සුබරැ මෝටර් රථ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සුබරැ මෝටර් රථ



    සුබරැ මෝටර් රථ ඉතිහාසය

    ජපානයේ ප්‍රධාන ප්‍රවාහන සමාගම් සමූහය වන FujiHeavy Industries(FHI) සමාගම ගුවන් යානා පර්යේෂණ සඳහා Chikuhei Nakajima නායකත්වය යටතේ 1915 දී ගුවන් යානා සංවර්ධන සමාගමක් ආරම්භ කලත් වැඩි කල් යන්න කලින් එම සමාගම දෙවන වන ලෝක යුද්ධයේ දී ජපානය සඳහා ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදකයෙක් බවට පත් විය.නමුත් එම අවස්ථාවේ දී සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී වූ Kenji Kita හට සමාගම තවත් ව්‍යාප්ත කර FujiHeavy Industries සමාගම කාර් නිෂ්පාදනය දෙසට යොමු කිරීමට අවශ්‍ය වූ අතර ඒ අනුව P-1 නමින් හැඳින්වෙන එය මෝටර් රථයක් ලෙස සැලසුම් කර තිබුණේ නැත.කෙසේ වෙතත් පළමු මෝටර් රථය නිමවී අවසන් වීමත් සමඟ සමාගම විසින් භාවිතා කල මෝටර් රථ සන්නාමය එතරම් තරම් සිත් ඇ‌දගන්නා සුලු නොවූ බැවින් අවසානයේ දී Kenji Kita විසින් එම මෝටර් රථය සුබරැ ලෙස නම් කර 1954 දී සුබරැ මෝටර් රථ සන්නාමය ස්ථාපිත කර සුබරැ මෝටර් රථ ලෝකයට හඳුන්වා දෙන ලදී.

    වර්ෂ 1958 දී සුබරැ සමාගම විසින තම ඊළඟ මෝටර් රථය ලෙස Subaru 360 සමග මෝටර් රථ නිෂ්පාදකයෙකු ලෙස සමාගමේ උපත සලකුණු කරමින් තම පළමු මහා පරිමාණ කාර් නිෂ්පාදනය ආ‌රම්භ කරමින් කරලියට පැමිණියේය.360cc එන්ජින්මකින් සමන්විත වූ මෙම මෝටර් රථය ප්‍රමාණවත් ත්වරණයක් හා මගීන් සඳහා ඇති තරම් ඉඩකඩ යන දෙකම සපයන ලදී.සැබවින්ම ඒ‌ අනුව කුඩා වාහන සඳහා සම්මත ජපන් මෝටර් රථ හිමිකාරිත්වය තෘප්තිමත් කිරීමට Subaru 360 මගින් ඉඩ පෑදීය.

    ජපානයේ වැඩිවෙන මෝටර් රථ හිමිකාරිත්වය සමග සුබරැ සමාගමට එය විශාල මෝටර් රථ සංවර්ධනයට සම්බන්ධ වීමට ඇති කාලය ලෙස දැනුණේය.ඒකාලයේ මෝටර් රථ වෙළඳපල තුල ප්‍රධාන වශයෙන් රියර් වීල් ඩ්‍රයිව්(RWD)මෝටර් රථ වැඩිපුර තිබුණ අතර සුබරැ තම තරඟකරුවන් සඳහා පියවරක් වශයෙන් ඔවුන්ගේ නව මෝටර් රථ වූ Subaru Sambar සහ Subaru 1000 සඳහා ෆ්‍රන්ට් වීල් ව්‍රයිව්(FWD)තෝරාගත් අතර ඒ‌වා පිළිවෙළින් 1961 දී හා 1965 දී ඉදිරිපත් කරන ලදී.

