමැති සුපිරි නිරූපිකාවටයි.

    ටිනී ටෙම්ප්ව ඡායාරූපයට හසුකරගන්නා අවස්ථාවේ ලාගෝස් නුවර වීදි ඔස්සේ පාන් වට්ටියක් හිසමත තබාගෙන වෙළෙඳාමේ යමින් සිටි තරුණියක අහඹු ලෙස ඡායාරූපයට හසුවී ඇති ආකාරය බෙලෝ දැක ඇති අතර, එම ඡායාරූපයේ තිබුණු අපූර්වත්වය නිසාම ඔහු එය තම සමාජ ජාල ගිණුමක පළකර තිබේ.
    එම තරුණිය තුළින් දිස්වූ සුන්දරත්වය නිසාම බොහෝදෙනා සිතා ඇත්තේ බෙලෝ විසින් හිතාමතාම නිරූපිකාවක එම ජායාරූපය ලබා ගැනීමේදී ටිනීගේ ජායාරූපය ලබාගත් පසුතලයට එක්කරන්නට ඇති බවයි.

    olajumoke-agege-bread-seller.jpg

    මේ නිසාම බොහෝදෙනා බෙලෝගෙන් ඡායාරූපයේ සිටින නිරූපිකාව කවුරුන්දැයි විමසා ඇති අතර, එයට පිළිතුරු දෙමින් බෙලෝ සටහන් කර තිබුණේ ඇය නිරූපිකාවක වීමට සුදුසුම තැනැත්තියක බවත් ඇයට ඒ වෙනුවෙන් අතදීමට ඉදිරිපත් වන ලෙසත්ය.
    ඉන්පසුව ඇයව සොයා ආ නිරූපණ ශිල්පීන්ගේ ඒජන්සි හිමිකරුවන් ඇයව නිරූපණ ක්ෂේත්රයට එක්කර ගෙන ඇති අතර, දැන් ඇය මුළු ලෝකයේම අවධානය දිනාගත් තැනැත්තියක බවට පත්වී හමාරය.
    පසුගිය දිනක ඇය CNN පුවත් සේවය හා එක්ව පවසා තිබුණේ තමන් කිසි දිනක මෙවන් දෙයක් තම ජීවිතයේ සිදුවේ යැයි හීනයකින්වත් නොසිතූ බවයි.
    තමා නිරූපිකාවක ලෙස කටයුතු කරනු රූපවාහිනිය ඔස්සේ දැක සිය යෙහෙළියන් වඩාත් සතුටට පත්වූ අතර, තම සාර්ථකත්වය දැක දෙමාපියන්ද අප්රමාණව සතුටට පත්වූ බවත් ඇය පවසා සිටියාය.
    දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක වන ඔරිසගුණා මෙතෙක් කළ පාන් වෙළෙඳාම සිය සැමියාට බාරදී මෝස්තර නිරූපණයෙන් උපයන මුදල් දරු දෙදෙනාගේ අනාගත අධ්යාපනය වෙනුවෙන් ඉතිරි කරන බවද වැඩිදුරටත් මාධ්ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණි.


    1-1.png


    Olajumoke.jpg


    JUMMY3.jpg


    Jumoke3.jpg


    Jumoke2.jpg


    Jumoke4.jpg


    Jumoke5.jpg

    නදීශානි පතිරණ විසින් අද පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.
     
    Last edited:
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    :baffled: ඒහැටි ලස්සනක් නෑ නෙ :baffled:

    අප්‍රිකානු අයනේ... අපි බලන්නෙ අපේ ටෙම්ප්ලේට් එකෙන් නිසා අපිට ලස්සනට පෙන්නෙ නැහැ, ඒ වගේම තමයි අප්‍රිකානු අයට අපේ කෙල්ලොත් පේනව ඇත්තෙ ඒ වගේමයි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කිරි පුතා;22228677 said:
    අප්‍රිකානු අයනේ... අපි බලන්නෙ අපේ ටෙම්ප්ලේට් එකෙන් නිසා අපිට ලස්සනට පෙන්නෙ නැහැ, ඒ වගේම තමයි අප්‍රිකානු අයට අපේ කෙල්ලොත් පේනව ඇත්තෙ ඒ වගේමයි...
    ඒක ඇත්ත :yes:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔලාජුමොකක් ඔසරිගුනා කිව්වා!!නම කියවන්න වෙනම කෝස් කරලා එන්න වෙයි!