    1968 දී ජපන් අගමැති Eisaku Sato ගේ පරිපාලනය යටතේ රජය විසින් ජපන් මෝටර් රථ කර්මාන්තයේ ඒකාබද්ධ තරඟකාරිත්වය වැඩි කිරීම සඳහා අරමුණ ඇතිව නියෝග නිකුත් කළේය.ඒ‌ අනුව නිසාන් මෝටර් රථ සමාගම විසින් සුබරැ මෝටර් රථ සමාගමේ 20.5% කොටස් අතපත්කරගැනීමෙන් පාර්ශ්වකරුවන්වූ අතර සුබරැ මෝටර් රථ සමාගමේ පාර්ශව සමාගම වූ FujiHeavy Industries සමාගම සතු බස් රථ නිෂ්පාදන විශේෂඥ හැකියාව සහ භාවිතය එයට හේතුවක් විය.අනෙක් අතට සුබරැ මෝටර් රථ ඔවුන්ගේ මෝටර් රථ අමතර කොටස් සඳහා නිසාන් මෝටර් රථ අමතර කොටස් භාවිතා කරන්නට වූ අතර අද පවා එය සාමාන්‍ය සිරිතක්ව භාවිතා වේ.

    පසුව එම වසරේ දීම සුබරැ මෝටර් රථ එක්සත් ජනපදයේ US Subaru සන්නාමය මත පදනම්ව බෙදාහැරීමේ මධ්‍යස්ථානය Philadelphia හි ස්ථාපිත කරන ලදී. මෙය එක්සත් ජනපද තුල වර්ධනය වන මෝටර් රථ වෙළෙඳපොළ තුල සුබරැ මෝටර් රථ සඳහා බොහෝ අවස්ථා විවෘත කළේය.සුබරැ ඕල් වීල් ඩ්‍රයිව්(AWD)මගින් සමන්විත පොදු මගී මෝටර් රථය වූ Subaru Leone මෝටර් රථ වෙළෙඳපලට නව මෝටර් රථයක් ලෙස හඳුන්වා දෙන ලද අතර ඒ කාලයේ දී AWD යනු විශේෂ දෙයක් විය.

    1976 දී Subaru Canada සමාගම පිහිටුවීම හරහා කැනඩාවේ පළමු සුබරැ නිපදවීම ආ‌රම්භ කර AWD Subaru Leone මෝටර් රථය කැනේඩියානු වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලද පළමු මෝටර් රථය විය.ඒ‌ අනුව AWD වලින් සමන්විත සුබරැ මෝටර් රථ මාලාවක් ද පිළිවෙළින් 1978 හා 1985 දී Subaru Brat හා Subaru Alycone ඇතුලුව හදුන්වාදෙන ලදී.

    1989 දී සුබරැ සහ ඉසුසු මෝටර් රථ සමගම් ඒ‌කාබද්ධව Subaru-Isuzu Automotive Incopretion නමින් මෝටර් රථ නිෂ්පාදන බලාගාරයක් Lafayette,Indiana හි දී පිහිටුවන ලදී.මෙම නිෂ්පාදන බලාගාරය තුල Subaru Legacy හා Isuzu Rodeo රථ මුලින්ම නිෂ්පාදනය කළේය.ඊට වසරකට පසු Subaru Canada Incopretion විසින් Subaru Auto Canada Limited මිළදී ගන්නාලද අතර අවසානයේ දී FujiHeavy Industries මග පෙන්වීම යටතේ කැනඩාව පුරා ක්‍රියාත්මකවන සුබරැ අලෙවි නියෝජිතයන් 100 කට වැඩි සංඛ්‍යවක් බිහි විය.

    1990 දශකයේ දී නව සුබරැ නිෂ්පාදන සමග සුබරැ මෝටර් රථ නිෂ්පාදනය ක්ෂේත්‍රය පුළුල් කෙරුණි.ඒ‌ අනුව 1995 දී නිකුත් කරන ලද Subaru Outback මෝටර් රථය විශේෂ වූ අතර එය ලොව පුරා නව සුබරැ රසිකයන් පිරිසක් බිහිකිරීමට සමත් විය.

    1996 දී සුබරැ සමාගම Columbian Motors Philippines අයිතිය යටතේ පිලිපීනයේ මෙහෙයුම් කටයුතු වලට ඇතුළත් විය.පසුව එය 2000 දී ඉල්ලා අස්කර ගන්නා ලද වුවද එමගින් පිලිපීන වෙළෙඳපලට සුබරැ වෙළඳ නාමය අනාවරණය විය.

    නව සහස්ස්‍රය ආරම්භයේ දී Horizontally-Opposed ඩීසල් එන්ජින් සමග උසස් තත්ත්වයෙන් සහ තාක්ෂණයන් ඉහල ඉන්ටීරීයෝ කැමරා සහිත ඇ‌ඩ්වාන්ස් ඩ්‍රයිව් ඇ‌සිස්ට් පද්ධති හඳුන්වා දුන්නේය.මෙම වර්ධනයේ නව අනුප්‍රාප්තියත් සමඟ ඔවුන්ගේ වාහන ලබා ඇ‌ති ආරක්ෂාවේ දියුණුව ද ලොව පුරා ඉතා සීග්‍රයෙන් සුබරැ මෝටර් රථ ව්‍යාප්තවීමට ඉවහල්විය.

    2012 වන විට සුබරැ මෝටර් රථ සමාගම ලෝව පුරා මෝටර් රථ නිෂ්පාදනයන්ට අනුව 22 වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා විය.නව යුගයක් සඳහා නව නිර්මාණ සමග අඛණ්ඩව කටයුතු කරන අතර සුබරැ මෝටර් රථ සමාගම වසර 64 කට වැඩි කාලයක් පුරා ගෝලීය මෝටර් රථ කර්මාන්තය සඳහා විශ්වසනීය මෝටර් රථ ලබා දීමට කැපවී සිටී.සෑම වසරක දීම සමාගම විසින් නිෂ්පාදනය කර දියත් කරන ප්‍රීමියම් මෝටර් රථ පමණක්ම නොව උසස් ඩ්‍රයිව් ඇ‌සිස්ට් පද්ධති තාක්ෂණය සමග හඳුන්වාදෙන නව Subaru Impreza වැනි වාහන වලින්ම එය මනාව පැහැදිලි වේ.

    විශේෂ තොරතුරැ

    • FujiHeavy Industries සමග අර්ධ රියාකාරී සාමාජිකයෙකු ලෙස ටොයෝටා මෝටර් රථ සමාගම සුබරැ නාමය යටතේ මෝටර් රථ සංවර්ධන හා නිෂ්පාදනයේ යෙදේ.

    • අද සුබරැ විසින් නිෂ්පාදනය කරන සියලුම මෝටර් රථ AWD වර්ගයට අයත් වන ඒ‌වාය.

    • පළමු සුබරැ මෝටර් රථයෙන් මාදිලි(P-1/Subaru 1500)20 ක් පමණක් නිෂ්පාදනය කර ඇ‌ත.

    සමස්තයක් ලෙස සුබාරු ලොව ඉහළම මෝටර් රථ නිෂ්පාදන සමාගම් අතරින් එකක් වන නමුත් අනෙකුත් විශාල ජපන් මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමඟ යම්කිසි හවුල්කාරිත්වයක් පවත්වාගෙය ගියත් ඔවුන්ගේ හිමිකාරීත්වය නොවෙනස්ව පවත්වා ගනිමින් සුබාරු අනන්‍යතාවය දිගටම පවත්වාගෙ යාමට හැකිවී ඇ‌ත.

    ඒ තමයි අද ලෝකයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම් වලින් එකක් බවට වර්ධනය වූ සුබරැ ඉතිහාසය ආ‌රම්භ වූ ආ‌කාරය.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    29/09/2019
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    bump

    මගෙත් තියෙන්නේ subaru Leone එකක්. නියම වාහනේ.සැප පහසුයි ඉඩ තියෙනව ඒවගේම නියම පිකප් එකක් වගේම හොද කොන්ට්‍රෝල් එකක් තියෙනව.පරණ වහනයක් උනාට නියමයි. ඕනෑම වහනයක් එක්ක රේස් යන්න පුළුවන් :yes::yes::yes:
     
    Last edited: